දාඩිය දාල තිබුන අත එයාගෙ ශර්ට් එකෙන් පිහදගෙන ජන්ග්කුක් ජිමින් ⁣ගෙ අතෙන් අල්ලගත්තා.එතකොට තමයි ජිමින් මූන උස්සලා ජන්ග්කුක් දිහා බැලුවෙ..

ඒත් ජන්ග්කුක් ගෙ ඇස් වල ජිමින් දැක්කෙ එයා බලාපොරොත්තු වුන දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්.ඒ ඇස් වල වෙනද වගේම..නෑ වෙනදටත් වඩා ආදරේ පිරිලා ඉතිරෙනව..

JK : "..මං ලගට එන්න ⁣මැනික."

ජන්ග්කුක් ජිමින්ගෙ ඉන වටෙන් අත දාලා එයාගෙ කකුල් මැද්දට ඇදලා අරන් ජිමින් ගෙ වේගෙන් ගැහෙන පපුවෙන් මූන තියාගත්තා.ටික වෙලාවකින් ජන්ග්කුක් කතා කරන්න පටන් ගත්තා..

JK : "..සමාව ඉල්ලන්න ඕන ඔයා නෙවෙයි ජිමින්..මමයි ඔයාගෙන් සමාව ඉල්ලන්න ඕන.ම්..මට ඔයාව පරෙස්සම් කරගන්න බැරි වුනා..ඒ නරුම මිනිහ ඔයාට මේ තරම් වද දෙනකම්වත් මට ඔයා ලගට එන්න බැරි වුනා..ඔයාට තනියම ඒ හැමදෙයක්ම දරාගන්න වුනා..අඩුම තරමෙ.."

ජන්ග්කුක් වේදනාවෙන් රතු වුන ඇස් උස්සලා ජිමින් දිහා බැලුවා..

JK : "අඩුම තරමෙ ම්..මට ඒකාගෙන් මේ කරපු දේට පලිය ගන්නවත් බැරි වුනා..ඔයා විදපු හැම දුකක්ම ඌටත් දැනෙන්න ඕනෙ..ඒත් මං..මං නිකංම ලේසියෙන් ඒකව මරල දැම්මා..ඊටපස්සෙ..ඊටපස්සෙ ඔයා මේ හැමදෙයක්ම හිතේ තියාගෙන හිනාවෙලා මාව බලාගත්තා..ම⁣ට..මට මීට වඩා ඒ ගැන හිතන්න තිබ්බා ජිමින්..අද ඔයා අසනීපෙන් ඉද්දි පවා මං හැසිරුනේ මෝඩයෙක් වගේ..ඒ අස්සෙත් මං තවත් ඔයාගෙ හිත රිද්දුවා..ඔයා කිසිම වරදක් කරල නැතුව තාමත් මගෙන් සමාව ඉල්ලනව..ඇයි ජිමින් හැමදාම ඔයාගෙ පිට වැරැද්ද පටවගන්නෙ..ම්..මං ඕනවට වඩා ආදරේ කරන නිසාද මගෙ අතෙන් ඔයාව මගෑරුනෙ..ඇයි ජිමින්..ඇයි මේ හැමදෙයක්ම මගෙන් හැංගුවේ..මට මේ දේ අහන්න අමාරු වුනත් ඔයාට මට කියන්න තිබුනා..ඔව්..මේ වුන දේට මං කවදාවත් මට සමාව දෙන්නෑ ජිමින්..කවදාවත් නෑ..මං ඔයාට හොද හස්බන්ඩ් කෙනෙක් නෙවෙයි..මට..මට ඒ මිනිහව ආයෙත් මරන්න ඕන ජිමින්..මං.."

ජන්ග්කුක් වෙව්ලන කටහඩෙන් කියවගෙන යන මේ හිත රිදෙන වචන නතර කරන්න ඕන නිසාම ජිමින් ජන්ග්කුක් ගෙ මූන අත් දෙකෙන්ම අරගෙන ආයෙත් එයාගෙ පපුවට තද කරල තියාගෙන ඒ සිනිදු කොන්ඩෙ අස්සෙ එයාගෙ මූන තියාගත්තා..

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now