💥Chapter 07💥

238 49 36
                                    

After six months

දියාගෙයි යුන්ගිගෙයි වෙඩින් එකෙන් පස්සෙ මාස හයක් ගියත් ජන්කුක්ට කේස් එකනම් විසදගන්න බැරි වුනා.කොල්ලව තවත් පැටලුන එක වුනේ.ජන්කුක් මෙච්චර මහන්සි වෙලා හෙව්වෙ යුන්ගිගෙ දෙමව්පියන්ගෙ මරණෙ ගැන.ජන්කුක් ඒ ගැන අඩුම යේහාටවත් කිව්වෙ නෑ.
ජන්කුක් මොකක්හරි කේස් එකක් ගැන වදවෙනවා කියලා තේරුන හැමවෙලේම යේහා ජන්කුක්ගෙන් ඒ ගැන ඇහුවත් කොල්ල ඒ වෙලාවට කරේ වෙන මොකක්හරි කියලා කතාව වෙන පැත්තකට හරවපු එක.

දියාගෙ අප්පගෙන් වුනත් මේ මාස හයට කිසිම ප්‍රශ්නයක් කාටවත් වුනේ නෑ.දියාගෙ වෙඩින් එකෙන් පස්සෙ දියාගෙ අප්පා සෝල් වල හිටියෙ නෑ.දියා වුනත් තමන්ගෙ අප්ප ඉන්න තැන දැනන් හිටියෙ නෑ .කෙල්ල දැනන් හිටිය එකම දේ වුනෙ තමන්ගෙ අප්පා කොරියාවල නෑ කියන එක විතරයි .

දියායි යුන්ගියි දෙන්න ගැන කිව්වොත් ඒ දෙන්නත් කිසි ප්‍රශ්නයක් නැතුව සතුටින් ඉන්නවා.හැබැයි තාම යුන්ගිට දියාව කිස් කරන්න හම්බවුනේ එකපාරයි .ඒකත් වෙඩින් එක වෙලාවෙදි විතරයි .වෙඩින් එකෙන් පස්සෙ යුන්ගිට අඩුම දියාව බදාගන්නවත් චාන්ස් එකක් හම්බවුනේ නෑ .

දියාගෙයි යුන්ගිගෙයි ගෙදරට වෙලා යේහා හිටියෙ යුවීත් එක්ක එකතු වෙලා දියාගෙයි යුන්ගිගෙයි වෙඩින් ෆොටෝස් බල බල.

" දෙන්න දැන් කොච්චර වෙලා ඉදන්ද ඕක බලන්නෙ.කොච්චර බැලුවත් ඔච්චර තමා.වෙන වැඩ නැද්ද දෙන්නටම."

දියා එහෙම කිව්වෙ යුවීගෙයි යේහාගෙයි ඉස්සරහහින් ජුස් ග්ලාස් දෙකක් තියෙන ගමන්.දියා ඒක තියනවත් එක්ක යුවී යේහා දෙන්න්ම දියා කිව්ව දේ ඇහුනෙ නෑ වගේ ජූස් දෙක අරන් බොන්න ගත්තා .
තමන් කියන දේ දෙන්න අහන්නෙමේ ඉන්නෙ කියන එක තේරුන ගමන් දියාට යක්ෂයා ආවේශ වුනා.

"මේ දෙන්නට කියනවට වඩා හොදයි ගෙදර ඉන්න බලුපැටියට කියන එක.ඌ ඔලුව හරි වනයි."

දියා කේන්තියෙන් එහෙම කියද්දි තමා මෙච්චර වෙලා රූම් එකක් ඇතුලට වෙලා හිටිය නිදාගෙන හිටිය යුන්ගි බෙල්ලත් අත ගගා ලිවින් රූම් එකට ආවෙ.යුන්ගි එනවා දැකපු දියා

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Where stories live. Discover now