ස්පර්ශයකින්වත් හම්බෙන්න බැරිවුන රෑට කටහඬ විතරක්ම ඇහුන කාර්‍යබහුල සතියකට පස්සේ එකපාරටම එයාට මාව ගමනක් එක්කගෙන යන්න ඕනේ වුනා. ඉරිදා දවසක හවස 4 ට විතර කලුම කලුපාට Ducati1199 එකකින් ඇවිල්ලා හදිස්සි කරලා කරලා ඇඳන් හිටපු එක පිටින් මාව දාගෙන මට කියන්නෙත් නැතුව කොහේද මන්දා ඉගිල්ලුනා. මේ බයික් එකනම් එයාගේ බව මං දැනන් හිටියා ඒත් දැක්කේ අද. ගුඩ්නස් මේ මනුස්සයා යන ස්පීඩ් එක.....!!!!!!!!!!!!! මං බයටම එයාගේ බඩ වටේට අත දාලා ඇස් වහගෙන හිටියා. මට බයික් එක නවත්තපු බවවත් දැනුනේ නෑ. එයාම දාපු ෆුල්ෆේස් හෙල්මට් එක ගලවලා කම්මුලට හාදුවක් තිබ්බම තමා මං ඇස් ඇරියේ. 

"බහිමු බිනූ....බඩ්ඩක් පෙන්නන්න එක්කන් ආවේ." යොශේන් අයියා හෙල්මට් එක මගේ ඔලුවෙන් පන්නලා බයික් එක උඩින් තියලා කකුල් දෙක එහාමෙහා කරගන්න බැරුව ඉඳපු මාව උස්සලා බිමින් තිබ්බා. අම්මෝ මේ ජාතියේ බයික් වල ගිය උන් දන්නවා ඒ සනීපේ. හුෆ්ෆ්ෆ්ෆ්. 

මං වටපිට බැලුවා. සෑහෙන්න ලස්සන තැනක්. ගෙදරකටත් වඩා ඒක මැන්ශන් එකක් වගේ. පුංචි පූල් එකක් එක්ක සුදු පාටෙනුයි ලා දුඹුරු පාට ග්‍රැනයිට් වලිනුයී හැඩ කරලා තිබුන ඒ ගොඩනැගිල්ල මට හරිම සහනදායී හැඟීමක් ගෙනාවා. කහ පාට ලයිට් එලියෙන් හැඩවුන ඒක ඇතුලේ කවුරුත් ඉන්න බවක් නම් මට පෙනුනේ නෑ.

"හොටෙල් එකක්ද අයියේ? ඇයි මෙහේ ආවේ?" මං යොශේන් අයියගේ අතින් අල්ලගෙන ඇහුවා. 

"හොටෙල් එකක් නෙමේ සුදු මැණික....." මං එයා දිහාම බලන් හිටියේ මට තේරුම් ගන්න බැරිවෙච්ච නිසා. 

"ඔහොම බලන් ඉන්නෙපා යකූ උණහපුලූ පැටියෙක් වගේ. මගේ ගෙදර මේ." අති විශිස්ටයි මිත්‍රවරුනි. මං අතිසාර්ථකව මානසික බ්‍රේක්ඩවුන් එකකට මූණ දුන්නා.

"හෑ? ඔයාගේහ්හ්හ්?  මෙච්චර ලොකු...?"

"ම්ම්ම්...මගේ තමා බිනූ...අවුරුදු ගානක මගේ පඩිය මේ. මට කරන්න දෙයක් තිබ්බේ නෑ නේ ඒකට. මායි සාකේතයි ආමි එකට ආවේ ඕලෙවල් ඉවර වෙච්ච ගමන්. ඒ කියන්නේ අවුරුදු 18න්. දැන් මට 30ක්නේ. බ්‍රිගේඩියර් කෙනෙක් වෙලා දැන් අවුරුදු 4ක්. ඔයා හිතන් ඉන්නවට වඩා මගේ පඩිය ලොකුයි මැණික." යොශේන් අයියා මගේ බෙල්ල ඉඹින ගමන් කිව්වා. 

"වාව් අයියේ...මේ තැන නම් මාරම නිදහස්." මං කිව්වේ වත්ත පුරාම දුවන ගමන්. යොශේන් අයියා මගේ අතකින් ඇදගෙන ඇවිත් ගෙදර දොර ඇරියා. 

"පොඩී වැඩ වගයක් තිබිලා පෙරේදා ඉවර වුනේ. මායි සාකේතයි ඇවිත් ඊයේ තමා අස් කරලා දැම්මේ." යොශේන් අයියා කියන දේවල් අහගෙනම, මං ගෙදර ලස්සන වින්දා. ඒ ගෙදර ලස්සනටත් වඩා හරිම හුරුබුහුටියි. 

අපි දෙන්නා ගේ පුරාම ඇවිදලා දොර ගාව පඩියෙන් වාඩි වුනා. මේ ගෙදර දොර තියෙන්නේ තාප්පෙකට මුහුණලා නිසා ගේට් එකෙන් බලන කාටවත් දොර පේන්නේ නෑ. යොශේන් අයියා වාඩි වුන පඩියට පල්ලෙහා පඩියේ මං වාඩි වුනාම එයා මාව පපුවට හේත්තු කරගත්තා. 

"දන්නවද?" 

"ම්ම්ම්ම්"

"මේ ගෙදර පිලිවෙලක් කරාට පස්සේ මුලින්ම අඩිය තිබ්බේ ඔයා." මං උත්තරයක් නොදීම අයියගේ මූනේ මගේ කම්මුල ඇතිල්ලුවා. එයා හරි ආසයි මං එහෙම කරනවට. 

"මට එතකොට මගේම කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා දැනෙනවා. මටම අයිති....මාව අයිති කරගත්ත, මගේ හැමදේම ආත්මෙන්ම බෙදාගන්න පුලුවන් කෙනෙක් මං ලඟම ඉන්නවා කියලා මට දැනෙනවා" එහෙමයි එයා ඒක අර්ථකථනය කරන්නේ. 

අපි ලං වෙලා හිටියේ පොඩ්ඩ කාලයක් වෙන්න පුලුවන්.....ඒත් වෙන කිසිම කෙනෙක්ට වඩා අපි හරිම වේගෙන් එකිනෙකාව තේරුම් ගනිමින් හිටියා. හරියට කලින් හම්බෙලා හොඳට අඳුරගෙන ගියපු කෙනෙක්ව අමතක වුනත්.....ඉවෙන් වගේ ලං වෙන්නේ.....ආන්න ඒ වගේ අපි දෙන්නා ලං වෙමින් හිටියා. ලොකු අයියා අපි දෙන්නටම පුරුද්දක් විදියට කතා කරනවා.එයාට යොශේන් අයියවත් එයාගෙම යශ් මල්ලි වෙලා. මං ඒ ගැන නම් හිටියේ දරාගන්න බැරි සතුටකින්.


Vote if you like. Comment if you felt.

_Monalisa

DrizzleWhere stories live. Discover now