" න.. නම්ජූන් ... ම්.. මගෙ හොබී... "

" යුන්ගි හ්‍යුන්ග් ... හරි සිහියට එන්න... අපි එයාව අරගෙන යමු... "

යුන්ගිගෙ තුරුලෙ හිටපු හොබීව ජින් අත් අතරට ගද්දි නම්ජූන් යුන්ගිවත් වාරු කරගෙන ඉක්මනින් හොස්පිට්ල් එකට පිටත් උනා... නමුත් එක දිගට ඇද හැලෙන දරුනු කුණාටුව නිසා කොච්චර වේගෙන් ගියත් හොස්පිට්ල් එකට ලගා වෙන එක ටිකක් අමාරු උනා...

අවසානයේ පැයභාගයකට විතර පස්සේ පොඩි හොස්පිට්ල් එකකට හොබීව ඇතුලත් කර ගන්න යුන්ගිට පුලුවන් උනා... යුන්ගි හිටියේ තනිකරම හොබීගෙ ලෙයින් තෙත් වෙලා.... යුන්ගිගේ එක අතක හොබීට දාපු රින්ග් එක ගුලි වෙලා තිබුනා....

" යුන්ගි.... ඔයා ඔහොම ඉදලා බෑ... මේ වෙලාවේ හොබීට ඕනේ ඔයාගේ ශක්තිය "

" මගෙ මැනික .... එක පාරටම මගෙ ඇස් ඉස්සරහා අතුරුදන් වෙලා ගියා හ්‍යුන්ග් .... මට හුස්ම ගන්න එකත් අමතක උනා.... එයාට මොනාහරි උනොත්.. "

" ශ්ශ්ශ්.... නෑ යුන්ගි. ... එයාට මොකුත්ම වෙන්නෙ නෑ.. හොබී කියන්නේ ගොඩක් ශක්තිමත් කෙනෙක්... එයා එහෙම ලේසියෙන් එයාගේ යුන්ගිව දාලා යන්නෙ නෑ.. "

" එයාට හොද වෙයි නේද ජින් හ්‍යුන්ග් ... මගෙ මැනික ආයෙම මන් ලගට එයි නේද "

" ඔව්ව් අනිවාරෙන්ම.... අපි බලන් ඉමු.... හොබී ආපහු එනවා... "

යුන්ගි ජින් ගේ පපුවට තුරුලු වෙද්දි නම්ජූන් අවශ්‍ය කරන ලිපි ලේඛන ටික පුරවලා ඇවිත් යුන්ගිගේ එහා පැත්තෙන් වාඩි උනා....

" බය වෙන්න දෙයක් නෑ... හොස්පිට්ල් එකෙන් පිටට කිසිම තොරතුරක් යන්නෙ නෑ.... යුන්ගි හ්‍යුන්ග් ... අපි මේක නිකන්ම අතාරිනවද .... "

" ජුනී.. එයාට ටිකක් ඉන්න දෙන්න.. අපි පස්සෙ කතා කරමු ..."

" ඩි ..ඩි..රෙ..ක්- "

ජින්ට දැනුනා ජින්ගේ ශර්ට් එක තෙත් වෙනවා.. ඒ අතරම යුන්ගි හිමින් හිමින් මුමුනනවා...

" ඩිරෙක්ටර් ??? යුන්ගි හ්‍යුන්ග් .. මට කියන්න.. ඌ සම්බන්ධයිද මේකට... එතකොට ... ඌ ඇත්තටම ..."

" නම්ජූන් ... එයාව හොයාගන්න... මගෙ මැනිකගෙන් මෙච්චරක් කියලා ලේ ගලද්දි ඌ අපිව එතන දාලා ගියා. . ඌ කීවා.. ඌ කීවා උට සමාවෙන්නලු ... හිතලා කලෙ නැහැලු.... මම කෑ ගැහුවා... මැනිකව අරන් යන්න උදව් කරන්න කියලා.... ඒත් -"

යුන්ගිට මැවි මැවි පෙනුනේ එයාගේ අත්දෙකේ හිටපු හොබීව ... යුන්ගිගේ ඇස් කදුලු වලින් බර වෙලා කටහඩ බිදිලා ගියේ හොබීගේ හිනාව මතක් වෙලා...

" මේ මොන විකාරයක්ද මේ.. ජින් හ්‍යුන්ග් මේක මෙහෙම අතඇරලා බෑ... මේ පාර නම් මම මේකට නිකන් ඉන්නෙ නෑ හ්‍යුන්ග් .... මාව නවත්තන්න හදන්න එපා..."

නම්ජූන්ගේ රතු උනු හීනි ඇස් දැක්කම ජින් ට තේරුනා නම්ජූන් ඉන්නෙ හුගක් තරහෙන් කියලා.... ජින් නම්ජූන්ට විරුද්දව කිසිම දෙයක් කීවේ නැත්තේ මේ සෙල්ලම ගොඩක් දුරදිග ගිහින් තිබුනු නිසා....

" හැංගිලා හිටියා ඇති.. මේවා මෙහෙම විසදන්න පුලුවන් දේවල් නෙමේ .. ජුනී... මම එකගයි... එයාට බැ කෙනෙක්ගේ ජීවිතේට මෙහෙම කරන්න ...එයාට කිසිම අයිතියක් නෑ ඒකට.... අනික හැමදාම හැංගිලා ඉන්න බැනේ.. දැන් එලියට එන්න කාලේ හරි.... ඇයි අපි කව්ද කියලා ලෝකෙන් හංගන්නේ. අපි හොයා ගන්න ඕනෙ අපෙ නිදහස ... අපි කතා කරන්න ඔනේ අපි වෙනුවෙන්...හැංගෙන්න තරම් අසාමාන්‍ය මිනිස්සු නෙමෙනේ අපි... අනික තමා... යුන්ගි... මිනිස්සු අපිට ආදරේ කලේ ඇත්තටම නම් ... එයාලා අපි කවුරු උනත් අපේ විදිහ මොකක් උනත් අපිව ඒ විදිහට භාර ගන්නවා.. හැබැයි කෙනෙක් අපිව දාලා යනවා නම් .. ඒ අනිවාරෙන්ම අපිත් එක්ක හදවතින් බැදිලා හිටපු මිනිස්සු නෙමේ... ඒ නිසා ... අපි මුහුන දෙමු .. එකටම මුහුන දෙමු... සදාරනේ වෙනුවෙන්.. අපේ නිදහස වෙනුවෙන් කතා කරමු.... "

ජින් එක අතකින් නම්ජූන්ගේ අත අල්ල ගන්න ගමන් .. අනිත් අතින් යුන්ගිව තව ටිකක් ලගට තුරුලු කරගත්තේ යුන්ගිට ඇති වෙනකන් අඩන්න අවස්තාව දීලා......
.
.
.
.
.
.
. " මෙන්න දැන් ලැබුනු විශේශ පුවතක්... ලෝකප්‍රසිද්ද බීට් බුලට්ස් සංගීත කණ්ඩායමේ අධ්‍යක්ෂක අද උදෑසනදී  අත්ඩංගුවට "

________________________________

හනේ මේක විකාරයක් වගේ නේද දැන්... තව චැප්ටර්ස් දෙකයි මේක ඉවරයි ....

__Vimneth

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now