^^5^^

316 86 24
                                        

" හොබී මොකද කරන්නේ ඔය සීතලේ... එන්න ඇතුලට "

මම උදේම ටිකක් එලියට ගියේ දැන් මේ වටපිටාවට මට හුරු වෙන්න සිද්ද වෙනවා නිසා.. ඇත්තටම මට ඒක ගොඩක් අමාරු නෑ.. මොකද මම ගොඩක්ම කැමති සාමාන්‍ය දේවල් වලට.... අපේ ගෙදර තිබුනේ ගොඩක් නිදහස් තැනක..... ලොකු ලොකු ගස් ගොඩකින් අපි වට වෙලා හිටියේ.... 

" හ්‍යුන්ග් ...... අනී ........ එන්නකෝ...... "

අහ්හ් මම කෑ ගැහුවා වැඩිද මන්දා... මගේ බබා ගොඩක් බය වෙලා.. එයා දුවගෙන ඇවිත් මාව වඩා ගත්තා...

" අනී..... එපා.... හ්‍යුන්ග් බිමින් තියන්න... අර... අජුම්මත් බලාගෙන ඉන්නේ... "

අපිට එහා පැත්තේ ගෙදර ... ඒ කියන්නේ අපේ අසල්වාසීන් උනේ ගොඩක් කරුනාවන්ත අජුම්මා.. කෙනෙක්... එයා තනියෙන් තමා ඒ ගෙදර හිටියේ... ඉතින් ටික දවසක් යනකන්... අපි මෙහෙට පුරුදු වෙනකන් ... අපිට කෑම බීම විතරක් නෙමේ.. ඇදුමේ පැලදුමේ ඉදන්ම හොයලා බැලුවේ අජුම්මා.... එයා අපි දෙන්නටම ගොඩක් ආදරෙයි ......

" මොකද හොබී ඔයාට වෙලා තියෙන්නෙ... මම කොච්චර බය උනාද දන්නවද.... අහ්. "

" අර බලන්නකො.... චූටි හා පැටියෙක්... මට එයාව ඕනී... "

හ්‍යුන්ග් මට ටොක්කකුත් ඇනලා ගිහින් හා පැටියව අතට ගත්තා....

" අනේ හොබී.. එයාව තුවාල වෙලා... "

" හ්‍යුන්ග් .... අනේ... එයාට රිදෙනවා ඇති... අපි එයාව බලාගමුද.... "

මම පුලුවන් තරම් හුරතල් විදිහට හ්‍යුන්ග් දිහා බලාගෙන හිටියෙ... එයා ඒ දේ ඉස්සරහා අනිවාරෙන්ම නවතිනවා කියලා දන්න නිසා... හ්‍යුන්ග් මගේ එක කම්මුලක් මිරිකල මගේ අතට හා පැටියවත් දීලා... මාව අල්ලගෙන ගෙදර ඇතුලට ගියේ අපි දෙන්නා දිහා බලාගෙන හිනා වෙවී ඉන්නා අජුම්මටත් ආචාර කරලා....



-------------------------------------------------------
Author's pov :

" හෙලෝ... අන්‍යාසියෝ.... ස්ටාර් එන්ටර්ටේන්මන්ට් .... ඔව්.. ඔව්ව්... ජේ හෝප් කැනඩා වල ට්‍රේනින් එකක... "

" මින් යුන්ගි හෙල්ත් සිටුවේශන් එකක් නිසා ටික දවසකට හෙල්ත් ලීව් එකකයි ඉන්නේ.. "

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now