" එළියට ආවේ ඇයි ? "
තමන්ට ලන් වෙන දිහස්ගෙන් අවීන් ඇහුවේ ඔහු දෙස බලන්න මහන්සි නොවී...

" මට ඔලුව ටිකක් රිදෙනවා. "
දිහස් කිව්වා.

" ඔලුව රිදෙන්නැතුව තියෙයිද අලි බියර් විදුරුවක් බිබී ඉන්න කොට , බේබද්දා.... "

අන්තිම වචනෙත් එක්ක හිස ඔසවලා අවීන් දිහා බැලුවේ දිහස්ට දුක හිතුන නිසයි.

ඒත් පුංචි සතුටක් තිබුනේ අවීන් තමන් දිහා බලන් හිටිය කියලා තෙරුන නිසා.

අවීන් ඉස්සරහින් යනකොට දිහස් හිමින් සැරේ පිටිපස්සෙන් ගියා.

අවින් නතර වුනේ බංකුවක් ළග , එතනින් වාඩි වෙලා අවුන් හුස්මක් පිටකලා. ටිකක් වෙලා හිටන් හිටියත් අවීන් තමන්ට වාඩිවෙන්න ආරාධනා නොකරයි කියලා හිතුන දිහස් ටිකක් තරහින් මූණ රතු කරන් වාඩිවුනා.

" මන් මටම වෛරකරනවා " කියලා මුමුනපු දිහස් සාක්කුවෙන් ගත්තු ලේන්සුවෙන් අවීන්ට නොපෙනෙන්න කදුලු පිහදගත්තා.

හිත රිදිලා තරහ යන හැම මොහොතෙම කියන්නත් කලියෙන් කදුළු එළියට පනින එකට දිහස්ට තමන් ගැනම දුර්වල බවක් දැනුනා.

" තාමත් ඒවගේමයි "
සිගරට් දුමකුත් එක්ක දිහස්ට අවීන්ගේ හඩ ඇහුනා.

යටිතොල සපාගත්තු දිහස් අවීන් දිහා බලන කොට අවීන් ඔහු වෙත සිගරට් එකක් දිගු කලා.

දුම් නොබිව්වත් දිහස් එය අතටගත්තේ තමන් දුර්වල නොවන බව පෙන්වන්න.

එක් අතකින් තොල් අතරට සිගරට්ටුව ලන් කරපු අවීන් අනෙත් අතින් ලයිටරය දිහස්ට දුන්නා.

එක් අතකින් සිගරට් එකත් අනෙක් අට්ජින් ලයිටරෙත් තියන් දිහස් අවීන් දිහා හිස් බැල්මෙන් බලන් හිටියා.

කටකොනින් සිනාවූ අවීන් දිහස් දිහාවට හැරිලා ඔහු අතේ තිබුනු දේවල් තම අතට ගත්තා.

" මවා පාන්න එපා.... ඔයාගේ විදියට ඉන්න " කියලා කිව්ව අවීන් ලයිටරය හා සිගරට් එක කබා සාක්කුවට දමාගත්තා.

" තමන් නොකරන දෙයක් ප්‍රතික්ෂේප කරන්න තරන් දෛරියක් හිතට තියාගන්න. "

අවීන් නැගීසිටියා.
" මොකද , ඔයා ආදරය කරන්නේ පිරිමියෙක්ට , එහෙම කෙනෙක්ට අනිත් අයට වඩා ශක්තිමත්ව ඉන්න ඕන..... අපිට බාදා වැඩී........ " කියා කියමින් අවීන් යන්නට සැරසෙනකොට දිහස් පිටුපසින් අවීන්ව වැළදගත්තා.

" තාම මන් සුදානම් නෑ දිහස් , "

" අපි ආයෙත් මුල ඉදන් පටන් ගමු හරි විදියට...... "
දිහස් අඩනවා.

" හෙට මියුමිව බලන්න යමු.... එතකොට ඔයාට සැනසීමක් දැනෙයි...."
දිහස්ගේ අත් ඈත් කරපු අවීන් යන හැටි දිහස් බලා සිටියා.

..............................................

ලාදුඹුරු පාට කලිසමකට සුදු කමිසයක් ඇදන් දිහස් ඔහුගේ පාසල දිහා බලන් සිටියා.

හැමදේම පටන් ගත්තු තැන මේක කියන එක දිහස්ට මතක් වුනා.

" අපි යන්ද ? "
අවීන්ගේ සද්දෙට ගැස්සුන දිහස් ඉස්සරහා බලනකොට දැක්කේ යතුරු පැදියක් මත ඉන්න අවීන්ව.

" හරි හරි.... යන් "
හයියෙන් ඔලුව හොලවපු දිහස් අවීන් දුන්නු හෙල්මටය හිසට දාගෙන යතුරුපැදියට ගොඩවුනා.

අත්දෙකේ ඇගිලි එකට බැදන් ගුලි කරගත්තු දිහස් අවීන්ගේ උරහිස වටා අත දානවදො නැද්දෝ කියමින් කල්පනා කරන්න වුනා.

" වැටුනොත් වගකියන්නෑ. ඒනිසා මාව අල්ලගන්නවා "
අවීන් කිව්ව පරක්කුවට අවීන්ගේ උරහිස වටා අත් යවා දිහස් අවීන්ව වැලදගත්තේ අවීන්ගේ මුහුණේ හිනාවක් ඇදෙනකොට............

අවුරුදු හතකට ආසන්න කාලයක් පැරණි වුනු කුඩා මැයි ගසක් යටින් තිබෙන මියුමිගේ සොහොන් කොත දිහා බලන් ඉදපු දිහස් සුසුමක් හෙලුවා.

" මම ඒ දවසට වෛර කරනවා. "
දිහස්ගේ කටින් පිටවෙනකොට අවීන් දිහස්ගේ අතින් අල්ලගත්තා.

" මන් හැමදාම එහෙම කලා  "

අවීන්ට අද වගේ තාම මතකයි , මියුමි අම්මා කිව්ව වචන ටික....
























" මියුමි......... මාව දාලා ගිහින් "
..................

මෙතනින් එහා flash back හාද ?

කතාව නිකන් අවුල්ද.....
Kishu :-)

One Day ( BL) (Onhold )Where stories live. Discover now