04.A date?

519 128 17
                                    

රාත්‍රිය නිමා කරමින් සෝල් අහස තැඹිලි පාටින් ගිලගත්තෙ මේ ආදරනීය නගරයට තවත් අලුත් දවසක උදාව සනිටුහන් කරමින්.

එදා හොදින් ඉර පායපු හරිම ලස්සන දවසක්.

ජන්ග්කුක් හිටියෙ සතුටෙන්.
අද දවස ගැන ජන්ග්කුක්ගෙ හිතේ තිබුනෙ ලොකු ආසාවක් වගේම අලුත්ම හැගීමක්.

පැයක් තිස්සෙ ජන්ග්කුක් ලෑස්ති වෙනවා.ඒ කාලය පුරාවටම මූනෙ මැකිල යන්නැති ලස්සන හිනාවක් රැදිලා තිබුනා.

හැමදේම එයාට පෙනුනෙ වෙනදට වඩා හරිම ලස්සනට.

අඩුම ඔරලෝසුවෙ වෙලාව වැටෙන සද්දෙ පවා ඔහුට ඇහුනෙ හරියට මියුරු සංගීතයක් වගේ.

ඔව් ඇත්තටම එයා හිටියෙ ගොඩක් හොද මූඩ් එකක.

සිය වෙනි වතාවටත් ජන්ග්කුක් ලොකු වෝල් මිරර් එක ඉස්සරහ හිටගෙන එයාගෙ අවුට්ෆිට් එක දිහා බලල එයත් එක්කම හිනාවුනා.

හ්ම්..එයා දන්නව එයා ගොඩක් හැන්ඩ්සම් කියලා..

රූම් එකෙන් එලියට යන්න කලින් අන්තිම වතාවට එයාගෙ ආසම කොලෝන් එක අතට අරගෙන බෙල්ල දෙපැත්තට,මැනික් කටුව ලගට ස්ප්‍රේ කලේ ඇස් දෙකත් පියාගෙන.ඒ අපූරු සුවද රූම් එකේ විතරක් නෙවෙයි මුලු වටපිටාව පුරාම ගලාගෙන ගියා.

වොලට් එකයි,ෆෝන් එකයි අතට ගත්ත ජන්ග්කුක් ජිමින්ගෙ රූම් එක ලගට ආවෙ සින්දුවකුත් මුමුනමින්මයි.

ජිමින්ගෙ දොරට ගහන ගමන් ජන්ග්කුක් වොච් එකෙන් වෙලාව බැලුවා.

JM : "කව්ද?"

ජිමින් ඇතුලෙ ඉදන් කෑ ගහනවා.

JK : "මම.."

JM : "ඇතුලට එන්න."

දොර ඇරගෙන ඇතුලට ආව ජන්ග්කුක් ඇදට වෙලා ඉදගෙන ඉන්න ජිමින්ව දැක්කා.

ජන්ග්කුක්ගෙ සුවද ජිමින්ගෙ නාස්පුඩු වලට කාවැදුනා වගේ.

JM : "මොකද මෙච්චර වෙලා ගියෙ?"

ජිමින් නැගිටලා ජන්ග්කුක් ලගට ආවෙ පොඩි කොල්ලගෙ මූනෙ ඉදන් කකුල් දෙක වෙනකම් ඇස් ගෙනියන ගමන්.
ජිමින් ට හිනායනව.

JM : "වාහ්,මොකද මේ බ්ලයින්ඩ් ඩේට් එකකට යන්න වගේ ඇදගෙන?"

දැන් නම් ජිමින් බඩත් අල්ලගෙන හිනා වෙනවා.

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now