Chapter 22 😣

2.4K 378 172
                                    

At Hospital

සූයා ඉක්මනට hospital එකට ගියේ සනා ඉන්න තත්ත්වය හොදටම දන්න නිසා සූයා ID එක පෙන්නලා මින්ජිගේ ඔපරේෂන් එක කරන්න ගියා සුකී සනාගේ ලගට වෙලා හිටියා යුංගි පැත්තකට වෙලා සනා දිහා බලාගෙන හිටියේ සනා ඇත්තටම මොන වගේ කෙනෙක් ද කියලා තේරුම් ගන්න බැරුව

පැය පහකට විතර පස්සේ ඔපරේෂන් එක ඉවර කරලා සූයා එලියට එනකොට සනා දුවලා ගියේ සූයා ලගට

" ඔපරේෂන් එක Success "

සූයා හිනා වෙලා කියද්දී සනා සූයාව බදාගත්තේ ස්තූති කරන ගමන්

" ස්තූති කන්න ද බන් මට මොනාහරි අරන් ඕනි අද උබ මාව බය කරපු හැටියට ඉතින් අනිවාර්යයෙන් වටින දෙයක් ඕනි "

" ටෙඩියෙක් අරන් දෙන්නම් "

සූයා කට ඇද කරගෙන සනා දිහා බලාගෙන ඉද්දී සනා කියුට් හිනාවක් දාගෙන ඉන්නවා යුංගි තොල් තද කරගෙන හිනාව කාගෙන ඉන්නවා

" උබ හිතුව ද් මං සුකී කියලා අනික ඔය කුප්ප හිනාවට මම රැවටෙන්නේ නැ "

" කවුද කිව්වේ නාකින්ට ටෙඩියෝ අරන් දෙනවා කියලා මම කිව්වේ ඔයාගේ බබා ගැන "

ඔන්න ඒ පාර නම් සූයා ඩිම් වෙලා ගියා යුංගිත් බලාගෙන ඉන්නවා කොහේ ඉන්න බබෙක් ගැන ද කියන්නේ කියලා

" කොහෙද යකෝ මට බබෙක් "

" සූයා ඔන්නි සනියා කියන්නේ ඔයාටයි යුංගි ඔප්පාටයි ඉතින් කවදාහරි බබෙක් ඉදියි නේ ආන් ඒ බබාට තමයි "

සුකී කිව්වා

" අන්න පොඩි එකාට ගොනාට වගේ තේරුනා "

" සනියා තමුසෙට ආපහු මගේ ගෙදර දොරවල් ඇරෙන්නේ නැ "

" මට පාඩු ඇති.... "

" සනා දැන් ගෙදර යන්න ජියා නූනා උබ එනකම් බලාගෙන ඉන්නේ "

සූයා කියද්දී සුකීත් ඔලුව වැනුවා

" ඒත්......'

" මම සූයා එක්ක ඉන්නම් ඔයා ගෙදර යන්න සනා "

යුංගි කිව්වා

" ඒත් ඔප්පා.... "

" ඒත් මේත් නෙවෙයි කෙල්ලේ යනවා ගෙදර දැන් පාන්දර දෙකත් පහුවෙලා "

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now