21.Beginning

354 93 6
                                    

ජන්ග්කුක් ගැහෙන කකුල් වලින් ශොප් එකෙන් එලියට දුවගෙන ආවා...

එලියෙ හිටපු කිහිප දෙනෙක්ම කලබලෙන් එහෙ මෙහෙ දුවන අතරෙ බයික් එකක් වේගෙන් ඈතට ඇදිලා යන විදිහත් ජන්ග්කුක් දැක්කා...

ජන්ග්කුක් ගෙ ඇස් හතර වටේම හෙව්වෙ ජිමින් ව.පිස්සුවෙන් වගේ හැමතැනම දිව්වා.ජිමින් හිටියෙ කාර් එකට හේත්තු වෙලා කියලා මතකෙ තිබ්බත් කාර් එක ලගවත් කාර් එක ඇතුලෙවත් එයා හිටියෙ නෑ.කාටවත් අනතුරක් වෙලා කියලත් පේන්න තිබ්බෙත් නෑ.

JK : "ජිමින් ඔයා කොහෙද දෙයියනෙ.."

ජන්ග්කුක් ගෙ නලලෙයි පිට දිගෙයි දාඩිය ගලනවා..මිට මෙලවුන අතෙන් වේගෙන් කාර් එකට ගහන ගමන් අසිහියෙන් වගේ හතරවටටම ඇස් ගෙනියව්වා...

...ඒත් එක්කම ජන්ග්කුක් ට දැනුනෙ හුරුපුරුදු චූටි සිනිදු අතක් එයාගෙ අතේ පැටලුනා වගේ....💜️

ජන්ග්කුක් ගෙ පපුව වේගෙන් ගැහෙද්දි ඉක්මනට අනිත් පැත්ත හැරුනා.ජීවිතේ වැඩියෙන්ම දකින්න ආස කරන කෙනා එයා ඉස්සරහ..

JM : "ක්..කුකී.."

ජන්ග්කුක් දැක්කෙ එයා දිහා බයෙන් වගේ බලාගෙන වේගෙන් ඇසිපිය ගහන ලස්සන ලොකු බෝල ඇස් දෙක.

ජන්ග්කුක් වචනයක්වත් නොකියා ජිමින් ව ඇදලා අරන් පපුවට තුරුල් කරගත්තා...මොකද වචනයක්වත් කතා කරගන්න පුලුවන් තත්වෙක එයා හිටියෙ නෑ..

ජිමින් ටික වෙලාවක් යනකම් පූස් පැටියෙක් වගේ ඒ හැඩිදැඩි අත් අස්සෙ හිරවෙලා හිටියා...

ජන්ග්කුක් ගෙ ඇස් වලට කදුලු පිරුනෙ එයා මීට මිනිත්තු ගානකට කලින් හිතපු දේ ඇත්තක් වුනා නම් එයා කොහොමද ඒ දේට මූන දෙන්නෙ කියල හිතුන නිසා.ඇත්තටම ජන්ග්කුක් ට හිතුනා මුලු ලෝකෙටම පේන්නැති වෙන්න මේ චූටි හුර⁣තලේ පරෙස්සමට හංගලා තියාගන්න පුලුවන් නම් කියලා.

JM : "ජ..න්ග්කුක්..ආහ් මාව චප්ප කරන්න එප්..පා.."

ජන්ග්කුක් තවත් එයාව තද කරල බදාගද්දි ජිමින් කෑගැහුවා...

ටික වෙලාවකින් ජන්ග්කුක් පියවි සිහියට එනවත් එක්කම ජිමින්ගෙ උරහිස් වලින් අල්ලලා ඉස්සරහට කරලා හැම පැත්තකටම හරවලා ජිමින් ගෙ මුලු ඇගම හොදට බැලුවෙ මොකක්ම හරි අනතුරක් වෙලාද කියලා.එයාට කිසිම කරදරයක් නෑ කියල දැනුනට පස්සෙ ජන්ග්කුක් සැනසීමෙන් ලොකු හුස්මක් ගත්තා..

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now