මම වෝටර් බොට්ල් එක අරගෙන උගුරු දෙක තුනක් බීලා ජන්ග්කූක්ටත් ටිකක් පෙව්වේ ඉස්සර තිබුන පුරුදු ගැන මටම හිනාවෙන ගමන්. ජන්ග්කූක් ඉස්සර වගේම බෝතලේට කට තියාගෙන බොනකොට මම ජන්ග්කූක්ගේ ඔලුව අත ගෑවේ ආසාවට වුනත් ජන්ග්කූක් එයාගේ වැඩේ නතර කරලා මගේ අත හැපුවා.

" හ්යුන්ග් ගාව තමයි මම අද රෑ ඉඳලා නිදියන්නේ "

" තව ටික දවසක් යද්දී මගේ ක්ලෝසෙට් එකත් මට නැතිවෙනවා කියලා මම දන්නවා කුක් "

මම ජන්ග්කූක් එක්ක හයියෙන් හිනාවෙලා ආයෙත් වටේ පිටේ දේවල් බලන්න ගත්තේ මට මගේ මදර් කන්ට්‍රි එක හුඟක් මිස් වුන නිසා.

පැයක් විතර මම වට පිට බලලා ඇති වෙලා ඉවර වෙලා ජන්ග්කූක්ගේ පවුලේ විස්තර කතා කරන්න ගත්තේ බා්රා ⁣ගැන අහන්න.

" කුක් බෝ- "

" හ්යුන්ග් බෝරා ගැන ම් කතා කරන්නේ එයා අපිව අත ඇරලා ගියා. මාව කෙසේ වෙතත් අර පොඩි දරුවව ඉපදුන දවසේම අත ඇරලා ගියා හ්යුන්ග්. "

" ඕ- "

මට ජන්ග්කූක් කියපු දේ හිතාගන්න බැරි වුනත් මට හිතුනා එයා ඒ වගේ ගෑණු ළමයෙක් කියලා. පපා ප්‍රපෝසල් එක අරන් එනකොටත් ඒ ⁣ගෑණු ළමයා ජන්ග්කූක්ට කරදරයක් වෙලා තියෙනකොට පපා බිස්නස් වලටයි පපාගේ කම්පනීස් වලටයි මුලු ලෝකේම එයාලාගේ බ්‍රාන්ච් දාන්න පුලුවන් වෙන්නයි ප්‍රසිද්ධිය ගන්නයි එයාගේ නම්බුව රැකගන්නයි කියලා ජන්ග්කූක්ගේ ජීවිතේ බිල්ලට දෙනකොට මට හිතුනේ එකම එක දෙයයි.

බෝරා රෑට රෑට ක්ලබ් ගානේ ගිහින් එක එක පිරිමි එක්ක නරක විදිහට හැසිරෙන ⁣ගෑණු ළමයෙක් විදිහට යුනිවර්සිටි එකේ ලොකු ප්‍රසිද්ධියක් අරන් හිටිය කෙනෙක් වුනත් එයාගේ ඩෑඩ් යුරෝප් එක්ස්පෝර්ට් කම්පනි එකේ චෙයාපර්සන් කෙනෙක් කියලා කවදාවත් එයාගෙන් හිතාගන්න පුලුවන් වුනේ නෑ.

සිගරට් බිබී, ඇල්කොහොල් පාවිච්චි කර කර එයා හැසිරෙන විදිහට කිසිම පිරිමි ළමයෙක් තියා ගෑණු ලමයෙක්වත් එයාගේ යාලුවෙක් වෙලා හිටියේ නෑ.

ඒ කාලෙදී ජන්ග්කූක් යුනිවර්සිටි එකේ එයාගේ වැඩ හොඳට කරගෙන හොඳ නම්බුවක් තියාගෙන හිටිය පිරිමි ළමයෙක් විදිහට ඉන්නකොට බෝරා ටික කාලයක් ජන්ග්කූක්ගේ පස්සෙන් ආවත් ඒක චේචර දුර දිග යයි කියලා මම කිසිම දවසක හිතුවේ නෑ.

මුලු යුනිවර්සිටි එකම දැනගෙන හිටිය බෝරාගේ හිස්ට්‍රි එක පපා දැනගෙන හිටියේ නෑ කියනකොට මට අදහාගන්න බැරි වුනත් පපා සල්ලි වෙ⁣නුවෙන් මමාවත් දවසක විකුණන්න වුනොත් දෙපාරක් නොහිතා ⁣වුකුණාවි කියලා මගේ හිත එදා මට කිව්වා.

- ජන්ග්කූක් කවදාවත් මෙයාට ආදරේ කරන්නේ නෑ.

ඒත් පපා ජන්ග්කූක් කියන දේ අහන්නේ නැතුව ජන්ග්කූක්ට බෝරාව බලෙන්ම මැරි කරවලා දෙන්න හදනකොට එන්ගේජ්මන්ට් එකට දින දාගත්ත දවසේ ඉඳලාම ජන්ග්කූක් මමා ගාව, මගේ ගාව කඳුළු පෙර පෙර වරු ගනන් අඬලා තිබුනා. අන්තිමට ජන්ග්කූක් මමාට වත් මට වත් එයාගේ මැරේජ් එක කෑන්සල් කරන්න කිසිම දෙයක් කරන්න බෑ කියලා තේරුම් ගත්තාම ජන්ග්කූක්  පපා ගාවටම ගිහින් පපාගේ කකුල් දෙක අල්ලගෙන ඇඬුවත් පපා කැමති වුනේ නෑ ඒ මැරේජ් එක කෑන්සල් කරන්න.

අන්තිමට ජන්ග්කූක් ස්ට්‍රෙස් එක නිසා සමහර දවස් වලට කෑම ගන්නේ නැතුව ෆේන්ට් වෙද්දීවත් පපාගේ හිත උණු වෙයි කියලා හිතුවාට පපා අන්තිමට ජන්ග්කූක්ගේ කනට ගහපු දවසේ මම පපා වනුවෙන් මගේ හිතේ තිබුණ අන්තිම ගෞරවෙත් බින්දුවටම නැති වෙලා ගියා. වෙඩින්ග් එක ළං වෙනකොට ජන්ග්කූක් සූසයිඩ් කරගනී කියලා මම බයටම ජන්ග්කූක්ව මගේ රූම් එකට ගත්තා.

ඒත් මම සතුටු වෙනවා මගේ කුක් සූසයිඩ් කරගත්තේ නැති එක ගැන.








To be continued...

Zero O' Clock | Jin Centric حيث تعيش القصص. اكتشف الآن