එදායින් පස්සේ චිරාත් මගේ හොඳ යාලුවෙක් වුනා. ටික දවසක් යද්දි මට තේරුනා මගේ හදවත ගැහෙන්නේ වෙනස් විදියකට කියලා. මං පුදුම වුනේ නෑ මං දැනන් හිටියා මං ගේ කියලා. මට තේරිලා තිබුනේ චිරාත් බලාපොරොත්තු වෙන්නේ රැකවරණයක් කියලා. මට එයාව දැනුනේ මගේ අම්මා වගේ. දවසක් මං අපේ වෝඩ් එකේ කොල්ලෙක් එක්ක චැටක් දාගෙන ඉද්දි චිරාත් ඇවිත් මාව ඇදගෙන  ගියා. මං හේතුව ඇහුවත් එයා කිව්වේ නෑ. මාව ඇදගෙන ඇවිත් අපේ රූම් එකට දාලා දොර ලොක් කරා. 

එකපාරටම මට කැමතියි කිව්වා. තවත් හංඟගෙන ඉන්න බෑ කිව්වා. මං සුපිරියටම ශොක් වුනා බං. මං ලඟින් ගියත් මූණ රතු වෙන කොල්ලා මෙහෙම කන්ෆිඩන්ස් පිට මට ආදරේ කියන එක. මං සිරාවටම ලැජ්ජ වුනා මට මේ තරන් ශක්තියක් නොතිබුන එක ගැන. එයාම කිව්වා මාත් එයාට ආදරෙයි ඒක මගේ ඇස් වලින් පේනවා කියලා. මං එයාට කැමති නෑ කිව්වොත් ඒකේ තේරුම මං එයාට ආදරේ නෑ කියන එක නෙමෙයි ඒක මං පිලිගන්න කැමති නෑ කියන එකයි කිව්වා. 

මට කියන්න කිසී දෙයක් ඉතුරුවෙලා තිබුනේ නෑ. ඒ අහපු විදියට මට ඉතුරු වෙලා තිබුනේ ඔව් කියන්න විතරයි. නහය රතු කරගෙන කණ්ණාඩි දෙක උඩට කර කර හිටපු කොල්ලව මං ඇදලා අරගෙන කිස් කරා.......ඕන්න ඕකයි වුනේ....බුහහහහාආආආආ" කටත් ඇරගෙන කෙල බේර බේර ලව් ස්ටෝරිය අහ අහ හිටපු මට ඩියෝන් ඔලුවට එකක් ගහනකොට තමා මං පියවි සිහියට ආවේ. 

පුදුමයක් නෑ.....චිරාත් අයියා හොඳයි සීඅයිඩී එකට යවන්න. එයා කතා කරන විදියට එයාට ඕනේ දේ අනික් අය කියනවා. ඒ තමා එයාගේ ස්ටයිල් එක. මං චිරාත් අයියා ඩියෝන්ට කන්ෆෙස් කරපු මොහොත මවාගන්න උත්සහ කරා. 

"මං හිතුවෙම මූ ටොප් කියලා මගෙන් ගේම ඉල්ලපු හැටියට. තාමත් සමහර වෙලාවට එයාව ඇඳේ දකිනකොට මට ශුවර් නෑ වගේ....හහ්හහ්හා" ඩියෝන් උගේ වල් හිනාව දාන ගමන් කිව්වා. ඕහ් ශිට් මේ යකාහ්හ්හ්...... සැක් මගේ පිවිතුරු සිත. 

"ෆො ගෝඩ් සේක් ජස්ට් ශටප් ඩියෝන්......" මං අතේ තිබ්බ එකෙන් ඩියෝන්ට දමලා ගැහුවා. 

 ................................................................

අපි ලං වෙලා දැන් මාස දෙකකටත් වැඩී

DrizzleWhere stories live. Discover now