"ඕවා ගැන කතා කරලා ඇති වැඩක් නෑ බං. මෙන්න මෙහෙ වරෙන් යන්න." මාත් හිස් කෝප්පේ පොඩි කරන ගමන් චිරාත් අයියගේ පස්සෙන් වැටුනා. 

...........................................................................

අපි දෙන්නා වෝඩ් එකට යනකොටත් කොරිඩෝ එකේ පුටු පේලි පිරිලා. එක එක වයස්වල මිනිස්සු, එක එක ලෙඩ වලට, මේ මිනිස්සු මාස තුනක් කිසිම හේතුවක් නැතුව වේදනා විඳලා. ඒ තමා (අ)මුතු ඇටේ විදිය. කමක් නෑ ඉතින් රටට අත්‍යාවශ්‍ය මිනිස්සුන්ට යන්න සිංගප්පූරුවේ ඉස්පිරිතාල තියනවනේ. ඒ ඇති. 

මං ගිහින් මගේ ටේබල් එකේ ඉඳගෙන නර්ස්ට කිව්වා කට්ටිය එවන්න කියලා. 

දවල් 3 විතර වෙනකන් මං එකදිගට ලෙඩ්ඩු බැලුවා. ස්ටාෆ් එක අඩු නිසා අපිටම මේවත් කරන්න වෙලා. නැත්තන් සාමාන්‍යෙන් සර්ජන් කෙනෙක් කියන්නේ තියටර් එකට එන ඔපරේශන්ස් කරන කෙනෙක්. මටත් ටිකක් හොස්පිට්ල් එක පුරුදු වෙන්නත් එක්ක වගේම කට්ටියත් අඩු නිසා මං මේකත් ටිකක් කරන්න සතුටෙන් භාරගත්තා. ලොකූ අවුලක් නෑ ගොඩක් වෙලාවට ලෙඩ්ඩු බලන්නේ ඉන්ටර්න් ඉන්න දෙන්නා තමයි. ඩේට්ස් දෙන ඒවා, එයාලට හැන්ඩ්ල් කරගන්න අමාරු කේසස් එහෙම ආවම අපිට කතා කරනවා. මං වෙලාව බලනකොට 3 පහුවෙලා ටිකක් වෙලා ගිහිල්ලා. වතුර ටිකක් බීලා මං නැගිට්ටා. චිරාත් අයියා වෝඩ් රවුන්ඩ් එකක් යන ගමන්. ජෙරම් අයියා ඩ්‍රෙසින් එකක්. අද වාට්ටුවේ ඇඳන් 40න් 35ක විතර ලෙඩ්ඩු ඉන්නවා. මං එක එක දේවල් හිතන ගමන් ජෙරම් අයියා හිටපු තැනට ගියා. 

"මල්ලි...දැන්ද ඉවර වුනේ?"

"ඔව් අයියේ. දැන් චුට්ටක් වෙලා."

"කෑවද මල්ලි?" 

"නෑ අයියා කාලද?" 

"නෑ බං. යමං එහෙනම්...." ජෙරම් අයියා අරන් ආපු බඩු ටික එකතු කරලා නර්ස් අතට දුන්නා. "සීයේ.....දඟලන්නේ නැතුව ඉන්න හරිද.....මැහුම් කැඩුනොත් එහෙම ආයේ දාන්න වෙයි." ඇඳේ හිටපු  සීයාට එහෙම කියලා ජෙරම් අයියා මාත් එක්ක ඩොක්ටර්ස් රූම් එකට ආවා. වෙලාව 4ට විතර ඇති. පොඩ්ඩ පොඩ්ඩ වහින්නත් පටන් අරන්. අපි එනකොට චිරාත් අයියා මේසෙට ඔලුව තියාගෙන ඉන්නවා. නිදිද මන්දා. 

DrizzleWhere stories live. Discover now