🌹Chapter 05🌹

Start from the beginning
                                    

"Tae,sorry!මං හිතලා කරේ නෑ ඒක.මාත් එක්ක තරහා වෙන්න එපා හොඳද?"

දිග හුස්මක් ගත්ත Tae "හ්ම්" කියලා විතරක් උත්තර දීලා ආපහු යන්න හැරුනා.

"Tae,මං දන්නවා ඔයා කැමති ගෑනු ලමයා කවුද  කියලා"

යන්න ගියපු Tae,කරන්ට් එක වැදුනා වගේ මගේ දිහාට හැරුනේ බයවෙලා වගේ.

"මං දැක්කා ඒ කොලේ එයාගේ නම තිබ්බා"

ඒ කොලේ තිබුනු දේවල් මට හරියට කියවගන්න බැරි උනත්,ඒ කොලේ අවසානෙට "To J..." කියලා ලියලා තියෙනවා මං දැක්කා.ඉතිං නම සම්පූර්ණයෙන්ම මට කියවගන්න බැරි උනත්,ඒ කවුද කියලා මං දැන ගත්තා.

"Jia,ඇත්තටම මං ඔයාට.."

"ඒ Jithmi නේද?"

Tae ගොත ගගහා මට කියන්න හදද්දි මං ඇහුවා.අපේ class එකේ J වලින් පටන් ගන්න ගෑනු ලමයි දෙන්නෙකුට ඉන්නේ මායි,Jithmi යි විතරයි.ඉතිං ඒ මං වෙන්න කොහොමටවත් බැරි නිසා,ඒ Jithmi කියලා මට හිතුනා.මොකද ඉතිං Jithmi තමයි අපේ class එකේ ඉන්න ලස්සනම කෙල්ල.Tae ට පස්සේ test වලින් වැඩිම ලකුණු ගන්නෙත් එයා.ඉතිං Tae ට එයා ගැන කැමැත්තක් ඇති උන එක පුදුමයක් නෙවෙයි කියලා මට හිතුනා.

"Tae,ඒ එයා නේද ආහ්?කියන්නකෝ"

මං ඇහුවේ මගේ දිහා ගල්වෙලා වගේ බලන් ඉන්න Tae ගේ අතකින් අල්ලලා.එයා ටික වෙලාවක් මගේ දිහා බලන් ඉඳලා,"හ්ම්" කියලා උත්තර දීලා බිම බලා ගත්තා.අපෝ!මෙයාගේ තියෙන ලැජ්ජාව.

"ඇයි ඉතිං මෝඩයෝ මට කිව්වේ නැත්තේ?කිව්වා නං මං set කරලා දෙනව⁣නේ.

"මං exam ඉවර උනාට පස්සේ කියන්න හිටියේ"

අනේ මන්දා මේ මනුස්සයා නම්!

"Exam ඉවර උනාට පස්සේ ආයෙත් හම්බවෙයිද කියලා කවුද දන්නේ අනේ"

"තෙහස්,ඔයාව sherin miss හොයනවා."

නිම්න හති දාගෙන දුවන් අපි දෙන්නා ලඟට ඇවිත් කිව්වා.

"යමු"

Tae නිම්නත් එක්ක ගියේ ආපහු මගේ දිහාවත් නොබලා.පව්.කොල්ලට ලැජ්ජා හිතෙන්න ඇති මං Jithmi ගැන දැනගත්ත නිසා.

******************************************

"Jithmi,මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද?"

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now