" හ්යුන්ග් මේ මොනවද "
" අහ්හ් යුන්ගි කිවෙ නැද්ද මේ කොල්ලට... කො කො යන්න යන්න පස්සෙ කතා කරමු... ගිහින් ලෑස්ති වෙලා එන්න "
" ඒත් මොකටද "
" අහ්හ්හ් කීවම අහලා යන්න ලමයෝ "
ජින් හොබීව කාමරේ ඇතුලට තල්ලු කරලා.. යුන්ගිවයි නම්ජූන්වයි කාමරෙන් එලියට දැම්මා ...
" නම්ජූන් .. ඔය පූස් තඩියවත් ලැස්ති කරගෙන එක්කන් එන්න... "
නම්ජූන් ජින් ට ඇහැක් ගහලා යුන්ගිවත් ඇදගෙන එතනින් ගියේ යුන්ගිගෙත් හොබීගෙත් විවාහයට තව තිබ්බෙ පැයක් විතර චූටි කාලයක් නිසා...
One hour ago ~
" හ්යුන්ග් .... අහ්හ් මම කැතයිද ? "
" හ්යුන්ග් මාව දැක්කම එයාට එපා වෙයිද දන්නෙ නෑ "
" හ්යුන්ග් අනේ මට බයයි "
" හ්යුන්ග් ... මම ලස්සනයිද... මේ කරාබුව කැතට පේනවද .. ඒක ගලවන්නද "
හොබී හිටියේ ගොඩක් කලබල වෙලා... හොබී දිහා ජින් බලාගෙන හිටියේ ලොකු ආදරේකින්... පටන් ගත්ත මුල් කාලේ ඉදන්... මේ දවස වෙනකන් තමන්ගෙම ලමයෙක් වගේ හොබීව බලා ගත්ත හැටි ජින් ට මතක් උනා.... ජින්ට දැනුනේ අම්මෙක්ට ... තාත්තෙක්ට දැනෙන සතුටක්...
හොබී ලස්සනයි.... කියන්න බැරි තරම් ලස්සනයි.... සුදු පාට සූට් එකට හොබීව පෙනුනේ සුරදූතයෙක් වගේ... ඇස් අග තිබුනු රිදී පාට පබලුව... කනට දාලා තිබුනු රිදී පාට කරාබුව... හොබී උවමනාවටත් වඩා ලස්සනට පෙනුනා..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
" ඇයි හ්යුන්ග් අඩන්නේ.. අනේ ඇයි මේ "
කන්නාඩිය දිහා බලාගෙන අඩු පාඩු හොය හොය හිටපු හොබී ජින්ගේ ඇස් වල කදුලු දැක්ක ගමන්.. ජින් ලගට දුවගෙන ආවා ..
" ම්ම්ම් මොකුත් නෑ හොබී "
" අනේ කියන්නකො හ්යුන්ග් මම කැතයිද ... ඒකද ඔයා අඩන්නේ "
" අනේ අනේ මගෙ මෝඩ දරුවො.. හොබී කියාගන්න බැරි තරම් ලස්සනයි... මගෙ චූටි කොල්ලා... මේ තරම් උස්මහත් උනේ කොහොමද කියලයි ජින් හ්යුන්ග් හිතුවේ... මට තාම මතකයි.... ජින් හ්යුන්ග් ජින් හ්යුන්ග් කිය කිය මගෙ අතෙම එල්ලිලා හිටපු හැටි ... ඔයා සතුටින් නේද මගෙ දරුවො... ගොඩක් සතුටින් නේද "
අන්තිම වචන ටික කියද්දි ජින්ට තවත් එයාගේ කදුලු හංගගෙන ඉන්න අමාරු උනා...
" සතුටින් හ්යුන්ග් ... මම ගොඩක් සතුටින්.... දන්නවද මට මේ වෙන දේවල් කොහොමටවත්ම හිතා ගන්න බෑ... යුන්ගි හ්යුන්ග් ට මම ආදරේ කලත් මම කවදාවත් හිතුවේ නැ එයාගේ ආදරේ ආපිට මට ලැබේවි කියලා .. ඒ ආදරේ මට ලැබුනත් මම හිතුවේ නෑ මේ වගේ දවසක් එයි කියලා... ඉතින් මම සතුටින් නෙමෙද හ්යුන්ග් .... මගෙ සතුට.. මගෙ සැනසීම තියෙන්නේ යුන්ගි හ්යුන්ග් ලග හ්යුන්ග් .... ඒක මට අද ලැබෙන්නයි යන්නේ... හ්යුන්ග් ... ඔයාගේ හොබී ගොඩක් සතුටින්. "
හොබී කතා කලේ ලොකු විශ්වාසෙකින්... ඒ විශ්වාසේ ගැන ජින් ගොඩක් සතුටු උනා.. මොන ප්රශ්නේ තිබුනත්... මේ තමා හරිම විදිහ කියලා ජින්ට තේරුනා... ජින් විශ්වාස කලා මේ තීරනය නිසා කිසිම වෙලාවක එයාලට පසුතැවෙන්න වෙන්නෙ නැති වෙයි කියලා ..
" ම්ම්ම් හරි.. කෝ ඔය කදුලු හිමීට පිහදාගන්න හොබී.... මේකප් එක අව්ල් යයි "
ජින් හොබී ගේ කොන්ඩෙ හදන ගමන්... රතුපාට ටියුලිප් මල් පොකුර හොබී අතට දුන්නා
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~ To be continue ~
________________________________
__Vimneth
YOU ARE READING
Rainy days ~ s2 [ sope ] COMPLETED ~
Fanfiction~ රෝස මල .... අපිට යන්න වෙලාව ඇවිත් ~ ( min yoongi ) ~ හ්.. හ්යුන්ග් අපි යන්නම ඕනෙද ~ ( Hope ) ** එයා එන්නයි යන්නේ ** Happy rainy days ❤️ ~ Raining days season 2 ~Sope/ff/bl Coverd by - @JINius_MooN 💜
^^12^^
Start from the beginning
![Rainy days ~ s2 [ sope ] COMPLETED ~](https://img.wattpad.com/cover/290546958-64-k154447.jpg)