^^8^^

305 79 28
                                        

Jin's pov :

අපි ඇත්තටම අසරන වෙලා.... නම්ජූන් ගේ මූන බැලුවත් මට ගොඩක් දුක හිතෙනවා... ඒ පැත්තෙන් යුන්ගි... හොබී.... මේ පැත්තෙන් අපි පස්දෙනෙක් ගේ හීන.... මිනිස්සු දාස් ගානකගෙ රස්සා... මිලියන ගානක රසිකයන්ගේ හදවත්...... ඇත්තටම මට නම් මේකට විසදුමක් කිසිම විදිහකට හිතා ගන්න බෑ.... මේ ප්‍රශ්නේ හරි අපූරුවට විසදෙවී ඒ දෙන්නා ආයෙම ආවොත්.... ඒත් එතකොට ඒ ජීවිත දෙකට මොකක්ද වෙන්නේ...

අපි මේ දේවල් ගැන කීවොත් අනිවාරෙන්ම ඒ දෙන්නා ඒවී....අපි වෙනුවෙන්.. ලෝකයා වෙනුවෙන් එයාලගේ ආදරේ එයාලා අත අරීවි... එයාලා එයාලගේ හැගීම් හන්ගගනී.... යුන්ගි ආයෙම සීතල මනුස්සයෙක් වෙයි... හොබී හැමොටම පේන්න හිනා වෙලා රහසින්ම අඩයි..... නෑ ඒක වෙන්න බෑ... එයාලගේ ආදරේ ආරක්ශා වෙන්න ඕනේ.... අපි අන්තිම වෙනකන් සටන් කරන්න ඕනී... අපිත් මිනිස්සු.... ඒත් දැන් අපිට ඉන්න වෙලා තියෙන්නේ රූකඩ වගේ.. හරියට අපි අපේ ජීවිත තෑගි ඔප්පුවකින් ලියලා දීලා වගේ.....

" ජිනී... මොනවද කල්පනා කරන්නේ.. "

" නම්ජූන්... මට බයයි "

මට කරන්න වෙන කිසි දෙයක් මතක් උනේ නෑ... මම හැංගුනා... එයා ලග හැංගුනා.... කොහොමද මම මේවට මුහුන දෙන්නේ.... මට දැනුනා එයාගේ පපුවත් ගොඩක් වේගෙන් ගැහෙනවා... අපි හැමෝම මේ වෙලාවෙ ගොඩක් අසරනයි... අනේ දෙවියනේ.... එයාලට කරදරයක් වෙන්න එපා... මට කරන්න පුලුවන් උනේ එයාලා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන එක විතරයි... ඔව් ඒක විතරමයි....

මම නම්ජූන්ගේ න් ඉක්මනට අයින් උනේ එක පාරට අපි හිටිය රූම් එකේ දොර ඇරුන නිසා... පොඩි ලමයි තුන් දෙනාටම නින්ද ගිහිල්ලයි තිබුනේ.... ජිමින් නම් සද්දෙ නිසා හිමින් ඔලුව උස්සලා බැලුවා....

එතන හිටියේ සේජින් හ්‍යුන්ග් ... ඇත්තටම දෙවියො දැක්කා වගේ... ඩිරෙක්ටර් කොච්චර නපුරු උනත්... සේජින් හ්‍යුන්ග් අප්පා කෙනෙක් වගේ අපි ගැන හොයලා බැලුවා... ගෙදර ප්‍රශ්නයක් නිසා නිවාඩු ගිහින් හිටියත් මෙතන ප්‍රශ්නක් කියල දැන ගත්ත ගමන් සේජින් හ්‍යුන්ග් ආපිට ඇවිත් තිබුනා...

" හ්‍යුන්ග් "

" නම්ජූන්... ලමයො... මොකක්ද මේ කර ගත්තේ "

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Donde viven las historias. Descúbrelo ahora