part 4

141 27 0
                                    

"ඒ ගන් ඔයාට කොහෙන්ද මෙච්චර ලොකු ටී ශර්ට්"

ටේ ගන්ගෙන් ඇහුවා.

"ආහ් මං ආසයි oversized ඇදුන් අදින්න ඒකයි .හරි හරි දැං ලෑස්ති වෙන්නකෝ."

කට්ටිය එදා කොහොම හරි වෙලාවට ලෙක්චර්ස් වලට ගියා.
හැමෝම ගොඩාක් ෆන් එකේ එකටම පලවෙනි සෙමෙස්ටර් එක ගෙවලා දැම්මා.පස් දෙනාම ගොඩාක් වෙලාවට හිටියේ එකටමයි.අතරින් පතර ක්ලෙයායි ජීනුයි දෙන්නත් එකතු උනා.

"ඉතිං දැං කට්ටියගෙම exam ඉවරයි නේද"

මයික් ඇහුවා.හැමෝම කිවුවා එයාලගේ exam ඉවරයි කියලා.

"එහෙනම් මං මේ මරු අදහසක් කියන්නයි යන්නේ.මේක ටේගෙයි මගෙයි අදහසක්."

"තටමන්නේ නැතුව කියහංකෝ බං"..

චිමොන් කිවුවා.

"ඉවසපං ගෙවලයෝ .අනේ මන්දා මූත්"

"මම කියන්නම් අපි ඔක්කොම බීච් යමු "

ටේ මයික්ට කලිං ඒක කිවුවා.

"වාවු ඒක මරු අදහස මම එකෙන්ම කැමතී.කොහොමත් නිවාඩු දවස්නේ අපි යමු"

ගන් එක පයින්ම කැමති උනා.

"මාත් කැමතී."

ඕෆුත් කැමති උනා.ඉතුරු අයත් හැමෝම කැමති උනා.

"එතකොට අපි හත් දෙනයිනේ කාර් දෙකක යනවද? නැත්තං ඔක්කොම van එකක් අරගෙන එකේම යනවද?"

මයික් ඇහුවා.

"මම නම් කියන්නේ ඔක්කොම van එකක් යමු.ඒක හොදයි"

චිමොන් කිවුවා.

"ඒත් බේබ් මට එන්න වෙන්නේ නෑ යන්න ඔයාලා ගිහිං එන්න අවුලක් නෑ."

ක්ලෙයා කිවුවා.චිමොන් ක්ලෙයායි පැත්තකට ගියා ඒක ගැන කතා කරන්න.

"එහෙනම් මගේ වාහනේ යමු අපි ඔක්කොමට යන්න ඒකේ ඉඩ ඇති"

ටේ කිවුවේ එයා ගාව ගෙදර van එකක් තියන නිසා.

"ආහ් ඔව් ඒක හොදයි එහෙනම් එහෙම කරමු.දැන් මෙතන ඉන්න ඔක්කොම එනවනේ.ජීන් එනවනේ."

"ම්ම් මට බෑ ක්ලෙයාත් නෑනේ මටත් බෑ වගේ ඔයාලා ගිහිං එන්න.අනික මට හැන්සම් කොලුවෙක් එක්ක date එකකුත් තියනවා."

NOT THAT FANTASY Where stories live. Discover now