13.Jimin's Favourite food

Start from the beginning
                                    

Jihyun : "ජන්ග්කුක්,අද ගෙදරත් කොන්සර්ට් එකක් කරනවද ඔයාලා.."

ජීහියුන් කුකීගෙ රූම් එකේ දොර දිහාට හැරිලා ඇහුවා..ඇත්ත..රූම් එකේ එකටම සින්දු කියනවා සෙට් එක..

JK : "ආනි ආනී ජීහියුන්..එයාල ප්රැක්ටිස් කරනවා..කොන්සර්ට්ස් ලගයිනෙ.."

Mrs.Park : "ඔහ් දවසම මහන්සි වෙලා ගෙදර ආවාමත් ප්රැක්ටිස් කරනවද ජන්ග්කුක්..ඔයාල මහන්සි වෙනවා හොදටම වැඩියි..පව් මගෙ දරුවො ටික.."

JK : "අපිට දැන් පුරුදු⁣ වෙලා ඔමොනී හිහ්.."

~ ඔමොනී දන්නවනම් මේ එයාගෙ පුතාගෙයි,මගෙයි බෝයිෆ්රෙන්ඩ්⁣ ලා වීමේ ප්රීතිය නිමිත්තෙන් පවත්වන සාදයක් කියලා..~

ජන්ග්කුක් අමාරුවෙන් කෙල ගිලල බිම බලාගත්තා..

Mrs.Park : "ජන්ග්කුක් කොහෙද මගෙ ජිමින්?නිදිද?එයාට දැන් උන අඩුයිද?"

JK : "මං එයාට කතා කරන්නම් ඔමොනී..එයා නම් නිදාගෙන ඉන්නෙ..දැන් තමා ටිකක් අඩු.."

ජන්ග්කුක්ගෙ කන් දෙක ලොක් වුනේ රූම් එක ඇතුලෙන් මයික් එකෙන් ආව ජිමින්ගෙ කටහඩට..

JM : "කුක්කී...මගෙ කුකී...ඔයා කොහෙද බේබ්..හිහ්..අයි ලව් යූ කු..හිහ්"📣📣

ජන්ග්කුක්ගෙ විතරක් නෙවෙයි ජීහියුන්ගෙයි,මිසිස් පාක්ගෙයි ඇස් ⁣ ලොකු වුනා..

ජන්ග්කුක් මහ සද්දෙන් කහින්න පටන් ගත්තා..

ජීහියුන් නම් හිනාවෙනවා..මිසිස් පාක් කටත් ඇරගෙන ජන්ග්කුක් දිහා බලාගෙන ඉන්නවා..

JM : "මගෙ කුකී....එන්නකෝ..."📣📣

ජිමින් මයික් එකට හිනා⁣වෙනවා..

~ ආයෙත්..ජිමින් ජින්ජා? කට වහනවා මෝඩයෝ...මාව මෙතන අසරණ කරන්නැතුව..ඕන වෙලාවට දන ගහල වැදලා ඉල්ලුවත් ආදරෙයි කියන්නෑ..~

JK : "ඔමොනී..හිහ් ඔය කුකී කියන්නෙ ජිමින්ගෙ පූස් පැටියට..ම්...ඔයාල දන්නවද එයා පාරෙ ඉදලා සුදු පාට ලස්සන චූටි.."

Mrs.Park : "ජන්ග්කුක්,ඔයා කිව්වා නේද එයා නිදි කියලා.."

JM : "කුකී..."📣📣

~ ඔහ්,ශිට් ජිමින්..අද මං ඔයාව ඉතුරු කරන්නෑ..මං මේ කිසි දෙයක් දන්නෑ ඔමොනී..ඔයාගෙ පුතත් එක්ක විසදගන්න..~

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now