22. Jeju 🏝️ Part 1

Start from the beginning
                                    

JM : "මොන විකාරයක්ද මේ..ඒක නෙවෙයි..හිහ් මං ඔය දෙන්නගෙන් දෙයක් අහන්නමයි හිටියෙ."

ජිමින් ඩෝනට් එක ටේබල් එකෙන් තියල ඉක්මනට නැගිටලා අත් දෙකත් පපුවට බැදගෙන කිව්වෙ යුන්ගියයි ටේයි කටත් ඇරගෙන බලාගෙන ඉද්දි.

SUGA : "මොකක්ද?"

JM : "දැන් දෙන්නම උත්තර දෙන්න ලෑස්ති වෙන්න..මේකයි..මං දකින දකින වෙලාවක් ඇත්තම්,කොහෙද ඉන්නෙ මෙකද කරන්නෙ කියල අහන වෙලාවක් ඇත්තම් ඔය දෙන්නා එකටමයි ඉන්නෙ.අනික ටේ ඔයාට වෙනම අපාර්ට්මන්ට් එකක් තිබිලත් මොකක්ද හැමවෙලේම යුන්ගි හ්‍යොන්⁣ග්ගෙ ගෙදරට වෙලා කරන්නෙ ආ..මොකක්ද මෙතන වෙන්නෙ කියල මට දැනගන්න පුලුවන් ද මිස්ටර් සෝල්මේට්?"

ටේයි යුන්ගි යි මූනෙන් මූන බලාගත්තා..

V : "ම්..මොකක්ද..මට තේරෙන්නෙ නෑ."

JM : "ඔව් ඔව් ඔහේ බබානෙ..මෙතන මොකාාාක් හරි තියනවා ටේ..මං හොයාගන්නම්කො."

SUGA : "යාහ් ජිමිනා..මගෙ කොල්ලට එක එක ඒවා කියන්නැතුව ගිහින් ලෑස්ති වෙනවද .."

යුන්ගි එහෙම කියන ගමන් ටේගෙ කර වටේ අත දාගත්තා.ජිමින් ගෙ ඇස් ලොකු වෙද්දි බොහොම අමාරුවෙන් හිනාව තදකරගත්තා.

JM : "මගෙ කොල්ලා නේද? වාව්..මගෙ කොල්ලා..හොදයි හොදයි ඔහොම යන්කො.ටේ..ඒයි මගෙ ඇස් දෙක දිහා බලනව.. ජේජු ගිහින් ආව ගමන් මට මේ දේවල් පැහැදිලි කරන්න ලෑස්ති වෙනව හොදද.."

ජිමින් හිනාවෙවී ඉන්න ටේගෙ කනත් මිරිකලා රූම් එකට ආවෙ ජේජු යන්න අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න.

SUGA : "මොකක්ද ඒ කිව්ව අපබ්රංස කතාව?"

V : "තනිකඩව ඉන්න හින්දනෙ මේ ඔක්කොම..යාහ් මට කෙල්ලෙක් හොයල දීපියව්.."

                    ***********

ජන්ග්කුක් පාන්දර ම සේජින් ගෙ ක්ලබ් එකට ආවෙ නිදහසෙ කතා කරන්න ඕන වුන නිසා.සේජින් කියන්නෙ අවුරුදු ගානකට කලින් ජන්ග්කුක් ගෙ මැනේජර් වගේම එයාගෙ හොදම යාලුවෙක් කිව්වොත් හරි.

ක්ලබ් එකේ ඒ වෙලාවෙ කව්රුත්ම හිටියෙ නැති තරම්.ලාවට මියුසික් එකක් ප්ලේ වෙනව.බාර් එකට එහා පැත්තෙ හිටපු සේජින් ජන්ග්කුක් ව දැකපු ගමන් දුවගෙන ඇවිත් හග් කලා.

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now