"යන්න ලොකූ....තාත්තව....බලන්න....හැමෝවම...අම්මවත්....අයියලා....දෙන්නවත්....හැමෝවම...බලාගන්න...මං වෙනුවෙන්.....මං ආදරෙයි හැමෝටම....ඔයාටත්....අනිත් අයට වඩා පොඩ්ඩක් වැඩියෙන්...." මං ඉතිරි සේරම ශක්තිය එකතු කරලා ඉස්සිලා ලොකූගේ කම්මුලක් හෙමිහිට ඉඹීනකොටම හැමතැනම කළුවර වෙලා ගියා.

............................................................... 

බිනූ සිහිය නැතුව ඇඳට වැටෙනකොට මං දුවලා ගිහින් ඩොක්ටර් කෙනෙක් එක්කගෙන ආවා. අපිට එලියට යන්න කිව්ව ඩොක්ටර් බිනූව චෙක් කරනකන් කිසිම අරමුණක් නැතුව මං එලියට ආවා. බිනූගේ අයියා එලියේ බලාගෙන හිටියේ කඳුලු පුරවගෙන. මං දොරෙන් එලියට අඩිය තියනවත් එක්කම එයා මාව තද කරලා බදාගත්තා.

"මල්ලී.....මගෙ පොඩි එකාව බලාගන්න....තාත්තා මාත් එක්ක ආයේ ආවා. මගේ ෆෝන් එකේ බැට්‍රි තිබ්බේ නෑ බං කියන්න උඹලට...මට සමාවෙයන් මල්ලී...මං යන්න ඕනේ.... තාත්තව කාර් එකෙ  තියලා නොවඳිනා වැඳුම් වැඳලා ආවේ. මට වැඩි වෙලාවක් නෑ. මං ඉල්ලන්නේ මෙච්චරයි....උඹව විශ්වාස කරන්නම් මං....මගේ පොඩි එකාව බලාගන්න. ඌට අපි නැතුව ඉන්න දන්නෑ. අනේ මල්ලි ඌව බලාගනින්...ඌට කියපන්...මං එනවා කියලා....." ලොකු අයියා කඳුලු පුරවන් කියනකොට මං ඔලුව වැනුවේ හිතන්නෙවත් නැතුව. "මට පොරොන්දු වෙයන්...මගේ පොඩි එකාට මුකුත් වෙන්න දෙන්නෑ කියලා." මං ඒ අත උඩින් මගේ අත තිබ්බා.

"පොරොන්දු වෙනවා. මගේ පණ දීලා හරි බිනූව ආරක්ශා කරන්නම්." මං පොරොන්දු වුනේ හදවතින්මයි. 

...............................................................

දීපු බෙහෙත් නිසා පැය ගානක නින්දකින් බිනූ ඇහැරෙනකොට හවස් වෙලා. පුංචි කැස්සක්  එක්ක කොල්ලා වටපිට බලන්නේ කාව හොයන්නද කියලා මට හිතුනා. මං ඉක්මනට ඇඳ ලඟට ගියා. බිනූ සුදුමැලි වෙලා. 

"ඇයි බිනූ.....කොහෙහරි රිදෙනවද?" බිනූ ඇස් ලොකු කරන් මගේ දිහා බලන් ඉන්නකොටයි මම දැක්කේ ඒ ඇස් අග කඳුලු බින්දු එලියට එන්න දඟලන විදිය. පුංචි දේකටත් කඳුලු පුරවගන්න මේ කොල්ලා කොහොම මේ දේවල් දරාගනීද කියලා හිතෙනකොටත් මාව වෙව්ලලා ගියා. මොකද මං දන්නවා....මූ ඒ තරම්ම පවුලට ආදරේ කරා. 

DrizzleWhere stories live. Discover now