🌹Chapter 02🌹

403 77 0
                                    

Tae chemistry class යන්න ලෑස්ති වෙලා මං එනකන් අපේ ගෙදරට ඇවිත් හිටියේ.අපි දෙන්නම ඒ class එකට ගියේ bus එකේ.

"මේ,ලස්සනයි ද?"

මං අලුතින් අරගත්ත ගවුමත් ඇඳන් Tae ඉස්සරහට ගිහින් ඇහුවා.

"හ්ම්.ලස්සනයි."

මං දිහා ටිකක් වෙලා බලන් හිටපු tae උත්තර දුන්නා.මෙයා නම් හැමදාම ඔහොමයි.මං අපේ තාත්තිගේ ඇඳුමක් ඇඳන් ආවත්,"හ්ම්,ලස්සනයි" කියයි.කොහෙද ඉතිං කෙල්ලොන්ගේ ඇඳුම් ගැන මෙයා දන්න එකක්යැ.

"මේ,tae අද මට class එකේදී පොඩි උදව්වක් කරන්න පුළුවන්ද?"

මං bus එකේ යන ගමන් tae ගෙන් ඇහුවා.

"හ්ම්.මොකක්ද?"

"මාව ඔයාට මහීගේ ඇඟට තල්ලු කරන්න බෑද?"

"මොකක්ද?"

"මං ඇහුවේ මාව ඔයාට මහීගේ ඇඟේ වදින්න තල්ලු කරන්න බෑද කියලා."

"යා!Jia!මිච්චෙස්සෝ?"

"හ්ම්.එයාව දැකපු දවසේ ඉඳන්."

"ඔයා හිතනවද ඔය වගේ දේවල් කරාම එයා ඔයාට කැමති වෙයි කියලා?"

"ඇයි වෙන්න බැරි?මං දැකලා තියෙනවානේ එහෙම ඕන තරම් වෙලා තියෙනවා කට්ටියට."

"කාටද?"

"කතාවල ඉන්න අයට."

"ඇත්තමයි Jia,ඔයාගේ ඔලුව නම් හොඳටම විකාර වෙලා තියෙන්නේ ඔය මඟුල් බලලා"

"මං ඔයාගෙන් ඇහුවේ ඔයාට ඒක කරන්න පුලුවන්ද බැරිද කියලා විතරනේ.ඔයාට බැරි නම් කියන්න.මං වෙන කාටහරි කියලා කර ගන්නම්."

"හරි.මං කරන්නම්.හැබැයි මේ අන්තිම පාර තේරුණාද?"

"හරි.හරි අනේ."

මෙයා හරියට මේ අන්තිම පාර කියන්නේ මං මෙයාට කියලා මේ වැඩ හැමදාම කර ගන්නවා වගේනේ.අනිත් එක ඉතිං යාළුවෙක්ගේ love එකකට පොඩ්ඩක් support ක් දුන්නම නරක් වෙනවද මං අහන්නේ.එහෙම හිතුනත් මං ඒක tae ට කියන්න ගියේ නෑ.ඕක අහලා බැරි වෙලාවත් බෑ කිව්වොත් එහෙම..

Tae class එකට ගිහින් වෙනදා වගේම ඉස්සරහම desk පේලියෙන් වාඩි උනා.හැමදාම මං tae ත් එක්ක ඉද්දි sir අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මාව තමයි අහු වෙන්නේ.මහී වාඩි වෙන්නේ class එකේ desk පේලියේ මැද හරියේ.

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now