34.Trust is Fragile

Start from the beginning
                                    

ජන්ග්කුක් ට ටේගෙ මූනෙ වෙනස තේරුනා..

JK : "ආහ් ආනී.. ඒක එච්චර හිතන්න එපා ටේ.එයා එන්නමයි හිටියෙ..කොහොමත් වෙඩින් එකට කලින් ඔයාලව බලන්න එයි.ඒත් ජීයූ එයාගෙ බර්ත්ඩේ පාටි එකට එයා ආවෙ නැති වුනොත් අඩයි කියල තමයි ගියා කිව්වෙ.."

ජන්ග්කුක් ඉක්මනට බොරුවක් කිව්වෙ ටේගෙ මූඩ් එක අවුල් යයි කියල හිතුන නිසා.ඒත් ඇත්තටම ජන්ග්කුක් කෝල් කරල අහනකම්වත් ජිමින් ට අද ටේගි දෙන්නව මීට් වෙන්න කතා වුනා කියල මතකවත් තිබුනෙ නෑ..

V : "මං කල්පනා කරේ ඒක නෙවෙයි ජන්ග්කුක්.."

ටේ හරිම සීරියස් විදිහට ජන්ග්කුක් දිහා බැලුවෙ එයාගෙ නිකට දිග ඇගිලි වලින් අතගාන ගමන්..

JK : "මොකක්ද?"

V : "කුකා,මං මෙහෙම කිව්වට වැරදියට හිතන්න එපා.ඒත් ඔයාට හිතෙන්නැද්ද ජිමින් දැන් ඕනවට වැඩී කියල..මං කියන්නෙ ජීයූ ගැන ජිමින් හිතනව වැඩී කියල.කොයිවෙලේ බැලුවත් ඒ ගැනමයි.හැමදේටම ලිමිට් එකක් තියෙනව ජන්ග්කුක්..අනෙ මන්ද..අනික අර හනාද කව්ද කියන කෙල්ල..අර ඒ ලමයගෙ ඔම්මත් දැන් ජිමින් එක්ක හෙන ෆිට් නේද.."

SUGA : "හ්ම් ඒක ඇත්ත කුකා.මටත් ඕකම හිතුනා.මට හිතෙන්නෙත් ජිමින් ඒ ලමය ගැන ඕනවට වැඩී.ජිමින් හරියට ඒ ලමයගෙ අප්පා වගේ හැමදේම කරන්න යන්නෙ මොන මගුලකටද.ඒ ලමයගෙ ඔම්මා ඉන්නව.උඹල දෙන්නට ඒ කොල්ලා දෙයි කියලයැ.ලමයෙක් ඕනෙ නම් වෙන විදිහක් බලන්නැතුව ඒ ලමය මත්තෙම ඉදල පුලුවන් ද.ආසාවට බලන්න යනව කියලත් ඉතින් ඔය යෑමෙ සීමාවක් තියෙන්න ඕනෙ කියල හිතෙන්නැද්ද .."

ජන්ග්කුක් මේ හැමදෙයක්ම අහගෙන හිටියෙ එයා⁣ගෙම ඇගිලි දිහා බලාගෙන රින්ග් එක කරකන ගමන්.එයාල කියන දේ ඇත්ත කියල ජන්ග්කුක් දන්නවා.මොකද ජිමින්ගෙ මේ වෙනස කාටත් වඩා එයාට දැනෙනව නොදැනුනා වගේ හිටියත්..

ජන්ග්කුක් ලොකු හුස්මක් පහලට දැම්මා..

V : "දැන් ඔය හනාද කව්ද ඔයා දැකල තියෙනවද.."

යටි තොල හප හප හිටපු ජන්ග්කුක් හෙමින් ඔලුව හෙල්ලුවා.

JK : "ම්..ඔව් දවසක් ජිමිනුයි මායි සුපර්මාර්කට් එකේ ඉද්දි මීට් වුනා.."

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now