Part 25 (Happily Ever After)

194 34 58
                                    

ඔප්පා අත් දෙකත් බැඳන් රවාගෙන මන් දිහා බලන් හිටියා.

🖤"මොනාද අර පැතිරිලා තියෙන කටකතා?"

❤"ම්.. මේ.. ඇත්තමයි අනේ එහෙම කිසි දෙයක් මායි යෝන්ජුනුයි අතර නෑ. මන් දන්නෙත් නෑ මොනාද සිද්ද උනේ කියලා. අයිම් සෝ සොරි...!"

වැරැද්දක් කරලත් නැතුව මට‍ ලොකු වරදකාරී හැගීමක් ඇති වුණා. ඒත් මට‍ එහෙම හිතෙන්න අයිතියක් තියෙනවද? මන් දන්නෙවත් නැතුව මගේ කම්මුල දිගේ කඳුළු රූටලා යනවා මට‍ දැනුනා.

🖤"අනේ නෑ නෑ.. අඬන්න නම් එපා.. ප්ලීස්... "

මම සුරුස් හඬින් නහය ඇද්දේ අඬන එක නවත්තන්න හිතාගෙන..

🖤"මම එහෙම මුකුත් හිතාගෙන නෙමෙයි ඇත්තටම ඇහුවේ. මට‍ කියන්න ඕනේ උනේ පරිස්සම් වෙන්න කියලයි. මන් දන්නවා ඔයාලා අතරේ එහෙම දෙයක් නෑ කියලා.. "

එහෙම කියපු ඔප්පා ටික වෙලාවක් මුකුත් නොකියා හිටියා..

🖤"අනිත් එක තමයි.. ඇත්තටම ඔයාලා අතර එහෙම දෙයක් නැත්තම්.."

මන් බලන් ඉද්දීම ඔප්පා හෝ ගාල රතු උනා. ඒක දැක්කම නම් මට‍ හිනා යන්නත් ආවා..

මට‍ පෙනුනේ එයා මොනාහරි කියන්න තටමනවා වගේ.

ඔව් ඔව්.. ඔප්පා කියන්න...

මටත් අහන්න ඕනේ ඒකම තමයි.. කියන්න...

🖤"මාත්ඔයාටකැමතියි.. "

තෙරුම්ගන්නත් අමාරු තරම් වේගෙන් එහෙම කියාගෙන කියපු ඔප්පා ඉස්සරහට දුවගෙන ඇවිල්ලා මාව කරලා බදා ගත්තා.. එක පාරටම කන්ෆියුස් උනත් ටික වෙලාවකින් මාත් එයාව තද කරලා හග්බැක් කළා..

.

.

.

.

.

.

After few months

ඩ්‍රයිව් කරන්නේ අසී.. සෝජූන් ඔප්පත් ඉස්සරහ ශීට් එකේ ඉඳගෙන හොදටම කලබල වෙලා.. එයා විතරද. අපි??

අපි මේ යන්නේ අපේ debut stage එකට. ඒ වෙන කොහෙවත් නෙමෙයි. Bts ලගෙම කොන්සර්ට් එකක මැද තමයි අපි ප්‍රෆෝම් කරන්නේ. අපේ සින්දුව ප්‍රමෝට් කරන්න.. ස්ප්‍රයිස් ප්‍රෆොමන්ස් එකක්.

Pink Hearts (Completed)Where stories live. Discover now