💥 Chapter 15💥

Start from the beginning
                                    

" බබා ඔයා නැගිට්ටද ? "

ජන්කුක් එහෙම අහන ගමන් යේහා ලගට ගිහින් කෙල්ලගෙ ඇද ගාවින් ඉදගත්තා .
ජන්කුක් තමන් ගාවින් ඉදගත්තට පස්සෙ කෙල්ල ජන්කුක්ගෙ අතින් ඇල්ලුවා.

"ඔප්පා "

යේහා එහෙම කියන ගමන් කොල්ලට තවත් ලන් වෙලා කොල්ලව බදාගත්තා.

"සොරි ඔප්පා.මන් හින්දා ඔයාගෙ වැඩෙත් කරගන්න බැරි වුනා.සොරි .ප්ලීස් මාත් එක්ක තරහනම් වෙන්න එපා."

" මේ අහන්නකො යේහා.එතන ඔයාගෙ වරදක් නෑ.මමයි බොරුවට කෑගැහුවෙ ඔයාට.ඔයා නෙමේ මමයි සමාවගන්න ඕනේ.ඔයාට අසනීප වුනෙත් මන් හින්දා.ඔයා ක්ලබ් එක ඇතුලට යන්න ඔච්චර බෑ කියද්දිත් මමයි ඔයාට බල කරේ."

ජන්කුක් එහෙම කියන ගමන් කෙල්ලගෙ කම්මුල් දෙකෙන් අත තියලා කෙල්ලගෙ මූණ උඩට ඉස්සුවෙ තමන්ට හොදට පේන විදිහට.

" දැන්වත් මට කියන්න ඔයා ඔච්චරටම බයවුනේ ඇයි කියලා යේහා.ක්ලබ් එක ඇතුලෙදි මොනාහරි දෙයක් වෙලා තියෙනවද ? "

"මන් පොඩි කාලෙදි.මට විතරක් නෙමේ ඔන්නිටත්.එතකොට ඔන්නියි මායි දෙන්නම ගොඩක් පොඩියි .අපි දෙන්නම අජුම්ම එක්ක පාක් එකට ගියා.අජුම්මා කිව්වෙ යුවීව බලාගත්ත අජුම්ම එක්ක.අපි දෙන්න පාක් එකට ගිය වෙලාවෙ කවුරුහරි අප්පගෙන් සල්ලි ගන්න ඕන හින්දා අපි දෙන්න කිඩ්නැප් කරා.
කිඩ්නැප් කරලා තියන් හිටියෙ ඔය ක්ලබ් එකේමයි .
අපි දෙන්නට තනියෙන් මොනවත් කරගන්න පුලුවන් වයසක නෙමේ අපි දෙන්නම හිටියෙ .ඒ මිනිස්සු ගාව ගන් එහෙමත් තිබ්බා.
මට මතක් විදිහට එතකොට මට අවුරුදු හතක් වගේ.ඒ මිනිස්සු අපිව රූම් එකක දාන් තියන් හිටියෙ.මන් ගොඩක් පොඩි හින්දා එදා ගොඩක් බය වුනා.ඔන්නි මාත් එක්ක නොහිටින්න මොනාවෙයිද දන්නෙ නෑ.
අප්ප එදා අපි දෙන්නව තේරගත්තෙ නැත්තන් සමහරවිට අපි දෙන්නව අද ජීවතුන් අතර නැති වෙන්නත් තිබ්බා.මාව බේරගන්න ගිහින් අප්පා බුලට් එකකුත් වැදුනා.
එදා ඒ වෙච්ච දේවල් තාමත් මට අමතක කරන්න බෑ.කොච්චර ට්‍රයි කරත් තාමත් එහෙමයි.
අප්ප මොන වගේ මනුස්සයෙක් වුනත් එයා හින්දා තමා අද මන් ජීවත් වෙලා ඉන්නෙ.ඒක හින්දා තමා "

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Where stories live. Discover now