part 1

679 42 5
                                    

මගේ නම gun attaphan . ඔය නම අහපු ගමන් ගොඩාක් කට්ටිය දන්නවා ඔය attaphan කියන කෑල්ල නිසාම.මුලින්ම මං මගේ පවුල ගැන විස්තර කියන්නකෝ.මගේ තාත්තා විශ්‍රාම ගිය ආමි ඔෆිසර් කෙනෙක්.මම කියන්නේ මේ නෝමල් ඔෆිසර් කෙනෙක් නෙවෙයි ආමි එකේ ලොකූ තැනක හිටපු කෙනෙක්.ඒ වගේම දැනට තාත්තා එයාගෙම කියලා brand name එකක් කරගෙන යනවා.ඒ brand name එකෙන් එයා විකුනන්නේ නැති දෙයක් නෑ.furniture වල ඉදන් makeup ,ඇදුම් වෙනකල් හැම දේම.ඒ වගේම මගේ අම්මා ප්‍රසිද්ද හෝටල් ජාලෙක අයිති කාරියක්.අම්මගේ යටතේ රටපුරාම හෝටල් 7කට 8කට වඩා තියනවා ඒවා ඔක්කොම five star hotels.එතකොට මගේ බාප්පා politician කෙනෙක්.නැන්දා doctor කෙනෙක් වගේම private hospital එකක අයිති කාරියක්.

ඊලගට තමයි හොදම දෙන්නා මගේ අයියයි අක්කයි.අක්කා engineer කෙනෙක් එයා දැනට එයාගෙම construction company එකක් පටං ගන්න plan කරන ගමං ඉන්නේ.අයියා ගැන කියනවා නම් එයා ගියේ වෙනම පැත්තකින් ඒත් එයා ගිය පැත්තෙන් එයා හොදටම කරා එයා පටං ගත්තේ entertainment company එකක් ඒක මේ වෙනකොටත් හොද තැනකට ඇවිත් තිබ්බා.අක්කයි අයියයි දෙන්නම මේ වෙනකොටත් බැදලා හිටියා.

එතකොට අන්තිමට මම මං ගැන කතා කරලා වැඩක් නෑ.පේනවනේ මගේ පවුල දිහා බැලුවම මුලු පවුලම මොල ගෙනාපු නැවු.කොහොම හරි ඒ ජාන වලටපින් සිද්ද වෙන්න මටත් සුපිරි මොලයක් නම් හම්බ වෙලා තිබ්බා.මම තනියම හැදුනේ මොකද අක්කගෙයි අයියගෙයි මගෙයි අතර වයස පරතරය ගොඩාක් වැඩී.අක්කා මට වඩා අවුරුදු 10කුත් අයියා මට වඩා අවුරුදු 12කුත් වැඩිමල්.

මට දැනටමත් වයස අවුරුදු 21යි .campus එකේ business management පැත්ත්න් digree එකක් කරන්න හිතේගෙන ඉන්නේ.තාත්තා කියන්නේ මට එයාගේ company එක බාර ගන්න කියලා.ඇත්තටම මට ඕන නෑ.මං කැමති chef කෙනෙක් වෙන්න.ඒත් තාත්තා ඒකට කොහෙත්ම කැමති නෑ 🙄.

අනිත් එක තමයි මං ටිකක් දුර්වලයි.දුර්වලයි කියන්නේ ඇගෙන් දුර්වලයි කියන එක නෙවෙයි .හැම වෙලාවෙම දුවලා පැනලා ආතල් එකේ හිනා වෙවී හිටියත් ඇත්තටම මොකක් හරි පොඩි දෙයක් උනත් මං ඉක්මනට අසනීප වෙනවා.සමහර විට සැපට හැදිලා වැඩිද මන්දා.පොඩි කාලේ ඉදන්ම අතට පයට වැඩ කාරයෝ එක්ක හැදුන නිසා වෙන්නත් පුලුවං.

NOT THAT FANTASY Where stories live. Discover now