Chapter 23 (ලව් ඇඩ්වයිස්)

Start from the beginning
                                    

ටික වෙලාවකින් මගේ අස් නතර උනේ එයාගේ තොල් දෙක ගාව. ඇයි දන්නෑ මීට කලින් මට‍ මේවායේ ලස්සන පෙනුනේ නැත්තේ? දන්නෙම නැතුව මගේ ඇඟිල්ලත් එයාගේ තොල් උඩ එහාට මෙහාට යන්න ගත්තා..

❤"ඔප්පා?"

සේයෝන් ගේ කටහඩ ටයි මන් හරි සිහියට ආවේ. මම වට පිට බලනකොට දැක්කේ කැෆටේරියා එකේ කිහිපදෙනෙක් ගේම අස් මේ වෙනකොට අපි ළඟ තියෙන්නේ කියලා. මම ඉක්මනට මගේ තැනින් වාඩි උනා.

❤"හ්ම්ම්.. මන්.. මන් දැන් යන්න ඕනේ"

ගොත ගගහ එහෙම කියපු කෙල්ල ඉක්මනට කොෆී එක අරන් බීගෙන බීගෙන ගියා..

'ඒයි කට පිච්චෙයි' මම කියන්නත් ඉස්සෙල්ල එයා අස් දෙකේ කඳුළු පුරෝගෙන කූල් වතුර හොයාගෙන දුවන්න ගත්තා..

ආශ් මේ කෙල්ල නම්..

🖤"ඒයි.. ඔයාට කූල් හොඳ නෑ.. "

.

.

.

.

Seyeon pov

ඔ ශීට්.. මට‍ මොකක් වෙලාද මන්දා.. ලඟකදී ඉදන් මම ඔප්පා ඉස්සරහ හැසිරෙන්නේ මහා ලැජ්ජා හිතෙන විදිහටනේ.. හැබැයි.. ඇත්තටම මන් කොහොමත් එයා ඉස්සරහ හැසිරුනේ ලැජ්ජා හිතෙන විදිහටනේ..

ඒත්.. මේක කලින් ට වඩා වෙනස්. මේ සේරටම මුල ඔප්පා තමයි. එදා එයා මාව අරම.. කිස්...

ආශ්.. නෑ නෑ.. ඒක අමතක කරලා දාන්න සේයෝන්..

ඒ විකාර ඔලුවෙන් අයින් කරගන්න කියලා මම මගේ කම්මුල් දෙකට ගහගත්තා..

හරි.. මතක් උනා..

මේ වගේ වෙලාවට ඇඩ්වයිස් ගන්න හොදම එක්කෙනා තමයි යොන්ජුන්..

මන් ඉක්මනට යොන්ජුන් ට මැසේජ් එකක් දාන්න කියලා ෆෝන් එක ගන්න සාක්කුවට අත ගෙනිච්චා. ඒත් ෆෝන් එක නෑනේ අපි ගාව. තිබ්බත් ඉතිං යොන්ජුන් ගේ නම්බර් එක නෑ කියලත් මතක් උනේ දැන්..

මම ඉතිං txt ලගේ ෆ්ලෝර් එක පැත්තට ගියා..

"නූනා!?" ග්‍යු ගේ කටහඩ..

❤"ඔහ්.. ග්‍යු.. ඈ.... ඈඈ..."

මම අනිත්පැත්ත හැරිච්ච ගමන් මෙන්න මේකා මගේ ඇගට කැරපොත්තෙක් දැම්මා.

Pink Hearts (Completed)Where stories live. Discover now