^^14^^

287 63 28
                                        

ගන කැලෑවේ තිබුනු පාලු පාරක යුන්ගිගෙ වාහනය ඉදිරියට ඇදෙමින් තිබුනා... දැන් යුන්ගි ඉන්නෙ එයාගේ වටිනම දේ දිහා බලාගෙන... යුන්ගිට හොබීගෙන් ඇස් අහකට ගන්නම බැරි උනා... එක අතකින් සුක්කානම කරකවන ගමන්... අනිත් අත හොබීගේ අතත් එක්ක පැටලිලා තිබුනා..

" හ්‍යුන්ග් ... මොකෝ අනේ.. ඉස්සරහා බලාගෙන යන්නකො "

" බෑනේ මැනික... මට ඔයාව තුරුලු කරගන්න ඕනේ "

වෙනදටත් වඩා යුන්ගි අද ගොඩක් ආදරනීයයි .. එහෙම වෙන්න ඕනේ.. මේ තමයි යුන්ගිගෙත් හොබීගෙත් වැදගත්ම දවස... අනිත් අයට ඒක සරල විවාහයක් උනාට හොබීටයි යුන්ගිටයි ඒ ඔව්න්ගේ විවාහය... ඉතින් අද අමුතුම ජවයකින් යුන්ගි ගේ වගේම හොබීගේ හිතත් පිරිලා තිබුනා...

" කොහෙද හ්‍යුන්ගී අපි යන්නෙ "

" යමුකො මැනික... එයාලගෙ පුලුවන් තරම් ඈතකට යමු... මගේ රෝසමලව මම එක්කගෙන යන්නම්කො "

" හ්‍යුන්ගී.... "

" ම්ම්ම්ම් "

හොබී ටික වෙලාවක් යුන්ගි දිහා බලාගෙන ඉදලා යුන්ගිගේ කම්මුලට කෙටි හාදුවක් තිබ්බා... යුන්ගි කිසිම දෙයක් නොකියා තමන්ගේ අතත් එක්ක පැටලිලා තිබුනු හොබීගේ අත උඩින් ආදරනීය හාදුවක් තිබ්බා..

" කුමාවෝ හ්‍යුන්ග් ..... මම ගොඩක් පුදුම උනා වගේම.. අද දවස මට තාමත් හීනයක්. . මට විශ්වාස කරන්න බෑ යූන්... මම අද ඔයාගෙම උනා කියලා... දන්නවද මේ වගේ දවසක් ගැන මම කොච්චර කල්පනා කරන්න ඇතිද .. හ්‍යුන්ග් මට ඒ හැම සතුටක්ම අරගෙන ආවා... ඒ හැමදෙයක්ම හැබෑ කලා..  "

හොබී ට මේ දැනෙන හැගීම වචන කරන්න ඇත්තටම තේරුනේ නැ... ඒත් හොබී තේරෙන විදිහට යුන්ගිට එයාගේ සතුට ගැන තේරුම් කරන්න උත්සහ කලා.... යුන්ගි ලොකු රූස්ස ගහක් යටට වෙන්න කාර් එක නවත්තලා.. නවත්තන්නෙ නැතුව කියවන හොබී දිහා බලාගෙන හිටියා... යුන්ගි ආසම හොබීගේ හුරතලේට... හොබීගෙ කියවිල්ලට... කතා කරද්දි නොමැකෙන හිනාවට.... දිලිසෙන ඇස් වලට...

යුන්ගි හොබීගේ තොල් උඩින් ඇගිල්ල තියලා මොහොතකට හොබීගේ ඇස් වල අතරමං වෙන්න උත්සහ කලා..

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now