" හරි මැනික හරි... මම කියන්නම්... ඔයා දැන් අවදානෙන් ඉන්න ඕනී.... හොදට හුස්ම ගන්න.... "
යුන්ගි හොබීගේ දාඩියෙන්ම තෙත් උනු කෙස් අතරේ ඇගිලි යවන ගමන්... හොබීගෙ එක අතක් තදින් අල්ලගෙන හිටියා...
" මිස්ටර් මින් යුන්ගි... "
" ඩොක්ටර් "
" දැන් ඔයා එලියෙන් ඉන්න.. බය වෙන්න දෙයක් නෑ.. "
" ඕකේ ඩොක්ටර් "
" එපා...... අනේ.. හ්යුන්ග් .. මට බයයි... ඔයා යන්න එපා... "
යුන්ගි කාමරෙන් එලියට යන්න යද්දිම හොබී කැ ගැහුව නිසා.. යුන්ගිට සිද්ද උනේ ඩිලිවරි එක ඉවර වෙනකන්ම හොබීගේ එහා පැත්තෙන් ඉන්න... දැනෙන වේදනාව නිසාම හොබී එක අතකින් යුන්ගිගේ අත තද කරලා අල්ලගෙන හිටියා...
තමන්ගේ දරුවා වෙනුවෙන් විදින හොබීගෙ මේ වේදනාව... හොබීගේ කෑ ගැහිල්ල ... හොබී ගේ කදුලු .. මේ සේරම යුන්ගිගේ හිතේ හොබී ගැන තිබුනු ආදරේ තවත් වැඩි කලා...
පැයක පමන උත්සහයකින් පස්සේ අහගෙන ඉන්න ආස හිතෙන තරමටම මිහිරි.. චුටි කටහඩකින් මුලු කාමරේම පිරිලා ගියේ හොබීගේ වගේම යුන්ගිගෙත් ඇස් වලට කදුලු එකතු කරලා...
" congratulations මිස්ටර් යුන්ගි... පුතෙක් "
යුන්ගි දැක්කේ ඩොක්ටර්ගේ අත් අතර චූටිම චූටි රෝසමලක් තියලා වගේ.... රතුම රතු පාට උනු අත් කකුල්.... තැන් තැන් වල තිබුනු කෙස් .... කාමරේ පුරාම විහිදිලා තියෙන කිරි සුවද.... යුන්ගිව මොහොතකට වෙනමම ලෝකෙකට අරන් ගියා... වෙව්ලන අත් වලින් ඩොක්ටර් ගේ අතේ හිටපු රෝසමලව අතට ගත්තු යුන්ගි චූටි බබා දිහා බලාගෙන හිටියේ ලොකු ආදරේකින් ...
" හොබී...හොබී බලන්නකො... එයා අපේ.... එයා ලස්සනයි... එයා ඔයා වගේ... අනේ එයා රෝසපාටයි හොබී... "
යුන්ගි එක දිගට කියව කියව අලුත් බබාව හුරතල් කරද්දි හොබිත් ඒ දිහා බලාගෙන හිටියේ ගොඩක් ආදරෙන්... යුන්ගි හිමින් හොබීගේ තුරුලේ චූටී පැටියව තියලා... හොබීව තමන්ගේ තුරුලට ගත්තේ ලොකු වගකීමක් ලැබුනු අප්පා කෙනෙක් විදිහට ..
" හොබී.... ස්තූති මගේ ජීවිතේට ආවට... හැමදාමමත් කියනවා වගේ.. ඔය හිනාව... නැතුව... මේ විටමින් එක නැතුව මම නිකන්ම නිකන් මින් යුන්ගි විතරමයි ... ඔහේ ගලාගෙන ගියපු මගේ ජීවිතේ ලස්සන කලේ ඔයා මගේ රෝසමල... මොන තරම් ප්රශ්න ආවත් මාව ඔයා ලගම නවත්ත ගත්තට ස්තූති හොබී ... ඒ වගේම .... අද තමා මම වැඩියෙන්ම සතුටු වෙන දවස.... දන්නවද හොබී.. ඒක මෙහෙමයි කියලා මට විස්තර කරන්න බෑ... මේ චූටි පැටියා.... තමා ඔයා මට දුන්නු වටිනම තෑග්ග... පොරොන්දු වෙනවා... මම ඔයාලා දෙන්නවම ගොඩක් හොදට බලාගන්නවා.... හ්යුන්ග් ව විශ්වාසයි නේද ?"
කතා කර ගන්න බැරි තරමටම හෙම්බත් වෙලා හිටපු හොබී ඇස් වල කදුලු පුරෝගෙනම යුන්ගිට තවත් තුරුලු උනා....
වැටෙන වැහිබින්දු ලස්සන මල් රටා මවද්දි ප්රංශ නිල්මැනික වුනු ඇනීසිය තව තවත් හැඩ උනා...... පරිසරයම මේ සතුටු මොහොත ලස්සන කරද්දි ......
චූටි පැටියා පපාගේ තුරුලේ උනුහුම් වෙද්දි.. හොබී යුන්ගිගේ තුරුලුමෙ සැනසුනා... මේ තමා විවිධාකාර බාදකත් එක්ක ආපු ඔව්න්ගේ ආදර කතාවෙ ලස්සන අවසානය....
මතක තියා ගන්න...... එයාලා අපිට කියලා දුන්නා...
When life gives you rainy days ⛈
Wear cute boots and jump in the puddles 🌝🌼🌈⚡️☔️🌨
( VIMNETH )
⚡️PEACHY ⚡️
🌈The end 🌈
___________________________
Hi peaches 🍑
Season 1& 2 කතා දෙකම එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ස්තූති 😌❤️
මේක ගොඩක් කල් ඇදුනා.. ඉතින් ඒකට සමාවෙන්න.... ☹️
ඉතින් ඔන්න මගේ රේනි ඩේස් කතාව නම් මෙතනින් ඉවරයි... ආයෙමත් සෝප් එකක් අරන් එන්නම්...
Bye peaches 🍑❤️
Love you ❤️🍑
YOU ARE READING
Rainy days ~ s2 [ sope ] COMPLETED ~
Fanfiction~ රෝස මල .... අපිට යන්න වෙලාව ඇවිත් ~ ( min yoongi ) ~ හ්.. හ්යුන්ග් අපි යන්නම ඕනෙද ~ ( Hope ) ** එයා එන්නයි යන්නේ ** Happy rainy days ❤️ ~ Raining days season 2 ~Sope/ff/bl Coverd by - @JINius_MooN 💜
^^18^^ || End ||
Start from the beginning
![Rainy days ~ s2 [ sope ] COMPLETED ~](https://img.wattpad.com/cover/290546958-64-k154447.jpg)