ඇත්තටම....මං වැරැද්දක් කරාද? හිත නැවතුන එකම තැන නවතින්න හදපු එක ආදරෙන් උණුහුමෙන් පිරුන මගේ පවුලෙන් මාව අයින් කරන්න තරමට වැරැද්දක්ද? මං ඩොක්ටර් කෙනෙක් වුන දවසේ මුළු පවුලම සීමාවක් නැතුව සතුටු වුනා.  අම්මයි තාත්තයි ඒ වෙනුවෙන් සතුටු වුන විදිය මට හිතාගන්නවත් බෑ. ඒ තරම් සතුටක් එයාලට දීලාත්.......මං පොඩ්ඩක් වෙනස් කෙනෙක් වුන එක......මේ තරම් වැරැද්දක්ද? 

මං හරියට බාගෙට පිරුන හඳක් වගේ. 

ලස්සනයි. දිලිසෙනවා. 

බාගයක් සම්පූර්ණයි. 

තවමත් ඒක හඳම තමයි. 

හැබැයි පිරුණු හඳකට සම වෙන්න කොහෙත්ම බෑ. 

ඉතුරු බාගේ තියෙන්නේ පවුලේ පස් දෙනා අතේ. 

දවසක ඒ බාගේ පිරේවී කියන බලාපොරොත්තුව , මට ජීවත් වෙන්න ශක්තිය දෙනවා. 

............................................................. 

"බිනූහ්හ්...." යශ්ගේ කටහඬ දොර අරින සද්දේ එක්කම ඇහුනා. මං ගගා හිටපු පොල් බෑය පැත්තක තියලා ඉස්සරහට දිව්වේ අද මේ එයාව දකින්නේ මාසෙකට කිට්ටුවෙන්න උනාටත් පස්සේ නේද කියලා මතක් වෙද්දි. දිව්ව පිම්මටම යශ්ගේ කරේ එල්ලිලා කිස් එකක් දුන්නා මං. 

"අනෙ අම්මේ......යකෝ මගේ තනිකඩ දෑස් පව්කරේ ඇයී මේවා බලන්න...." සාකේත අයියගේ කටහඬ ඒ එක්කම ඇහෙද්දි මට මතක් වුනා සාකේත අයියත් එනවා කිව්වා නේද කියලා. මං වෙච්ච ලැජ්ජාව වහගන්නත් එක්ක යශ්ගේ අත් අතරේ ඉඳගෙනම සාකේත අයියට දිව දැම්මා. 

"මොකෝ ඉතින්. පලවෙනි වතාවට දකිනෝ නෙමේනේ තමුසේ.....හුෆ්ෆ්ෆ්" මං සාකේත අයියට ඔරවනකොට ඌ අත දික්කරලා මාව කෙනිත්තුවා. 

"ආ...ආ....නවත්තගන්නෝ දෙන්නම....පිස්සො දෙන්නා...." මං යශ්ගේ ඔඩොක්කුවේ ඉන්න ගමන් එයාගේ බෙල්ලේ මගේ නහය ඇතිල්ලුවා. 

"බිනූ....සාකේත රෑ යනවලු" 

"මෙච්චර රෑ වෙලා? ඒයි අයියේ....හෙට උදෙ යනවා. මෙච්චර රෑ වෙලා යන්නෙපා." මං සාකේත අයියට කිව්ව්වා. හෙට එයාගේ අක්කගේ ඩිලිවරි එකට සෙත් පතලා පිරිතක් කියලා දානයක් දෙනවා. හෙට රෑ පිරිත් අනිද්දා උදේ දානේ. අපි දෙන්නටත් එන්න එන්න කියලා කිව්වට අපේ හරි තීරණයක් තිබුන්නෑ.

DrizzleWo Geschichten leben. Entdecke jetzt