Chapter 24 (හැටහතර මායම්)

136 31 8
                                    

යොන්ජුන් ගේ උපදෙසට අනුව වැඩ කරන්න අන්තිමේදී මම පොටක් පාදගත්තා..

ප්‍රැක්ටිස් ඉවර වෙලා කැෆටේරියා එකට අපි යනකොට ඔප්පල ටිකත් එතන හිටියා. කට්ටිය ඉන්න තැනක් තොරගන්නත් ඉස්සෙල්ල මම දූවල ගිහිල්ලා එයාලගේ මේසේ ළග තිබුනු මේසයකට ගිහිල්ලා යුන්ගි ඔප්පට මුහුණලා තියෙන තැනින් වාඩි උනා.

💛"මොකෝ පිස්සි. ඔච්චරටම බඩගිනි ද? "

මන් දේදුනු දිහාවට මහ ගොං හිනාවක් දැම්මා..

💛"හැපූ බඩජාරියා. "

ඌ මට‍ රවල මගේ එහා පැත්තෙන් වාඩි උනා..

❤️"මොකෝ බෝයිපෙන් ළගට යන්නේ නැද්ද? "

💛"මොංගල් ද බං? මිනිස්සු දකිනවනේ..!"

ආ ඒමත් සීන් එකක් නේ!

ඇන්ඩි ගිහින් අපිට කෑම එකක් ඕඩර් කරලා ඇවිත් වාඩි උනා.. වාසනාවට මට‍ යුන්ගි ඔප්පව කාගෙන් වත් වැහුනේ නෑ.

මම ඉතිං යොන්ජුන් ගේ අතිවිශිෂ්ට සැලැස්ම ක්‍රියාත්මක කළා.

Yoongi pov

අපේ සෙට් එක කැෆටේරියා එකේ කකා ඉන්න අතරේදී කෙල්ලෝ ටිකත් අපේ මේසෙට ඉස්සරහින් තිබ්බ මේසෙන් ම ඉඩගන්නවා මම හොරෙන් බලන් හිටියේ. සේයෝන් ගානට මට‍ මුහුණලා තමයි ඉඳගත්තේ. එයා මන් දිහා බල බලම ඉඳගත්තු නිසා කෙල්ල මම ඉන්න නිසා එතනින් ඉදගත්තා වෙන්න පුළුවන්.. (අදි ආත්ම විශ්වාසය😌)

මම ඉතිං පොඩ්ඩක් කූල් එකට ඉන්න බැලුවා..

ටික වෙලාවකින් මට‍ තේරුණා එයා මන් දිහාම බලන් ඉන්නවා කියලා. මම පොඩ්ඩ ඒ පැත්ත ට ඇස් යොමු කළා.

අම්මොහ්!!

බයත් හිතෙනවා ඒ බලන් ඉන්න විදිහට නම්.. කන්න වගේ නේ බලන් ඉන්නෙ. ඇස් ගෙඩි දෙක එලියට පනියි ද මන්දා..

Seyeon pov

මම අරු කිව්ව‍ විදිහටම ඔප්පා දිහා බලන් හිටියා. එයා මන් දිහා යන්තමට බැලුවත් එකපාරටම ගැස්සිලා ආපහු අහක බලාගත්තා. මම තවත් ඒම බලන් ඉන්නකොට එයා බය වෙලා වගේ මගේ ඇස් මග අරින්න ගත්තා.

මන් බලන් ඉන්නවා වැඩියි වගේ ද?

මේක හරියන්නේ නැහැ. ප්ලෑන් B එකට මාරු වෙන්න වෙයි වගේ.

Pink Hearts (Completed)Where stories live. Discover now