" ඒකයි බන් අවීන් බය......උබ පොඩ්ඩක් හිතපන් ඉතින්......මොළයක් තියෙනවනේ.....උබලා ඉන්නේ ලංකාවේ මිසක් ඇමරිකාවේ , තායිලන්තේ වගේ නෙමේනේ...... "
මියුමි තම කතාව අවසන් කරන කොට හෙමෙන් හිස වැනු දිහස් තම උරහිස මත දමාගෙන සිටින අවීන්ගේ අත සෙමෙන් ඇල්ලුවා." චුටී තරහද ? "
අවීන්ගේ පැනයට හිසවනා නෑ කියූ දිහස් සිනාවුනා.
" අම්නේ මුන් " කියූ මියුමි ලැජ්ජ බව පෙන්නන්න වගේ අතින් මූණ වසා ගත්තා.
.......................................
" ඇයි.....මෙහෙම බලන් ඉන්නේ "
මියුමි හිස පසෙකට ඇල කර ඇසුවේ අවීන් හා යොමාල් පාසලේ ගෙට්ටුව අසල ඇඹරෙන නිසයි." මියූ දෙයක් කිව්වොත් තරහා වෙන්නැද්ද ? "
යොමාල් අහනකොට අවීන් හා දිහස් මුහුණට මුහුණ බලා ගත්තා." මොකද්ද ? "
" අපි හතර දෙනා අද පොඩි ගමනක් යනවා......දන්නැද්ද ඉතින් අපි දෙගොල්ල්ලෝ කපල් නේ....පොඩ්ඩක් ඉතින්........."
" ආපෝ මන් යනවා ගෙදර උඹලා ලව් කොරන කොට මට උඩ බලන් ඉන්න බෑ..... "
මියුමි හිනාවෙමින් ඉනට අත තබා ගත්තා." කමක් නෑනෙ මියූ "
ආශ්කා ඇසුවා." අනේ මට මොකෝ..... උබලා කොහේ ගියත් , හැබැයි රූම් අස්සේ යන්න එපා , ඊටපස්සේ ඩාම් වෙලා ඩූම් උනොත් මට එන්න වෙයි බබ්බු බලන්න "
හයියෙන් සිනාවූ මියුමි අත වනාගෙනම ඔවුන්ගෙන් සමු ගත්තා." ඒනම් ඒකත් හරි " කියූ යොමාල් ආශ්කගේ අතින් අල්ලගත්තා.
" එයාටත් කාව හරි සෙට් කරානම් අපිට කරදරයක් නෑ "
ආශ්කා සෙමෙන් කියන කොට අනිත් අය හිස වැනුවේ " ඔව් හැබැයි " කියමින් ,බෑගයේ පටිය අතින් තද කරගත් මියුමි " අනේ මට ඕන්නැති රෙද්දක් නෑ...." කියා මුමුණන්න වුනා.
................................
ඔවුන් ඊට යාබදින් පිහිටි යොමාල්ගේ නිවසට ඇවිදගෙන යන්න වුනා.
" නැන්දම්මාට වැදපන් "
දිහස් රහසින් ආශ්කට කියනකොට ආශ්කා ඔහුට වැළමිටෙන් ඇන්නා.ආහාර මේසයට රැගෙන ඒමට ආශ්කා යොමාල්ගේ මවට උදව්කරන්න වුනා. කවදාවත් නොවූ තරන් කඩිසරෙන් එහෙමෙහෙ යමින් ආශ්කා ඇයට උදව් කරන්න වුනා.
යොමාල්ගේ අම්මගේ අත් ගුණය ගැන දිගටම වර්ණනා කරමින් සියළුදෙනා ආහාර ගන්න වුනා.
ඔවුන් පෙර සිට මේ ගමනට හොද සුදානමක් තිබූ බව කියාපාමින් පාසල් බෑගය තුල දාමාගෙන ආ ඇදුම් ඉවතට ගෙන ඇග සොදා පිරිසිදු වී ඒවා ඇගලා ගන්න වුනා.
ඉන්පසු තොරතෝංචියක් නොමැති කතාද සමග දකින දකින විදී කඩවලටද හිස පොවමින් අයාලේ ඇවිදිමින් හවස් වන තෙක් ඔවුන් විනෝද වුනා.
Kishu :-)
YOU ARE READING
One Day ( BL) (Onhold )
Non-Fictionතරු වලට අයිති සදට ආදරය කරන්න විතරද , එක තරුවක් ඉරට ආදරය කලොත්...... 🔞 සංවේදි කරුණු හා අවුල් ජිවිත හා ගැටි පවති......
(.27.)
Start from the beginning