" හොබී.......... "

" හ්‍යුන්ග් "

‍යුන්ගිගේ රේස් දුවන හදවතේ රිද්මය හොබීටත් ඇහුනා... හොබී ඇස් දෙකේ කදුලු පුරවගෙන යුන්ගිට තුරුලු උනේ... යුන්ගිගෙත් ඇස් වල කදුලු පිරෙද්දි...

" මියානේ හ්‍යුන්ග් .... මේ සේරම සිද්ද උනේ මන් නිසයි "

" ශ්ශ්ශ් මැනික.... කිසි දෙයක් හිතන්න එපා...මට ඕන උනේ ආයෙමත් ඔය හිනාව දකින්න විතරයි.... මීට පස්සෙ හ්‍යුන්ග් ව දාලා කොහෙවත් යන්න එපා.... "

" හ්‍යුන්ග් .... ඔයාගේ හොබී.. හැමදාමත් ඔයාගේ මේ හයියෙන් ගැහෙන හදවත ඇතුලේ ඉන්නවා..."

" ඒත් මැනික... මේ හ්‍යුන්ග් ගේ හදවත ගැහෙන්නෙ මගෙ රෝසමල මන් ලගින් ඉන්නකොට විතරයිනේ "

යුන්ගිගෙ වචන වලින් හොබීගෙ කදුලු ආයෙමත් අලුත් වෙද්දි යුන්ගි ආදරේ පිරුනු හාදුවක් හොබීගෙ නලලින් තිබ්බා. ..

" හ්‍යුන්ග් ... අපිව එයාලා හොයා ගත්තේ නැද්ද... අපි ඉක්මනට මෙතනින් යමු "

හොබී යුන්ගිගේ අතත් ඇදගෙන කාමරෙන් එලියට යන්න හදද්දි හයියෙන් හිනා උනු යුන්ගි .. හොබීව බැක් හග් කර ගන්න ගමන් හොබීගේ උරහිසෙන් ඔලුව තියා ගත්තා..

" ඒ ප්‍රශ්න සේරම හරි හොබී.. අපි ආයෙම හැංගෙන්න ඕනේ නෑ .. "

" හරි කීවේ හ්‍යුන්ග් .. "

" අපි සේරගෙන්ම නිදහස් ... ඒ වගේම.. ඔෆීශියලි මම අපි දෙන්නගේ රිලේශන්ශිප් එක අන්ව්ස් කලා... "

" හ්... හ්‍යුන්ග් ??? "

හොබී ඇස් දෙකත් ලොකු කරගෙන යුන්ගි දිහා බැලුවේ තාමත් ඒ ඇහුන වචන හොබීට විශ්වාස කරන්න අමාරු උනු නිසා..

" ඔව් මැනික... බය වෙන්න එපා... ඔයා එව ගැන හිතන්නත් එපා.. හ්‍යුන්ග් ව විශ්වාස කරන්න මැනික... "

" ම්.. ම.. මට විශ්වාසයි .. ඒ..ඒත් හ්‍යුන්ග් ... මම කැමතී නිදහසේ ඉන්න... ම්.. මට.. ඕනේ... කාටවත්ම පේන්නෙ නැති තැනකට යන්න.. එතකොට කවදාවත් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නැති වෙයි හ්‍යුන්ග් .. අනේ ප්ලීස් අපි ඉක්මනට මෙතනින් යමුකො... හ්‍යුන්ග්.. අනෙ මාව එක්කන් යන්නකො... ප්ලීස් "

හොබී කටත් හද හද කලබලෙන් ඉවසීමක් නැතුව මියන දේවල් දිහා යුන්ගි බලාගෙන හිටියේ කට කොනින් හිනා වෙන ගමන්... තමන්ගේ අදහස් වලටම ගැලපෙන කෙනෙක් හමුවුනු එක ගැන යුන්ගි අවංකවම සතුටු උනා... යුන්ගි එක දිගට කියවන හොබීගේ තොල් වල අයිතිය තමන් අතට ගත්තා......
.
.
.
.
.
.
.
. " ස්තූති නම්ජූන් කරපු හැම උදව්වකටම "

" සුලු දෙයක් යුන්ගි හ්‍යුන්ග් .... එහෙම කියන්න එපා... අපි සහෝදරයෝ "

" හොබී.... අපිව බලලා යන්න එන්න ඕනි හොදද... "

" අනිවාරෙන්ම ජින් හ්‍යුන්ග් ... අපිට තව වෙඩින් එකක් තියෙනවනේ ඉතින් "

සේරම ප්‍රශ්න අවසානයේ යුන්ගිත් එක්ක වෙනමම තැනකට යන්න තීරනය කරපු හොබී... කාර් එක ලගට ගිහින් ජින්ට කට කොනින් හිනා වෙලා.. ඇහැක් ගැහුවේ ජින් ලැජ්ජාවෙන් නම්ජූන්ගේ උරහිසේ මූන හංගගනිද්දි ....

" පොඩි තුන් දෙනා.... ජින් හ්‍යුන්ග් ට කරදර කරන්නෙ එහෙම නෑ... " ( yoongi )

" ඕකේ සර් ....... ( tae/jk/jimin )

අවසානෙයේ හැමෝටම සමුදුන්න යුන්ගි සහ හොබී... පිටත් උනේ හිතේ නිදහසින් තමන්ගෙම ජීවිතයක් ගැන හීන මවමින්......

_______________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_______________________________

අන්තිම චැප්ටර් එකෙන් මුන  ගැහෙමු ❤️

__Vimneth

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now