" අපි ඉස්සල්ලම එයාලට කෝල් එක්ක දෙමු හ්‍යුන්ග්  කලබල වෙන්න එපා... කලබල උනොත් අපිට කිසිම දෙයක් කරන්න බෑ... දැන් හ්‍යුන්ග් ඇදුමක් දාගන්න... අපි යමු එයාලව හොයන්න... "

නම්ජූන් කතා කරපු විදිහට ඇත්තටම ජින්ගේ ඔලුවෙ තිබුනු කලබලකාරී ගතිය ටිකක් නැති වෙලා ගියා... ජින් ඇදුමක් චේන්ජ් කරන්න ගියපු වෙලාවේ නම්ජූන් ඉක්මනට ශියෑන්ට කෝල් එක්ක අරන් කීවේ කෝකටත් කියලා යුන්ගිගේ වාහනේ හයි කරලා තිබ්බ G.P.S චෙක් කරන්න කියලා ..

" නම්ජූන් අපි ඉක්මනට යමු... "

" හරි අපි යමු "

නම්ජූන් කිසිම කලබලයක් නොපෙන්වා ජින් එක්ක එලියට බැස්සේ පුලුවන් තරම් ඉක්මනට යුන්ගි ලාව හොයා ගන්න අරමුනෙන් ..

_______________________________

හොබී සැපට යුන්ගිගේ උනුහුමේ නිදී... කිලෝමීටර් ගානක් එක දිගට ඩ්‍රයිව් කරපු නිසා යුන්ගිට ඇත්තටම වෙහෙසයි...

" ශියෑන් කීව විදිහටම නම් මේ ලගමයි "

යුන්ගි තමන් එක්කම කතා කරන්න පටන් ගත්තේ එයාට අදික නිදිමතක් දැනුන නිසා... හොබී එක අතකට බර වෙලා හිටපු නිසා.. යුන්ගිට ටිකක් අපහසු උනත්... යුන්ගි කැමති උනේ නෑ හොබීගේ නින්දට කරදර කරන්න...

එක පාරටම ලොකු සද්දයක් එක්ක කාර් එකේ බැලන්ස් එක නැතුව ගියපු නිසා දැනුනු කලබලයට හොබිත් අවදි උනා... හොබී ඉක්මනින් අනික් සීට් එකට පැනලා යුන්ගි දිහා ඇස් දෙකත් ලොකු කරගෙන බලාගෙන හිටියා..

යුන්ගි බොහොම අමාරුවෙන් බ්‍රේක් කරලා කාර් එක අයිනට කරලා නවත්තගත්තා...

" හ්‍යුන්ග් මොකද උනේ .. "

" පැච් එකක් වගේ පැටියෝ . මේ මගුලත් දැන්ම කැඩුනනේ.. "

යුන්ගි හොබීට කාර් එකේ ඉන්න කියලා බැන බැනම කාර් එකෙන් බැහැලා ගියා.. හොබී ඇගමැලි කඩන ගමන්.. සීට් එක උඩට කකුල් දෙකත් අරගෙන පිටිපස්සට බර උනා...ටිකකින් යුන්ගි තෙමීගෙනම කාර් එකට ඇවිත් ඉදගත්තා...

" අයියූ හ්‍යුන්ග් තෙමිලා. කෝ එන්න පිහදාන්න... "

හොබී පිටිපස්සෙ තිබ්බ එයාගේ ටවල් එක බෑග් එකෙන් ඇදලා අරගෙන යුන්ගිගේ ඔලුව පිහදැම්මා...

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now