Hobi's pov ;
මම අවදි වෙද්දි හිටියේ පොඩි කාමරයක... පොඩි කාමරයක් කියන්නේ ඔව්... ඒක ගොඩක් පොඩී.... මම ටිකක් වටපිට ඇස් යැව්වේ ඒක මට නුපුරුදු තැනක් නිසා... එතකොට මම දැක්කේ මගේ එහා පැත්තේ මගේ අතත් අල්ලගෙන ඇදට ඔලුව තියාගෙන නිදාගෙන ඉන්න මගේ හ්යුන්ග් ව... තාමත් කම්මුල් වල තිබුනු වේලුනු කදුලු පාරවල් නිසා මට තේරුනා එයා ගොඩක් අඩලා.... එයාගේ කම්මුල් ගොඩක් ඉදිමිලා තිබුනා... පේන විදිහට ගොඩක් නිදිමරලා.... මම එයාට ඇහරවන්නේ නැති විදිහට ඇද උඩින් වාඩි වෙලා බැලුවේ ඇත්තටම මේ කොහෙද කියලා.
මට මතක කාර් එකේදි යුන්ගි හ්යුන්ග් ට තුරුලු වෙනවා විතරයි .. මට සිහිය නැති උනා.... ඇද ලගම තිබුනු පොඩි ජනේලෙන් ඈත දැක්කම මට පෙනුනේ කොල පාට ගස්.... එහෙ මෙහෙ යන සත්තු.. කැනඩා වල මෙහෙම තැනකුත් තියෙනවද ?
" හොබී... මගේ හොබී... ඔයා අවදි උනාද "
යුන්ගි හ්යුන්ග් කලබලෙන්ම මාව තුරුල් කරගත්තා... එයා ගොඩක් බය වෙලා... එයාගේ පපුව ගොඩක් ගැහෙනවා මට දැනුනා.... එයා ගේ කටහඩ වෙව්ලනවා... එයා බය වෙලා...
" හ්යුන්ග් .... අපිට මොකද උනේ... අපි කොහෙද මේ ඉන්නේ... ඇයි මට මොකුත් මතක නැත්තේ... "
" සේරටම උත්තර දෙන්නම්... ඉස්සල්ල මොනවා හරි කමු... ඇයි මගෙ පැටියා කීවේ නැත්තේ බබා බඩගින්නේ හිටියේ කියලා.... මට සමාවෙන්න රෝසමල... ඕම ඉන්න... විනාඩියක් ඉන්න... "
යුන්ගි හ්යුන්ග් ගේ ඇස් වල කදුලු බලාගෙන ඉද්දි අලුත් උනා... එයා මාවත් දාලා ඉක්මනට කාමරෙන් එලියට ගියා .. මට හිතුනා.. මම ඕනවට වඩා වීක් .... මම හ්යුන්ග් ට කරදර කරනවා.....
" බබෝ.... කෝ මේක බොමු ... "
හ්යුන්ග් සුප් එකක් අරන් ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩී උනා... අහන්න ප්රශ්න ගොඩාක් තිබ්බත්... මට ඕන උනේ නෑ මේ ප්රශ්න අස්සේ හ්යුන්ග් ට අමතර ප්රශ්නයක් වෙන්න... ඒ නිසා මම හ්යුන්ග් කියන විදිහටම ඉන්න හිතා ගත්තා...
" කෝ බබා... මේ අන්තිම ටික .. ඔක්කොම බොන්න ඕනී "
" ඇති හ්යුන්ග් .... දැන් නම් බඩ හොදටම පිරිලා.. හ්යුන්ග් කෑවද "
YOU ARE READING
Rainy days ~ s2 [ sope ] COMPLETED ~
Fanfiction~ රෝස මල .... අපිට යන්න වෙලාව ඇවිත් ~ ( min yoongi ) ~ හ්.. හ්යුන්ග් අපි යන්නම ඕනෙද ~ ( Hope ) ** එයා එන්නයි යන්නේ ** Happy rainy days ❤️ ~ Raining days season 2 ~Sope/ff/bl Coverd by - @JINius_MooN 💜
![Rainy days ~ s2 [ sope ] COMPLETED ~](https://img.wattpad.com/cover/290546958-64-k154447.jpg)