මේ වෙලාවේ යුන්ගි හිටියේ.. එයාලගේ ගමනට ඕන කරන බඩු ටික ලෑස්ති කරන ගමන් ...
" රෝස මල..... නැගිටින්න.... අපිට යන්න වෙලාව ඇවිත් "
යුන්ගි කතා කලත්... හොබීගේ කිසිම ප්රතිචාරයක් දැනුනේ නෑ.. වෙනදට හොබීට කතා කරන්න ඔනි එක පාරයි..... යුන්ගිට හොබීගේ චූටි වෙනසත් හොදටම තේරෙනවා... හැමදාම හොබී නිදා ගත්තට පස්සේ හොබීගේ ඒ ලස්සන... හරිම සන්සුන් නින්ද දිහා යුන්ගි ටික වෙලාවක් බලාගෙන ඉන්න අමතක කරන්නෙ නෑ... යුන්ගි ආසම හොබී ලග දැනෙන සැනසීමට .. සන්සුන් බවට.... ඒ සන්සුන් බව .. යුන්ගියේ ජීවිතේ ගොඩක් සුවපහසු කලා..... යුන්ගිට දැනුනේ හොබීව මුහුදක් ලග හමන් හුලගක් වගේ.... සුවද දෙන රෝසමලක් වගේ.... උදේට තනකොල වල ඉහිලා තියෙන පිනිබින්දුවක් වගේ... සීතලම සීතල දවසට කෝපි කෝප්පයක් වගේ.... සරලවම... දිගම දිග නින්දකට... සුවපහසු කොට්ටයක් වගේ........
ඉතින් ඒ සන්සුන් හුස්ම කලබලකාරී උන ගමන්ම... ඒක යුන්ගිට තේරුනා.... යුන්ගි ඉක්මනින් හොබී ගේ එහා පැත්තෙන් ඉදගෙන ඔලුව අතගාන්න පටන් ගත්තේ... නරක හීනයක් උනත්.... එතන යුන්ගි එයාගේ අතින් අල්ලගෙන ඉන්නවා කියලා දැනෙන්න ඕන නිසා.... හොබීගේ ඔලුව අතගාන ගමන්... යුන්ගි එයාගේ සීතල තොල් හොබීගේ මුලු මූන පුරා අරගෙන ගියා.....
" යුන්ගියා..... "
හොබී එක පාරින් ගැස්සිලා... ඇස් දෙකේ කදුලු පුරවගෙන අවදි උනේ... යුන්ගිට තුරුල් වෙන ගමන්...
" ශ්ශ් මගෙ මැනික.... දැන් සේරම හරි... ඒක හීනයක්.... "
" හ්යුන්ග් .... අනේ.. මාව දාලා යන්න එපා... හ්යුන්ග් ..... ඔයා මාව දාලා ගියා... ඇයි මාව දාලා ගියේ.. "
" නෑ මැනික... හ්යුන්ග්ගේ මැනික දාලා හ්යුන්ග් කොහෙ යන්නද? ... මම කොහෙවත් යන්නෙ නෑ... ඒක හීනයක් හොබී.... ඒක හීනයක් විතරයි .. "
යුන්ගිගේ හද ගැස්මේ සද්දයත් එක්ක... හොබී තරමක් දුරට .. යුන්ගිගෙ උනුහුමේ සන්සුන් උනා.. ඒත් හොබීගේ පපුව නම් තාමත් අසීමාන්තිකව ගැහෙනවා... හොබී ඉකිගහනවා... යුන්ගිට දැනුනා.... යුන්ගි ආසම නැත්තේ හොබීගේ කදුලු දකින්න.... යුන්ගි හොබිගෙ මූහුන තමන්ගේ මුහුන ලගට ලන් කරගෙන... හොබී ගේ කදුලු පිරිනු ඇස් උඩින් එයාගේ තොල් තද කලේ.. හොබී ගේ එක කදුලක්වත් බිමට වැටෙන්න නොදී.....
YOU ARE READING
Rainy days ~ s2 [ sope ] COMPLETED ~
Fanfiction~ රෝස මල .... අපිට යන්න වෙලාව ඇවිත් ~ ( min yoongi ) ~ හ්.. හ්යුන්ග් අපි යන්නම ඕනෙද ~ ( Hope ) ** එයා එන්නයි යන්නේ ** Happy rainy days ❤️ ~ Raining days season 2 ~Sope/ff/bl Coverd by - @JINius_MooN 💜
^^11^^
Start from the beginning
![Rainy days ~ s2 [ sope ] COMPLETED ~](https://img.wattpad.com/cover/290546958-64-k154447.jpg)