💥 Chapter 04💥

Start from the beginning
                                    

හෝසොක් එහෙම කිව්වෙ යුන්ගි දිහා බලල අමුතුවට හිනා වෙන ගමන්.

" ළමයෙක් ඉන්නව මෙතන.මෙතන කියවන්නෙ වෙන වැඩ නැද්ද ? මන් දියා දිහා බලන්නෙ නැතුව වෙන කවුරු බලන්නද ? වෙන කෙනෙක් බැලුවොත් ඒකත් බලාගන්න පුලුවන් මට.හැක හැක ගගා හිනාවෙන්නෙ නැතුව එනවා යන්න දැන්.කාගෙහරි චරිතයල් ඝාතනය කරන්න තිබ්බොත් ඇති නේද උබට."

"කාගෙවත් චරිතයක් නෙමේනෙ බන් උබේ චරිතෙනේ."

හෝසොක් එහෙම කියලා හිනා වෙද්දි යුන්ගි හෝසොක්ට රැව්ව පාර වුනේ යේහා හිනා වෙච්ච එක.

"ඔය නෝනා හිනාවෙන්නෙ ඇයි ? වැඩක් නැත්තන් අර ඔයාගෙ මහලොකු බෝයිෆ්‍රෙන්ඩ්ව එක්කන් ආවොත් හොදයි.තාම රූම් එකෙන් එලියට ආවෙ නෑ.මට සැකයි එයාද මනමාලයා කියලා.මනමාලයා වෙච්ච මටවත් ඔච්චර වෙලා ගියෙ නෑ රෙඩි වෙන්න."

යුන්ගි එහෙම කියලා යුවීවත් වඩාගෙන පල්ලෙහට යද්දි හෝසොක් යන්න හැදුවත් යේහා හෝසොක්ගෙ අතින් ඇල්ලුවා.

"මොකක්ද ඔප්පා කතාව ? "

"කතාව තමා ඔබ ඇස් පිය නොහෙලා බැලුවා.මන් පස්සෙ කියන්නම්."

හෝසොක් එහෙම කිව්වට පස්සෙ දෙන්නම හිනා වෙන්න ගද්දි ආයෙත් යුන්ගි හෝසොක්ගෙ නම කියලා කෑගැහුවා නිසා හෝසොක් යේහාට තට්ටුවකුත් දාලා එතනින් යන්න ගියා.

හෝසොක් ගියාට පස්සෙ යේහා ගියෙ guest room එකට මොකද මේ දවස් ටිකේම ජන්කුක් හිටියෙත් මෙහෙ නිසා.යේහා guest room  එකේ දොරට තට්ටු කරත් ඇතුලෙන් කිසිම රිඇක්ශන් එකක් ආවෙ නැති හින්දා යේහා ජන්කුක්ගෙ රූම් එකේ දොරත් ඇරන් ඇතුලට ගියා.
යේහා ජන්කුක්ගෙ රූම් එකට යනකොට කොල්ල හිටියෙ මිරර් එක ලගට වෙලා.

"ඔප්පා මේ ඔ "

යේහා තමන් කියන්න ගිය දේ කියන්නෙ නැතුව බලන් හිටියෙ ජන්කුක් දිහා.යේහා ආව හින්දා ජන්කුක් අනිත් පැත්ත හැරෙද්දි කෙල්ල ඇහි පිල්ලම්වත් ගහන්නෙ නැතුව බලන් හිටියෙ ජන්කුක් දිහා.මොකද ඒ වෙලාවෙ ජන්කුක් හිටියෙ උඩට shirt එකක්  නැතුව.දෙන්න එෆෙයා එකක් ස්ටාට් කරල අවුරුද්දකට වඩා වැඩි වුනත් යේහා ජන්කුක් මේ විදිහට ඉන්නවා කවදාවත් දැකල තිබ්බෙ නෑ.ජන්කුක්ගෙ දකුණු අතේ තිබ්බ ටැටූ එකයි සිස් පැක් ටිකයි දැක්කම යේහා එකපාරටම ආසාවක් ආවෙ ජන්කුක්ගෙ ටැටූ එක අල්ලන්න.

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Where stories live. Discover now