❤"අන්යහසෙයෝ ඔප්පා"
මම යුන්ගි ඔප්පට ආචාර කරන ගමන් රෙකෝඩින් රූම් එක ඇතුලට ගියා.
ඔප්පා තවත් හැන්ඩ්සම් වෙලා වගේ..
ඔප්පා මට ඉඳගන්න කියලා එතන තිබ්බ සෝෆා එක පෙන්නලා මොනාද කොළ වගයක් අරන් ආවා.
🖤"වැඩ පටන් ගමු. ඔයා මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ හොදේ?"
ඔප්පගේ කටහඩ වෙනදට වඩා හරිම මෘදුයි.
*time pass*
Yoongi pov
මම කොෆී දෙකකුත් අරන් කැෆටේරියා එකේ කොනක තිබුණු මේසෙක ඉඳගෙන එයාගේ බීම එක එනකන් බලන් හිටපු සේයෝන් දිහාවට ගියා.
🖤"ආ.. මෙන්න ඔයාගේ කොෆී එක. "
මාත් එයාගේ ඉස්සරහින්ම ඉඳ ගත්තා.
❤"කොෆී? මන් ඉල්ලුවේ කූල් ඩ්‍රින්ක්ස් නෙ.. "
🖤"මේ දවස් වල ඔයාට කූල් වර්ග හොඳ නෑ. කට වහගෙන ඔන්න ඕක බොන්න."
මන් එහෙම කිව්වම එයා මට රවල මූනත් ඇඹුල් කරගෙන කොෆී එක බිව්වා.
ටික වෙලාවකින් මම කතාවකට මුල පුරන්න හිතුවා.
🖤"ඉතිං.. මොකද හිතෙන්නේ? අල්ලගන්න පුළුවන් වගේ ද."
❤"ඔප්පා උගන්නනව නම් ඉතිං අල්ලගන්න බැරි වෙන එකක් නෑ.. හී.."
කෙල්ල හිනා වෙවී කිව්ව විදිහට දන්නෙම නැතුව මටත් හිනා ගියා..
❤"ඔහ්.. ඔන්න ඔයා හිනා වෙනවා."
සේයෝන් ඇඟිල්ලත් මගේ මූණ දිහාට දික් කරගෙන පුදුමෙන් වගේ කිව්වා. වෙනදට නම් මම එහෙම කිව්වම හිනාව නවත්තගනියි. ඒත් අද එහෙම කරන්න හිතුනේ නෑ.
🖤"ඔයාගේ මෙතන මොනාද තියෙනවා."
මම එයාගේ තොල් දෙක ළඟ පෙන්නන ගමන් කිව්වා. ඇයි දන්නෑ මම එහෙම කිව්වේ. එතන ඇත්තටම ඇති දෙයක් තිබ්බෙත් නෑ..
❤"කෝ.. කොතනද?"
එයා එයාගේ මූණේ මම පෙන්නපු තැන පිහිදන්න ගත්තා.
🖤"කෝ ඉන්න.. "
එයා මුකුත් කරන්න කලින් මම ඉස්සරහට නැමිලා එතන මහපට ඇඟිල්ලෙන් පිහිදන්න ගත්තා..
ΔΙΑΒΑΖΕΙΣ
Pink Hearts (Completed)
Fanfiction5 crazy girls.... A new girl group.... Not only romance. This story includes friendship, teamwork, leadership and so many other things about life..... Quite guy x Talkative girl Calm guy x mischievous girl ⚠️Warning⚠️ Do not copy my work Started dat...