💥 Chapter 13💥

ابدأ من البداية
                                    

"ඒකත් බැරිනම් "

ජන්කුක් තව මොනාහරි කියන්න ගියත් කෙල්ල ජන්කුක්ව බදාගත්තා.කෙල්ල එකපාරටම එහෙම කරද්දි ජන්කුක් ක්ලබ් එකේ වටේ තමන්ගෙ ඇස් යැව්වෙ තමන් හොයන්න ආව කෙනා ක්ලබ් එකේ ඉන්නවද කියලා බලන්න.කවුරුවත් බලන් ඉන්නෙ නෑ කියලා දැක්ක නිසාම ජන්කුක් යේහාව තමන්ගෙන් ඈත් කරලා කෙල්ලගෙ අතින් ඇදන් ක්ලබ් එක එලියට ගියා.යේහාවත් ඇදගෙන කාර් පාක් එකට ගිහින් තමන්ගෙ කාර් එක ලගට ගියපු ජන්කුක් තමන් දාන් හිටිය බ්ලේසර් එක ගලවලා අතට ගන්න ගමන් කෙල්ලව කාර් එකට හේත්තු කරලා කෙල්ල දිහා බලන් හිටියෙ ගොඩක් කේන්තියෙන් .

" ඇත්තටම ඇයි ඔයා ඔය විදිහට හැසිරෙන්නෙ යේහා.මන් කී පාරක් කිව්වද ඔයාට.ඔයාට ඕනේ දෙන්නගෙම ජීවිතේ අනතුරේ දාන්නද ? බැරි වෙලාවත් අරූ ඇවිත් හිටියනම් හැමදෙයක්ම ඉවරයි .හැමදෙයක්ම විනාශ කරල දාන්නද ඕනේ.ඒ මනුස්සයො දැක්කනම් අනිවාර්යයෙන් දැනගන්නව ඔයා මගෙ කවුද කියන එක.ඒ වගේ මනුස්සයෙක් ඒක දැනගත්තොත් මොන වගේ ප්‍රශ්නයක් වෙයිද කියලා පොඩ්ඩක්වත් හිතන්න බැරිද ඔයාට."

ජන්කුක් යේහාට බැන්නත් කෙල්ල ආයෙත් කරේ කොල්ලව බදාගත්ත එක.යේහා ජන්කුක් බදාගන්න මෙච්චර වෙලා හිරකරන් හිටිය කදුලු තමන්ගෙ ඇස් දෙකෙන් වැටෙන්න දීලා අඩන්න ගත්තා.

"ප්ලීස් ඔප්පා මාව මෙහෙන් එක්කන් යන්න."

යේහා අඩ අඩම එහෙම කියද්දි කෙල්ලගෙ වෙව්ලන්න ගත්තෙ බය වැඩි නිසාම.මේ වෙලාවෙ යේහා හිටියෙ ඒ වෙච්ච දේ දරාගන්න බැරුව.කෙල්ලගෙ කදුලු වලින්ම ජන්කුක්ගෙ ඇදන් හිටිය ශර්ට් එක තෙත් වුනා.යේහා අඩන විදිහට කොල්ල ශොක් වුනා.ජන්කුක් යේහාගෙ ඔලුව අහගානගමන් කෙල්ලගෙ නම කියද්දි යේහා කරේ අඩපු එක.

" යේහා."

"බබා මොකක්ද වුනේ ? "

ජන්කුක් මොනා ඇහුවත් ඒවාට උත්තර දෙන්නෙ නැතුව යේහා කරේ අඩපු එක විතරයි .උදේ ඉදන් හොදට හිටපු කෙල්ලට මොකක්ද වුනේ කියලා හිතාගන්න බැරුව හිටිය ජන්කුක් කෙල්ලගෙ කම්මුල් දෙකෙන් තමන්ගෙ අත් දෙක තියලා යේහාගෙ මූණ තමන්ගෙ පපුවෙන් අයින් කරේ කෙල්ලගෙ මූණ හොදට තමන්ට පේන විදිහට .

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)حيث تعيش القصص. اكتشف الآن