"හෙලෝ මල්ලි. නයිස් ටු මීට් යූ. ඉතින් ...මොකෝ අද මේ දොස්තර මහත්තුරු ඔක්කොම මෙහේ?" සාකේත අයියා මගේ ලග තිබ්බ හිස් පුටුවෙන් වාඩී වෙන ගමන් ඇහුවා. 

"අපි ආවා අයියේ මොනාහරි කාලා යන්න. කොහේද මේ අයියෙක් කියලා එකෙක් ඉන්නවා හරියට කෑමක්වත් හදාගන්න පුලුවන් කියලයෑ මොකෝ" ඩියෝන් නම් හොඳට පුරුදූ කෙනෙක් වගේ කොතනත් එයාගේ සුපුරුදූ රාජකාරිය චිරාත් අයියව නෝන්ඩි කිරීම පටන් ගත්තා. 

"අප්පාහ්....චිරාත්ට හොඳට උයන්න පුලුවන් හැබැයි..." 

"පුලුවන් හැම වෙලේම උන්ට කන්න හදනවට මටයි බං ගහන්නෝනේ...."

"අනේ සුදු අයියනේ ඉතින් ඔයා. කෝ එන්න උම්මා එකක් දෙන්න." ඩියෝන් බලෙන්ම චිරාත් අයියට කිස් එකක් දෙනවා වගේ රඟපානකොට මට බකස් ගාලා හිනා ගියා. 

"අද ඕෆ්ද බං උඹලටත්?" චිරාත් අයියා ඩියෝන්ව අල්ලලා පුටුවට තල්ලු කරන ගමන් ඇහුවා. 

"ඔව් බං. ආවා ඉතින් ඇවිදලා යන්න පොඩ්ඩක්. හැමදාම කෑම්ප් එකෙන් කාලා එපා වෙලා."

"තනියෙන්ද ආවේ?" 

"නෑ බං යාලුවා එක්ක ආවේ. ඌ කෑම ගේන්න ගියා. දැන් එයි." සාකේත අයියා හිනා වෙවී කිව්වා. මං එහෙම දැක්ක ගමන් කට්ටිය එක්ක ෆිට් වෙන්නේ නැති කෙනෙක් නිසා සද්ද නැතුව කට්ටිය කියන ඒවට හිනා වෙවී හිටියා. ඒ එක්කම සාකේත අයියට කෝල් එකක් ආවා.

"මොකා? ආ හරි හරි මං එන්නම්.....උඹ බයික් එක ගාවට පලයන්. යොශේන් කරුණාකරල තමුසේ කලබල වෙන්නැතුව ඉඳපන්." සාකේත අයියා කෝල් එක කට් කරන්නෙවත් නැතුව අපිටත් අත වනාගෙන එතනින් නැගිටලා ගියා. 

"මොකද්ද බං ඒ වුනේ?" මං චිරාත් අයියගෙන් ඇහුවේ එයා එක පාරටම ගිය නිසා. 

"කවුද බං දන්නේ? ඌ ඔහොම තමා. අර මොකාද එකා විය සිදුරෙන් අහස බලනවා වගේ හම්බෙන්නේ. උඩ පැනගෙන දුවනවා ඒ වෙලාවටත්." චිරාත් අයියා යාලුවා යන දිහා බලාගෙන කන ගමන්ම කිව්වා. 

................................................................................. 

"ආහ්....අද නම් මාර මහන්සී" 

අන්තිමටම ශෙඩ්‍යූල් කරලා තිබ්බ අවුරුදු 55ක විතර පිරිමි මනුස්සයෙක්ගේ Colon Cancer Surgery  ** එක ඉවර කරලා මං රිදෙන කොන්දත් අත ගගා තියටර් එකෙන් එලියට බැහැලා වෙලාව බැලුවා. පාන්දර 2ත් පහුවෙලා. ඒක හදිස්සිම එකක් නිසා කරන්න වුනා රෑ මැද්දේ වුනත්. මං හෙමීට හෙමීට වාට්ටුවට ඇවිදගෙන ගිහින් ටේබල් එකෙන් වාඩි වෙලා එහෙම්ම මේසෙට ඔලුව තියාගෙන ඇස් වහගත්තා. අද දවසට මේ කරේ 4 වෙනි සර්ජරි එක. 

DrizzleWhere stories live. Discover now