💥 Chapter 12💥

Start from the beginning
                                    

"මන් කිව්වනේ.එයා අඩන්නෙ නෑ.යුවී ගැන බයවෙන්න කිසිම දෙයක් නෑ.ඔයා අද ඒ ගැන හිතන්න ඕනේ නෑ.ඔයාට හිතන්න වෙන දෙයක් තියෙනවා ."

යුන්ගි තමන්ගෙ දිවෙන් කම්මුල තෙරපන ගමන් දියා දිහා අමුතු විදිහට බලන් එහෙම කියද්දි යුන්ගිගෙ බැල්ම නිසා දියාට තේරුනේ එක දෙයයි.ඒ යුන්ගිගෙ හිතේ වෙන දෙයක් තියෙනවා කියන එක.

දියා යුන්ගිගෙන් මොනාහරි අහන්න හැදුවත් දියාට හිතන්නවත් නොදී යුන්ගි දියාගෙ ලිප්ස් කිස් කරන්න ගත්තෙ දියාව තවත් තමන්ගෙ ඇගට තද කරගන්න ගමන්.
දියාත් තමන්ගෙ අත් දෙක යුන්ගිගෙ බෙල්ල වටේ දාන ගමන් යුන්ගිට ලන් වෙද්දි දියාගෙන් කිසිම විරුද්ධත්වයක් නෑ කියලා තේරුන නිසාම යුන්ගි තමන්ගෙ හාදුව රළු කරන්න ගත්තා .

යුන්ගි හාදුව රළු කරන ගමන් තමන්ගෙ අත් දෙකෙම දියාගෙ ඉණෙන් තියලා කෙල්ලව උස්සද්දි කෙල්ල තමන්ගෙ කකුල් දෙක යුන්ගිගෙ ඉන වටේ දාන් ඔතාගත්තා.අවුරුදු ගාණකට පස්සෙ ඒ දැණුනෙ හැගීම නතර කරන්න දෙන්නගෙන් කාටවත් ඕන වුනේ නෑ.අවුරුදු ගාණකට පස්සෙ ලැබුන ඒ ස්පර්ශය එක මොහොතකටවත් නැති කරගන්න දියාට ඕන වුනේ නෑ.ඒත් යුන්ගි දියාගෙ ලිප්ස් වලින් තමන්ගෙ ලිප්ස් අයින් කරලා කෙල්ලගෙ ඇස් දිහා බලන් හිටියා.යුන්ගි තමන්ගෙන් අවසර ඉල්ලන්න හදන්නෙ කියලා දන්න නිසාම දියා

"කලින් සැරේ මගෙන් අවසර ඉල්ලුවෙ නෑනේ.ඔයා මගෙන් අවසර ඉල්ලන්න ඕනේ නෑ යුන්ගි .මට විශ්වාසයි ඔයාව."

මේ වෙනකොට දියාගෙ හිතේ යුන්ගි ගැන තිබ්බ ආදරේටත් වඩා කොල්ල ගැන ලොකු විශ්වාසයක් කෙල්ලගෙ හිතේ ඇති වෙලා තිබ්බේ.කෙල්ලගෙ හිතේ තිබ්බ ඒ විශ්වාසෙ වගේම ඒ ආදරේ නිසාම යුන්ගි කරන ඕනම දේකට කැමැත්ත නොදී ඉන්න කිසිම හේතුවක් කෙල්ල ගාව තිබ්බ නෑ.ඒක නිසාම කෙල්ලගෙ හිත යුන්ගි කරන ඕනම දේකට කැමැත්ත දුන්නා.
දියාගෙන් ලැබුන උත්තරේ නිසාම යුන්ගි දියා දිහා බලලා ගොඩක් ආදරණීය විදිහට කෙල්ල එක්ක හිනා වෙලා කෙල්ලගෙ කන ලගට වුනා.

" Then get ready babygirl. Daddy  will be a gentleman this time. But not next time ."

යුන්ගි එහෙම කියද්දි දියා යුන්ගිට කිව්ව දේත් එක්ක කොල්ලට තේරුනේ දියා තමන් හිතන තරම් අහිංසක නෑ කියන එක.

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Where stories live. Discover now