Chapter 20 (ෆෝන් හොරු)

160 30 35
                                    

Yoongi pov

❤"උප්පා..."

ඔන්න ආයෙත්.. මම එයාගේ දිහාවට හැරුනා..

🖤"වේ?"

❤"උප්පා.. අනී.. මට‍ උදව් කලන්නකු.."

දැන් ඔයාලා හිතනවා ඇති මොකද මේ කියලා.. හොදයි අහන්නකො..

එක දවසක් සේයෝන් කියන බෙලෙක්කෙ මල් පොකුරකුත් අරගෙන මාව හොයාගෙන ආවා වෝකල් ප්‍රැක්ටිස් වලට උදව් කරන්න කියලා... මම බිසී නිසා බෑ කිව්වා.. දැන් මෙයාට ඕනේ කොහොමහරි කරලා මගෙන් රැප් කරන්න ඉගෙන ගන්න. දැන් ඉතිං මෙයා පස්සෙන් එනවා එනවා මට‍ බේරුමක් නෑ..

🖤"එකපාරක් බෑ කිව්වනේ. මම බිසී. අනික pd නිම් දැනගත්තොත් මමත් ඉවරයි.. "

❤"අනී උප්පා..."

කටත් උල් කරන් කියද්දී මට‍ හිතුනෙම කට කාලා දාන්න..

ශීට්.. යුන්ගි! මොනාද මේ හිතන්නේ!?

මට‍ ඇත්තටම තරහ ගිහිල්ලා තියෙන්නේ. මේක මාර වදයක් උනානේ. එක පාරක් බෑ කිව්වම ඇයි තවත් පස්සෙන් එන්නේ. මොනා උනත් ජූනියර් නේ කියලා මන් ඉවසුවා.

හොද හුස්මක් අරන් පල්ලෙහාට දාපු මම ආපහු සන්සුන්ව කතා කලා.

🖤"සේයෝන් මේ අහන්න.. මන් දන්නවා ඔයාට ඉගෙන ගන්න ඕනේ කියලා. ඒත් ඒක මෙහෙම නිකන් උගන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයාට ඕනේ නම් වෙනම ට්‍රේන කෙනෙක් ගන්න.."

මන් පුළුවන් තරම් ආදරෙන් එහෙම කියලා හැරිලා එන්න හදනකොටම ආයෙත් එයා මගේ අතින් අල්ලගෙන නවත්තන්න හදන ගමන් කතා කලා.

❤️"ඒත් ඔප්පා.. "

කලින් ඉදන්ම කේන්තියෙන් හිටපු නිසා සේයෝන් මාව නවත්තන්න හදද්දී මගේ කේන්තිය හොදටම වැඩි උනා. මම එයාගේ අත ගසලා දැම්මේ එයා කෑ ගහගෙන බිමට වැටෙද්දී. හිතලා නොවුනත් මම බලාපොරොත්තු උනාට වඩා ඒක සැරට උනා..

🖤"කෝ නැගිටින්න.."

කොච්චර තරහෙන් හිටියත් කෙල්ලව මෙහෙම දාල යන්න මට‍ හිත දුන්නේ නෑ. අනික එයා වැටිලා ඉන්නවා දැක්ක ගමන්ම මගේ තරහ නිවිලා ගියේ මටත් නොදැනීමයි.

මම එයාව නැගිට්ටවන්න හැදුවත් එයා නම් ඒකට පොඩි වත් සපෝට් එකක් දුන්නේ නෑ. තාම බිම වාඩි වෙලා ඇස් දෙකත් රතු කරන් ඉන්නවා.. පොඩ්ඩක් ඉන්න..

Pink Hearts (Completed)Where stories live. Discover now