Chapter 13 😠

2.5K 376 62
                                    

Jk pov 

මම රූම් එකට එනකොට බාත්රූම් එකේ වතුර වැටෙන සද්දෙන් තේරුනේ සනා බාත් රූම් එකේ කියලා මම ඇදුම් චේන්ජ් කරගෙන සනා එනකම් හිටියා

ටිකකින් සනා ටවල් එකත් කොන්ඩේ ඔතාගෙන රූම් එකට ආවේ නිකන් නෙවෙයි සිංදුවක් කියාගෙන ඩාන්ස් කරන ගමන් ඒක දැකලා මටත් හිනා යන්න ආවත් හිනාව කාගෙන සනාගේ පිස්සු වැඩ දිහා බලාගෙන හිටියා මොනා වුනත් මේ කෙල්ලගේ පිස්සු වැඩ වලට හිත ඇදිලා යනවා

මොකාක්........... මේ හෝන්තුවට මගේ හිත ඇදිලා යන්න මීට වඩා ලස්සන කෙල්ලෝ ඕනතරම් මං එක්ක ඉදලා තියෙනවා එහෙම බලද්දී මේ හොල්මන මොකද්ද

ජන්කූක් මේකි මැරි කරේ මොකද කියලා අමතක කරන්න එපා

මම කෙල්ල දිහා බලාගෙන ඉන්නවා කියලා කෙල්ල දැකලා හොල්මනක් දැක්කා වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා

මම කියන දේවල් වලට තරහ ගිහින් කෙල්ල මගේ කොන්ඩෙන් අදින්න පටන් ගත්තා අයිෂ් මේකි නම් යක්ෂනියක් තමයි කොහොම හරි සනාගෙන් මගේ කොන්ඩේ යාන්තම් බේරගත්තා ඊට පස්සේ ඉතින් සනාට නිදාගන්න නම් දුන්නේ නැ කොහොමහරි මටත් නින්ද ගියා

උදේ නැගිටිනකොට මම දැක්කේ සනා ඔලුවේ ඉදලා බෙඩ්ශීට් එකත් පොරවගෙන නිදාගෙන ඉන්නවා මම හිමින් සද්ද නොකර සනා ලගට ගියා කෙල්ල හොදටම නිදි මම බෙඩ්ශීට් එක එහාට කරන්න හදනකොට සනා නින්දෙන්ම මගේ පැත්තට හැරුනා

දිග ඇස් පිහාටු , ලා රෝස පාට කම්බුල් , රෝස පාට තොල් දිහා මම හිටියා සනා ඇත්තටම ලස්සනයි ඒන්ජල් කෙනෙක් වගේ සනාගේ මූනෙන් ඇස් අහකට ගන්න හිතෙන්නේ නැ කවදාවත් නැතුව මගේ හදවත වේගෙන් ගැහෙනවා ඒකත් තමුසේ ලගදී

කොච්චර වෛර කරන්න හැදුවත් තමුසෙගේ පිස්සු වැඩ වලට මගේ හිත ආස කරනවා තමුසේ හැමදාම මගේ ලග තියාගන්න හිතෙනවා ඒත් එහෙම කරන්න බැරි සූහෝ මගේ නංගිට කරපු දේ නිසා

මටත් නොදැනී මගේ ඇගිල්ලක් ගියේ සනාගේ තොල් වලට මම මහපටගිල්ලෙන් සනාගේ තොල් පිරිමදිද්දී කෙල්ල කෙදිරි ගෑවත් ඇහැරුනේ නැ මම නැගිටලා බාත් රූම් එකට ගියේ අද company එකේ  තියෙන මීටින් එකට යන්න ඕන නිසා

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now