" උදව් කරන්න.... මට එයාව හොස්පිට්ල් එකට අරගෙන යන්න උදව් කරන්න... "

පැත්තකින් නැවතිලා තිබුනු වාහනය දිහා බලාගෙනම යුන්ගි කෑගැහුවා.... එතකොටම රියදුරු අසුන පැත්තෙන් කෙනෙක් බැහැලා යුන්ගිගේ පැත්තට ඇවිදගෙන ආවා. .

" ඩ් ..ඩිරෙක්ටර් ... "

" සු..සුගා.. මේ මම හිතලා කරපු දෙයක් නෙමේ "

" තමුසෙට ඔනෙ අපිව මරාගන්නද කියනවා.... "

" සු..සුගා මම ආවේ ඔයාලව හොයාගෙන "

" නවත්තගන්නවා විකාර... මගෙ හොබීව හොස්පිට්ල් එකකට අරන් යනවා.... "

යුන්ගි කෑ ගැහුවට ඩිරෙක්ටර් කලේ ඒ දිහා බලාගෙන හිටපු එක විතරයි...

" මොනවද බලාගෙන ඉන්නේ.. මට උදව් කරනවා.. මගෙ මැනිකට අමාරුයි "

" ස්..සමා සමාවෙන්න සුගා "

" එපා යන්න එපා.. නවතිනවා.... මට උදව් කරනවා... "

යුන්ගි කොච්චර හයියෙන් කෑ ගැහුවත් ඒ ගැන තබේකට මායිම් නොකර ඒ ගන අදුරු කැලෑව මැද්දේ හොබීවත් යුන්ගිවත් තනිකරලා ඩිරෙක්ටර් තමන්ට පුලුවන් උපරිම වේගෙන් එතනින් යන්න ගියා...

යුන්ගිට පුලුවන් උනේ අඩන්න විතරයි .. කාර් එකත් කැඩිලා නිසා යුන්ගිට කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ.... යුන්ගි හොබීවත් තමන්ගේ අත් දෙකට අරගෙන කලිසම් සාක්කුවෙ තිබුනු ෆෝන් එක එලියට ගත්තේ නම්ජූන්ට කෝල් එකක් දෙන්න හිතාගෙන...

" ආශ්ශ් මේ මගුල ඕෆ්... අනෙ මගෙ මැනික මම මොකද දැන් කරන්නෙ... අනෙ මම මොකද කරන්නෙ "

යුන්ගි එයාගේ තුරුලේ ඉන්න හොබීව තව ටිකක් තුරුලු කර ගන්න ගමන්.. කෑ ගැහුවේ කරන්න කිසිම දෙයක් හිතා ගන්න බැරි නිසා... ඒ වෙද්දි ලාවට වැටෙමින් තිබුනු හිරිපොද මහ ලොකු වැස්සක් වෙලා තිබුනේ ඒ මොහොත ලොකුම ලොකු දුක්  අදොනාවක් බව පෙන්නන්න වගේ...

එක පාරටම යුන්ගිගෙ ඇස් නිලංකාර වෙලා ගියේ තමාගෙ පැත්තට එන වාහනයක එලියක් නිසා.. යුන්ගි හොබීව අත් නොහැරම උදව් ඉල්ලන්න හද්දද්දිම ඒ වාහනය යුන්ගි ලගින් නැවැත්තුවා.....

" දෙයියනේ මගෙ ලමයා... "

නම්ජූන් වාහනය නතර කරන්නත් කලින් එලියට පැන්න ජින් හොබී ලගට දුවගෙන ගියේ... යුන්ගි කිසිම දෙයක් හිතා ගන්න බැරුව ඔහෙ බලාගෙන ඉද්දි..

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now