💥Chapter 10💥

Start from the beginning
                                    

දියා කාර් එකෙන් බැස්සට පස්සෙ ජන්කුක් ඩ්‍රයිවින් සීට් එකෙන් දොර ඇරලා මේ දෙන්න ලගට ආවා.

" දියාව රෙඩි කරාට පස්සෙ හ්‍යුන්ට කියන්න.එයා එක්කන් යන්න එයි."

"කොහෙ යන්නද ? "

"ඒක අපි දන්නෙ නෑ නැද්ද බබා.එහෙනම් මම යනවා.කෙල්ලො සැලොන් ගිහාම ඉතින් එළියට එන වෙලාව කියන්න බෑනේ ."

ජන්කුක් එහෙම කියලා යේහාගෙ කම්මුලට පෙක් එකක් දීලා ආපහු කාර් එකට නැග්ගෙ quarters එකට යන්න.ජන්කුක්ගෙ කාර් එකේ නොපෙනී යනකන්ම ඒ දිහා බලන් හිටිය යේහා කාර් එක ඈතට ගියාට පස්සෙ දියාගෙ අතිනුත් ඇදන් සැලොන් එක ඇතුලට එක්කන් ගිහින් රිසෙප්ෂන් එක ගාවින් හිටගත්තා .

"මැඩම් ඔයාල appointment එකක් දාලාද තියෙන්නෙ."

රිසෙප්ෂන් එකේ හිටිය ලේඩි එහෙම අහද්දි යේහා.

" මිසිස් මින් දියාගෙ නමිනුයි මිස් ශින් යේහාගෙ නමිනුයි  අපොයින්මන්ට් එකක් දාලා ඇති."

" හරි මැඩම් මන් චෙක් කරන්නම්."

රිසෙප්ෂන් එකේ ලේඩි එහෙම කියලා ඩීටේල්ස් චෙක් කරන්න ගත්තා.විනාඩි දෙකක් විතර මොනිටර් එක දිහා බලන් හිටිය එයා තමන්ගෙ ඔලුව උස්සල දියා දිහායි යේහා දිහායි බැලුවා.

" මිස් ඔයාලගෙ අපොයින්මන්ට් එකනම් පහට තියෙන්නෙ .පොඩ්ඩක් මෙතනට වෙලා ඉදගෙන එන්නකෝ.තව විනාඩි පහලොවකින් වගෙ ඇතුලට යන්න පුලුවන් මැඩම්ලට."

යේහා එහෙම කියන ගමන් තමන්ගෙ වොච් එක දිහා බැලුවෙ වෙලාව බලන්න.

4.45 pm

"තව වෙලා තියෙනවා."

යේහා එහෙම කියන ගමන් ගෙනාව බෑග් තුනත් සෝෆා එකෙන් තියලා ඉදගනිද්දි දියාත් යේහා ලගින් ඉදගත්තා .

"යේහා."

"අමතනවා."

" මොකක්ද මෙතන වෙන්නෙ ? ".

"මන් දන්නෙ නෑ ."

" ඔයා දන්නෙ නැති වෙන්නෙ බෑ."

"ඇත්තටම මන් දන්නෙ නෑ ඔන්නි.යුන්ගි ඔප්පා මොනවත් කිව්වෙ නෑ මට.අද විශේෂ දවසක් කිව්වා ඔය දෙන්නට.ඒක හින්දා ඔයාව ලස්සනට රෙඩි කරන්න කිව්වා.ඔප්පම තමයි ඔය ඩ්‍රෙස් එකත් සිලෙක්ට් කරේ.
මට කිව්වෙ ඔයාව සැලොන් එකට එක්කන් ගිහින් රෙඩි කරන්න කියලා.
ජන්කුක් ඔප්පාවත් මොනවත් දන්නෙ නෑ.එයා යන ගමන් අපි දෙන්නව ඩ්‍රොප් කරන් ගියා.එච්චරයි .
මන් හිතන්නෙනම් යුන්ගි ඔප්පගෙ හිතේ මොකක්හරි ප්ලෑනක් වැඩ කරනවා.මොකක්ද විශේෂ ආ ? "

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Where stories live. Discover now