" මැනික.. ටයර් එකක් දා ගන්න වෙනවා... ඒත් දැන් ගොඩක් රෑ වෙලා.. අනික මේ පාරේ ලගපාත ගෙදරක් වත් නෑ "
" අපි අද මෙතන ඉමු හ්‍යුන්ග් .... උදේට මොකක් හරි කර ගන්න බලමු "
" ම්ම් තව කිලෝමීටරයක් විතර අපිට යන්න තියෙන්නේ...එතනින් එහාට ප්‍රශ්නයක් නැතුවම අපිට ෆ්රාන්ස් වලට යන්න පුලුවන් ... ඒත් එතනට යා ගන්නයි ඕනේ "
" ෆ්රාන්ස් ??? අනේ.. වාව්... හ්‍යුන්ග් මාව එක්කන් යන්නේ ෆ්රාන්ස් වලටද "
" ආහ්හ් මේ මොඩ යුන්ගිගේ කට.. මට ඕන උනේ මැනිකව ස්ප්රරයිස් කරන්න ... "
" මේ හැමදෙයක්ම මට ස්ප්රරයිස් එකක් තමා හ්‍යුන්ග් ... "
හොබී යුන්ගිගේ සීතල තොල් තමන්ගේ තොල් එක්ක යා කලේ හිතා ගන්න බැරි ආදරේකින්... ඒත් ඒ ආදරනීය මොහොතට බාදා කරමින් යුන්ගිගේ ඕෆ් වෙන්න ඔන්න මෙන්න තිබුනු ෆෝන් එක රින්ග් වෙන ගත්තා
" නම්ජූන්?? "
" බලන්න හ්‍යුන්ග් හදිස්සියක්ද දන්නෙ නෑනේ "
📲
" නම්ජුනා.. ඉක්මනට කියන්න ෆෝන් එකෙ බැටරි ඩෙඩ් "
" ඔහොම්මම ලොකේශන් ශෙයාර් කරන්න හ්‍යුන්ග් ... ලොකු හදිස්සියක්.. "
" ඇයි මොකද උනේ "
" ඉක්මන් කරනවා මින් යුන්ගි ඇවිත් කියන්නම් "
" දේ දේ... "
නම්ජූන්ට ඇත්තටම තරහා ගියා.. ඒක තේරුනු නිසා යුන්ගි මොකුත්ම නොකියා ලොකේශන් ශෙයාර් කරලා හොබීව ආයෙමත් එයාගේ උකුලට ගත්තා.... යුන්ගිගේ හිත කලබලයි... මහ රෑ... ලොකු කැලයක් මැද්දේ... අනික නම්ජූන්... ලොකු දෙයක් වෙනවා... යුන්ගි හොබීව තව ටිකක් පපුවට තුරුලු කර ගත්තා.... යුන්ගිගේ අසාමාන්‍ය පපුවේ රිද්මය හොබීට දැනුනා...
" හ්‍යුන්ග් ... ප්‍රශ්නයක් .. "
" නෑ බබූ... "
" හ්ම්ම්ම්ම්ම් "
හොබී ආයේ කිසිම දෙයක් යුන්ගිගෙන් අහන්න ගියෙ නෑ... ඔය අතරේ හොබී දැක්කා.. පාර මැද සුදුපාට බෝලයක් වගේ...
" හ්‍යුන්ග් අර බලන්නකො "
යුන්ගි හොබී පෙන්නපු දිහාට අවදානය යොමු කලා..
" හා පැටියෙක් නේද හ්‍යුන්ග් ... අනේ මට මගේ චූටිව මතක් උනා"
" එයාව අජුම්මා හොදට බලාගනි හොබී "
" හ්‍යුන්ග් .. අපි එයාව ගමුද.. අනේ අනේ අනේ "
" හොබී.. මේ වැස්සේ දග කරන්න එපා.. පොඩ්ඩක් ඕම ඉන්නකො "
" අනේ බෑ බෑ බෑ.. මට එයාව ඕනේ.. ඕනේ ඕනේමයි... එයා තෙමෙනවත් එක්ක.. "
" හොබී හිතුවක්කාර වෙන්න එපා... "
" ඔයාට බැරි නම් මම යනවා හුම්.. "
හොබී යුන්ගිට හිතන්නවත් කාලයක් නොතියා කාර් එකෙන් බැහැලා .. පාර මැදට දිව්වා... හොබී හා පැටියවත් අතට අරගෙන සීතලේ ගැහි ගැහී යුන්ගි දිහා බලලා හිනා උනා..
" හිතුවක්කාරයා.. කෝ දැන් එන්න ඉතින්.... "
හොබී යුන්ගිටත් දිව දික් කරලා ඉහල අහස දිහා බලාගෙන හිනා උනේ වැස්සට තෙමෙන පොඩි ලමයෙක් වගේ... ඒත් එක පාරටම ලොකු ලයිට් එලියක් එයාලා ඉන්න පැත්තට වැටුනා.....
" හොබී... අයින් වෙන්න......"
යුන්ගිට එච්චරයි කියන්න පුලුවන් උනේ.... ඒ ලොකු ලයිට් එලිය එක්ක .. පාර මැද හිටපු හොබී නොපෙනී ගියා ....
________________________________
මම මේක එක දිගට දීලා ඉවර කරනවා..
මට මේක ලියන්න හිතෙන්නෙ වහිද්දි අනේ.. ඇයි මන්දා 🤣
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
__Vimneth
YOU ARE READING
Rainy days ~ s2 [ sope ] COMPLETED ~
Fanfiction~ රෝස මල .... අපිට යන්න වෙලාව ඇවිත් ~ ( min yoongi ) ~ හ්.. හ්‍යුන්ග් අපි යන්නම ඕනෙද ~ ( Hope ) ** එයා එන්නයි යන්නේ ** Happy rainy days ❤️ ~ Raining days season 2 ~Sope/ff/bl Coverd by - @JINius_MooN 💜
^^ 15 ^^
Start from the beginning
![Rainy days ~ s2 [ sope ] COMPLETED ~](https://img.wattpad.com/cover/290546958-64-k154447.jpg)