Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
යුන්ගි බොහොම සන්සුන්ව තවමත් එයා දිහා බලන් ඉන්න හොබීගෙ අතින් අල්ලගෙන අල්තාරය මතට ගත්තා...
හොබී තව තවත් යුන්ගිගෙ ගැබුරු ඇස් වල ගිලිලා හිටියා.... පූජකවරයාගේ යැදුම්.. චාරිත්‍ර අවසානයේ .. මුදු මාරු කිරීම සිද්ද උනා... ඒ හැමදෙයක්ම සිද්ද වෙනකන් හොබී හිටියේ හීන ලෝකෙක......හොබීට ඒ හැමදෙයක්ම හීනයක් උනා ..
" දැන් සහකරුව සිපගන්න "
පූජකවරයා කියනවත් එක්කම... මෙච්චර වෙලාවක් හීන ලෝකෙක හිටපු හොබී යුන්ගිවත් පුදුම කරලා යුන්ගිව දැඩිව සිපගන්න ගත්තා... හොබී එයාගේ එක දතකින් යුන්ගිගේ තොල් තදින් අල්ලගෙන හිටියා..
"ආව් මැනික මොකො මේ .. හදිස්සිද "
" අහ්.. මෙ.. නෑ... මේ සො . සොරි හ්‍යුන්ග් ... මම හිතුවේ මේක හීනයක් කියලා "
හොබී ඔලුවත් කස කස කියද්දි... පූජකවරයටත් තොල් අගට හිනාවක් ආවේ හොබී ටියුලිප් මලක් තරම්ම රතු පාට වෙද්දි ...
පල්ලියෙ වැඩ කටයුතු අවසාන උනාට පස්සේ... යුන්ගි සූදානම් උනේ හොබීව ත් අරගෙන ඉක්මනින් නෙල්සන් වලින් පිට වෙන්න.. මොකද දැනටමත් එයාලව හොයාගෙන කට්ටියක් එනගමන් නිසා..
" යුන්ගි හ්‍යුන්ග් .... ඊලගට කොහෙටද යන්නෙ "
" නම්ජූන්... මම තැනක් ලෑස්ති කලා.. ඒත් සමාවෙන්න...මට ඔයාලට ඒ ගැන කියන්න බෑ.. මම උත්සහ කරන්නේ හොබීව ආරක්ෂා කරන්න "
" මට තේරෙනවා හ්‍යුන්ග් .... එහෙනම් සුභ ගමන්. "
" හොබී මගෙ දරුවෝ... "
" ජින් හ්‍යුන්ග් ... "
" කවදම හරි මට කතා කරන්න තේරුනාද ? කවදම හරි... කොහෙට ගියත්... ඔයාලා සතුටින් ඉන්න ඔනේ.. යුන්ගි... තේරුනා නේද? මෙතන ඉදන් ඔයාල දෙන්නට තනියෙන් ඔයාලා ගැන බලාගන්න වෙනවා "
" ඔව් හ්‍යුන්ගී.... මට තේරුනා..මම යුන්ගි හ්‍යුන්ග් වත් හොදින් බලාගන්නම් "
අවසාන වතාවට උනුසුම් සිපවැලද ගැනීමකින් යුන්ගි සහ හොබී ජින්ටත්.. නම්ජූන්ටත් සමුදුන්නා....
යුන්ගි එයාගේ රෝසමලත් අරගෙන නෙල්සන් වලින් පිටත් වෙද්දි... එයාලව හොයාගෙන ඒ වෙනකොටත් ඩිරෙක්ටර් ඇතුලු පිරිස නෙල්සන් වලට ඇවිල්ලා හිටියා.. නම්ජූන් සහ ජින් නෙල්සන් වලට සමුදීලා කොරියාවට එන්න පිටත් උනේ කාටවත්ම සැක නොහිතෙන්නයි...
ඩිරෙක්ටර් හොබීලගෙ සහ යුන්ගිගේ පිටිපස්සෙ වැටිලා හිටියේ සල්ලි වලට කෑදරකම් කියන සතෙක් ගානට.... ටීම් එක ඇතුලේ හෝසක්ගේ සහ යුන්ගිගේ හිස්තැන තදින් කැපිලා පේන බව ඩිරෙක්ටර් දැනගෙන හිටියා... ඒ හිස්තැන වෙන කාටවත්ම පුරවන්න බෑ කියලත් ඩිරෙක්ටර් දැනගෙන හිටියා.. හිස්තැනක් ඇතුව ඉස්සරහට ගියොත් තමන්ගේ සාක්කුවට තට්ටු වෙන බවත් ඩිරෙක්ටර් දැනගෙන හිටියා...
යුන්ගි තමන්ගේ ගෙවීම් කරලා හරි විදිහට ඉවත් වෙලා තිබුනත් ඒක එච්චර ලේසියෙන් කරන්න පුලුවන් උන දෙයක් නෙමේ... ඒක එතනින් අවසාන උනෙත් නෑ... තමන්ගේ හීනය හැබෑ කර ගන්න එතනට ඇවිල්ලා හිටපු හැමෝමගෙම අතේ තමන්ගේ ජීවිතේ වගේම... තවත් ජීවිත ගොඩක් රැදිලා තිබුනා... ඊටත් එහා.. යුන්ගි සහ හෝසක්ගේ හිස්තැන කම්පනි එකට ලොකු පාඩුවක් කරලා තිබුනා..
ඒ නිසා ඩිරෙක්ටර් ඕනම විදිහකින් ඒ දෙන්නව ආයේ අරගෙන එන්න සූදානම් වෙලා තිබුනා...
සරලවම... ඔහුගේ අදහස උනේ හෝසක්වත් යුන්ගිවත් ආයෙමත් අරගෙන එන්න බැරි උනොත් .........................................
යුන්ගිගෙත් හොබීගෙත් අතුරුදහන් වීමේ මාතෘකාවට වඩා " මරනය " කියන මාතෘකාව ඔව්න්ට තවත් වාසිසහගත බවයි... ඒ තරමටම ඔහුව මේ ප්‍රශ්නය වෙහෙස කොට තිබුනා.....
ආයෙම පාරක් කිවොත් දෙදෙනාගෙන් එක් අයෙකුගේ හෝ
" මරනය "
_____________________________
__Vimneth
YOU ARE READING
Rainy days ~ s2 [ sope ] COMPLETED ~
Fanfiction~ රෝස මල .... අපිට යන්න වෙලාව ඇවිත් ~ ( min yoongi ) ~ හ්.. හ්‍යුන්ග් අපි යන්නම ඕනෙද ~ ( Hope ) ** එයා එන්නයි යන්නේ ** Happy rainy days ❤️ ~ Raining days season 2 ~Sope/ff/bl Coverd by - @JINius_MooN 💜
^^13^^
Start from the beginning
![Rainy days ~ s2 [ sope ] COMPLETED ~](https://img.wattpad.com/cover/290546958-64-k154447.jpg)