23. Jeju 🏖️️ Part 2

324 81 8
                                    

JM : "ජ..න්ග්කුකී...?"

ජිමින් ඇස් දෙකත් ⁣චූටි අතෙන් පොඩි කරන ගමන් බැල්කනි එකේ ස්ලයිඩ් ඩෝ එක ගාවට වෙලා බලාගෙන හිටියෙ මහ රෑ ශර්ට් එකකුත් නැතුව සීතලේ ස්වින්ග් චෙයාර් එකට වෙලා අහස බලාගෙන ඉන්න එයාගෙ කුකී දිහා.

JK : "ම්..ඔහ් ඔයාට ඇහැරුනාද මැනික.."

ජන්ග්කුක් හැරිලා බලද්දි දැක්කෙ එයා දිහා බලාගෙන ඉන්න චූටි ජිමින් ...

ඇගට වඩා ලොකු ⁣ලා දම් පාට පිජාමා එකට ජිමින් ගෙ චූටි අත් දෙක සම්පූර්නයෙන්ම වැහිලා,රෝස පාට කම්මුල්,ඇවිස්සුන කොන්ඩෙ,චූටි ඇස් දෙක,බ්ලැන්කට් එකත් ඇගට පොරවගෙන,ලොකු බ්ලැන්කට් එකේ ඉතුරු ටික බිම දිගේ ඇදෙනවා..

ඇත්තටම ජන්ග්කුක් ටික වෙලාවක් ඇසිපිය ගහන්නැතුව ඒ ලස්සන හුරතල් බෝලෙ දිහා බලාගෙන හිටියෙ මුලු හදවතම ක්ෂනයකින් ආදරෙන් පි⁣රෙද්දි..

ඒ ආදරේ ඇස් වලින් පේනවා..

ජන්ග්කුක් ජිමින්ට ඔලුවෙන් කතා කලේ එයා ලගට එන්න කියලා..

ජිමින් බ්ලැන්කට් එකත් බිම දිගේ ඇදගෙන ඇවිත් ජන්ග්කුක් ගෙ ලගින් ඉදගෙන බ්ලැන්කට් එක එයාගෙයි,ජන්ග්කුක්ගෙයි ඇග වැහෙන්න දැම්මා.

JM : "ක්..කුකී..මොකද මේ රෑ ඇහැරිලා කරන්නෙ? එලියෙ සීතලයිනෙ.."

ජිමින් සිහින් හඩකින් කියන ගමන් හරිම සීරුවට ජන්ග්කුක් ගෙ මුලු ඇගම වැහෙන්න බ්ලැන්කට් එක පොරවලා එයාගෙ චූටි කකුල් දෙකත් ස්වින්ග් එක උඩට අරගෙන මූන දනහිස් දෙක උඩින් තියාගෙන ජන්ග්කුක් දිහා බැලුවා.

ජන්ග්කුක් මේ හැම කියුට් වැඩක් දිහාම බලාගෙන හිටියෙ ⁣ආසාවෙන්..

JK : "හ්ම්..මං හීනයක් දැක්කා..ඊටපස්සෙ මට ආයෙ නින්ද ගියෙ නෑ..ඒක නිසා එලියට ආවා.."

ජන්ග්කුක් ජිමින් ගෙ ඉන වටේ අත දාලා ලගට ඇදලා අරන් එයාගෙ කකුල් දෙක මැද්දට ගත්තා.ජිමින් ඉක්මනට ජන්ග්කුක් ගෙ නිරුවත් පපුව අස්සෙ ගුලි වුනා.ඒ පපුවෙ රස්නෙට තරම් මේ ලෝකෙ කිසිම දේකට ජිමින් ව උනුසුම් කරන්න බෑ.

ජන්ග්කුක් එයාගෙ දිග ඇගිලි වලින් හෙමින් ජිමින් ගෙ සිනිදු කොන්ඩෙ අතගෑවෙ තවත් ජිමින්ව ඇගට තද කරගෙන ජිමින් ගෙ ඔලුව උඩින් එයාගෙ මූන තියාගන්න ගමන්..

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now