JK : "ආාා..කට වහනව ජිමින්.ඔයානෙ කිව්වෙ ⁣අද ඩේට් එකකට යන විදිහ ප්‍රැක්ටිස් කරමු කියලා."

කුකී ලැජ්ජාවෙන් බිම බලාගත්තා.

JM : "⁣ජිමින් නෙවෙයි ජිමින් හ්‍යොන්ග්.මොකද දැන් හැමවෙලේම 'හ්‍යොන්ග්' කෑල්ල හැලෙන්නෙ ආ?"

JK : "චහ්..මට වඩා මිලිමීටරයක් හරි උසයි නම් හ්‍යොන්ග් කියන්න තිබ්බා."

ජිමින්ට තරහ ගියත් එයා ඉනට අත් දෙක තියාගෙන මූන ඇල කරල ජන්ග්කුක් දිහා බැලුවෙ හිනාවෙලා.

JM : "ඇත්තට?
හරි හරි.කොහොම වුනත් ඔයා හොදටම හිතට අරගෙන තියෙනව කුකී.නියමයි..
ඔය විදිහට ගියොත් නම් තත්පරේකටවත් කෙල්ලෙක් ඔයාගෙන් ඇස් එහාට ගන්නැති වෙයි..
එහෙනම් අද පාඩම පටන් ගමු.කජා!"

ජිමින් කිව්වෙ අත් දෙකෙන්ම එයා ඉස්සරහ ඉන්න උස කොල්ලගෙ උරහිස් වලින් අල්ලගෙන.

ඒ ලස්සන පපී ඇස් එයාගෙ ආත්මයටම කිදා බහිනව වගෙයි ජන්ග්කුක්ට දැනුනෙ.හදවත වේගෙන් ගැහෙන්න ගත්තෙ ජන්ග්කුක් ඒ ඇස් අස්සෙ අතරමං වෙලා නොදන්න ඈතකට ඇදිල යද්දි.

'ශිට්! ඇයි මගෙ හාට්බීට් එක පිස්සු නටන්න පටන් ගන්නෙ?'

ජිමින් මැක්නේගෙ බ්ලැක් කලර් ජැකට් එක දිගේ පහලට අත් ගෙනියන ගමන් ආයෙමත් හිනාවෙන්න පටන් ගත්තා.
ජන්ග්කුක් අමාරුවෙන් කෙල ගිල්ලා.

රෝස පාට පිරුන තොල් ආයෙත් මොනාහරි කියන්න උල් වෙන විදිහ ජන්ග්කුක් දැක්කා.

JM : "කව්ද හිතුවෙ ඔයා මෙච්චර උනන්දුවෙන් ලෑස්ති වෙයි කියල කුකී.
ලස්සනයි ඉතින්.මරු හැබැයි හිහ්.."

ජන්ග්කුක් දන්නව දැන් ජිමින් එයාව විහිලුවකට අරන් ඉන්නෙ කියලා.

ජන්ග්කුක්⁣ තරහෙන් රවන විදිහ දකිද්දි ජිමින්ට හිනාව නවත්තගන්නම බෑ.

JK : "එහාට වෙනව.!
මං අදහස වෙනස් කරා.ඔයා හ්‍යොන්ග්ලත් එක්ක යන්න.මං ටේත් එක්ක ස්ටූඩියෝ එකට යනවා."

JM : "ඔහ් මියානෙ මියානේ කුකී.!
තරහ ගන්න එපා ඉතින්..ඔය පැය ගානක් තිස්සෙ ලෑස්ති කරපු මූන අපරාදේ.රවන්න එපා පැටියො.."

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now