"අක්කත්...ලස්සනයි....හුඟක්...." මං ලැජ්ජාව වහගෙන ඇත්තම කිව්වා. මට බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් කියන්නේ අරුමයක් නෙමේ. ඒත් මට අක්කගෙන් අමුතුම පිං පාටක් පෙනුනේ අඳුරන කෙනෙක් නිසා වෙන්නැති. සාකේත අයියගේ අක්කගෙන්වත් අම්මගෙන්වත් තාත්තගෙන්වත් අපි දෙන්නටයි ඩියොන්ටයි චිරාත් අයියටයි එහෙම අමුතු බැල්මක්වත් ලැබුනේ නෑ. සමහරවිට සාකේත අයියා කලින් කියලා තිබුන නිසා වෙන්නැති. 

"ඒක ඒ දරුවන්ගේ පෞද්ගලික දෙයක්නේ අපිට වැඩක් නෑ පුතේ ඒවා" සාකේත අයියගේ තාත්තා කලින්ම එහෙම කියල තිබුනයි කියලා දැනගත්තම මට මාර කලකිරීමක් ආවේ මේ තරම් ලෝකේ දැකලවත්, මේ තරම් ලෝකේ එක්ක ගනුදෙනු කරලවත් මගේ අම්මටයි තාත්තටයි ඒ ටික තේරුම් ගන්න බැරිවුන එක ගැන. 

...............................................................

බාගෙට නින්දේ ඉඳපු බිනූව නැගිට්ටවලා වොශ් එකක් දම්මලා ගෙනිහින් ඇඳෙන් තිබ්බා. ඌට දරාගන්න අමාරුම දේ තමා නිදිමත. වැඩ කරන වෙලාවට දඩබඩ ගාලා වැඩ කරාට එක තැනකට වෙච්ච ගමන් හරි කොහෙන් හරි ඉඳගත්ත ගමන් හරි එයා නිදිකිරන්න පටන් ගන්නවා.  එයාව ඇඳෙන් තියලා මං සාකේත එක්ක එලියට ආවා. මොනාද මන්දා පිරිත් මණ්ඩප්පෙට එල්ලන කොල ජාති වගයක් එකතු කරන්න මං සාකේත එක්ක පාරට බැස්සා. 

"බිනූ නිදිද?" සාකේත අහනකොට මං ඔලුව වැනුවේ ඔව් කියන්න. 

"ඌ හරි අමුතු චරිතයක් බං." මට ලාවට හිනා ගියේ ඒ කතාව ඇත්ත නිසා. කුඹුරක් අයිනේ තිබුන ගලක වාඩි වෙලා මං කකුල් දෙක පල්ලෙහා වතුරට දාගත්තා. සාකේතත් මගේ එහාපැත්තෙන්ම වාඩි වුනා. 

"බිනූ හරි වෙනස් බං. ඌ මාර හුරතල්. ඒත් එක්කම මාර පණ්ඩිතයි. මට බයින්න ගියාම උඹ වගේමයි. ඕන දේකට සෙට් වෙන ජාතියේ කැරැක්ටර් එකක් ඌට තියෙන්නේ. මං කිව්වොත් පොඩ්ඩක් හෙට උදේට වැඩකට යාපනේට ගිහින් එමු කියලා ඌ ඒකටත් හා කියලා දඩබඩ ගාලා ලෑස්ති වෙන ජාතියේ එකෙක්. මං වගේ එකෙක්ට ඒ වගේ මනුස්සයෙක් පට්ට හයියක් බං." මං මොනවත්ම නොහිතා හිතට ආපු හැමදේම කිව්වා. 

"උඹලා දෙන්නා පට්ට මැචින් බං. ඌ උඹව බලාගන්න විදියට මට පුදුමයි වෙලාවකට." 

DrizzleWhere stories live. Discover now