💥 Chapter 09💥

227 55 14
                                    


"ඒක වෙන්නෙ කොහොමද ?යුන්ගි ඔයා කොහොමද ? එදා ඇක්සිඩන්ට් එකෙන් හැමෝම මැරුන කියලනේ කිව්වෙ."

"මන් ඒ ඇක්සිඩන් එකෙන් මැරුනෙ නෑ ."

( 1 chapter  වලදි යුන්ගි ජන්කුක්ට කියන දේවල් ටිකම මෙතන කියනවා.ආයෙ ටයිප් කරන්න කම්මැලි වගේ.😁😁😁😁 )

යුන්ගි එහෙම කියන ගමන් ජන්කුක්ගෙ ඔම්මට හැමදේම කියන්න ගත්තා .යුන්ගි ඒ දේවල් කියද්දි ජන්කුක්ගෙ ඔම්මා යුන්ගි දිහා හොදට බලන ගමන් යුන්ගිගෙ කතාව අහන් හිටිය .යුන්ගි කතාව කියල ඉවරවෙද්දි ජන්කුක්ගෙ ඔම්මගෙ ඇස් වලින් කදුලු වැටෙන්නෙ ගත්තා.

"මේ.ඔයාම තමා.කොහෙද මෙච්චර කල් හිටියෙ යුන්ගි .ඇයි මට කතා කරේ නැත්තෙ ? "

"ඒ ඇක්සිඩන් එක වෙන වෙලාවෙ මන් ඔම්මයි අප්පයි එක්ක නෙමේ හිටියෙ.එදා මන් හිටියෙ මින්ජිගෙ ඔම්මයි අප්පයි එක්ක.ඒක නිසායි මම බේරුනේ.ෆියුනරල් එකේ හැම වැඩක්ම වගේ කරේ චෝයි අන්කලුයි ආන්ටියි දෙන්න.එයාල කාටවත් කිව්වෙ නෑ මම ජීවත් වෙනවා කියලා.මොකද කවුරුහරි ඒක දැනගත්තොත් ප්‍රශ්නයක් වෙන හින්දා.ෆියුනරල් එකේ වැඩ ඉවරවුන ගමන්ම එයාල මාවත් එක්කන් ඕස්ට්‍රේලියා ගියා.
පුංචිට වුනත් මම මේ දේවල් කිව්වෙ නැත්තෙ ඒකෙන් පුංචිට ප්‍රශ්නයක් වෙයි කියලා හිතුන නිසා.මොකද පුංචිල වුනත් හිටියෙ මන් මැරුන කියලනේ.
අනික මට හොදටම විශ්වාසයි ඒක ඇක්සිඩන් එකක් නෙමේ කියන එක.ඔම්මා ප්‍රෙග්නන්ට්  වෙලා ඉද්දි අප්පා කොහොමත් කෙයාලස් විදිහට ඩ්‍රයිව් කරන්නෙ නෑ."

" ප්‍රෙග්නන්ට් .ඔන්නි ප්‍රෙග්නන්ට් වෙලා හිටියද ? "

"ඔව් පුංචි.ඒ ඇක්සිඩන් එකෙන් තුන්දෙනෙක් නැති වුනා.ඔම්මයි අප්පයි මගෙ පුංචි නංගියි.අඩුම ගානෙ මගෙ ඩෝල්ට මේ ලෝකෙට එන්නවත් බැරි වුනා."

යුන්ගි එහෙම කියද්දි මෙච්චර වෙලා ඇස් වල හිරකරන් හිටිය කදුලු යුන්ගිගෙ ඇස් වලින් වැටෙන්න ගත්තා .යුන්ගි ලග හිටියෙ ජන්කුක්ගෙ ඔම්මා යුන්ගිව බදාගනිද්දි යුන්ගිත් ජන්කුක්ගෙ ඔම්මව තද කරලා බදාගත්තා .අවුරුදු ගාණකට පස්සෙ යුන්ගිට ඔම්මගෙ උණුහුම ජන්කුක්ගෙ ඔම්මගෙ තුරුලෙන් ලැබුනා.

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Where stories live. Discover now