04 වන දිගහැරුම

82 13 32
                                    

හරිත පැහැයෙන් දිලිසෙන දුම්රිය මාර්ග එක්ක සොන්ග්හ්‍යොන් එක්ස්ප්‍රස් දුම්රිය හිමින් හිමින් ඇදීගෙන ගියේ සොන්ග්හ්‍යොන් මායා පාසල වෙත යන්න තියෙන ඉවැන්ජලින්ගේ වුවමනාව තවදුරටත් වැඩිකරමින්. අන්තිමේ දී සොන්ග්හ්‍යොන් එක්ප්‍රස් එක තමන්ගේ ගමනාන්තය වෙත ලගාවුණේ ඉන්සෝගේ සහ ඉවැන්ජලින්ගේ කතා බහ මොහොතකට නවත්තන ගමන්. "ඔන්න අපි එහෙට ඇවිත් ඉන්නේ ඒවි (evy)" ඉන්සෝ එහෙම කිව්වේ එයාගේ ආසනයෙන් නැගිටින ගමන්. මේ වෙනකොට ඒ දෙන්නා කොයිතරම් යාලුවෝ වෙලා හිටියා ද කියනවා නම් දැන් ඉන්සෝ ඉවැන්ජලින්ට කතා කලේ ඒවි (evy) කියලා. "අපේ බෑග්..? ඒවා ගන්නේ කොහොමද? සරන්ග්හේ" ඉවැන්ජලින්ගේ තොල් අතරින් 'සරන්ග්හේ' ආපහු පිටවුණේ මේක නම් වදයක්වෙනවා කියලා එයාට අගවන ගමන්. "හ්ම්ම්.. ඒ ගැන බයවෙන්න එපා. හැමදේම ඔයාගේ කාමරේ ඇතුලේ තියෙයි, දැන් එන්නකෝ මා එක්ක" ඉන්සෝ එහෙම කිව්වාම ඉවැන්ජලින් එයා කියපු දේ පිලිගත්තා. "අන්න ඉන්නවා සොන්ග් ජේරිම් ස්සෙම්. මම හිතන්නේ ඔයාව අද බාර එයාට. මොකද ඔයා කිව්වානේ එයා තමයි ඔයාව මෙහෙට එක්කගෙන ආවේ කියලා" ඉවැන්ජලින්ට ඉන්සෝ සොන්ග් ජේරිම් ගුරුතුමාව පෙන්නද්දී ඉවැන්ජලිනුත් ඒ දිහා බැලුවා. ඒ වෙනකොටත් සොන්ග් ගුරුතුමා ඉවැන්ජලින් වෙනුවෙන් අත වනන ගමන් හිටියේ. ඉතිං ඉන්සොත් එක්ක ඉවැන්ජලින් ඉක්මනටම සොන්ග් ගුරුතුමා ගාවට ගියේ තමන්ගේ දිග හන්බොක් සාය අතින් අල්ලගෙන. "කොහොමද ඉතිං ගමන මිස් තෝමස්? ආ... ඔයා මේ යාලුවෙක්වත් හොයාගෙන තියෙන්නේ. මිස් හන්, මම හිතනවා ඔයා මිස් තෝමස්ට හොද යාලුවෙක් වෙයි කියලා. අනික ඔයා දැනටමත් දන්නවා ඇති කියලා මම හිතනවා මිස් තෝමස් ඇයි මෙහෙට ආවේ කියලා" සොන්ග් ගුරුතුමා එහෙම අහද්දී ඉවැන්ජලින් කතා නොකර ඉන්න පරිස්සම්වුණේ ආයේත් සරන්ග්හේ කියලා කියවෙයි කියන බයට. කෝච්චියේදී ජොන්ග්කුක් සොන්බේ කියපු දේ.. ඒ කියන්නේ අඩුවෙන් කතා කරන්න කියපු එක එයාට දැනුයි තේරුණේ. තව කාට කාට සරන්ග්හේ කියන්න වෙයි ද කියලා කවුද දන්නේ?

"නේ සොන්ග් ස්සෙම්.. අපි ගොඩක් කතා කලා. එවි ගොඩක් හොදයි. එයාගේ කොරියන් ඒ තරම් හොද නැතිවුණත් වචන එකතුකරලා අපිට පුලුවන්වුණා කතා කරන්න" ඉන්සෝ ගොඩක් හිතවත් විදිහට ඉවැන්ජලින් දිහා බලන ගමන් කතා කලා. "ඒක හොදයි... මම ඉල්ලීමක් කරන්නම් ඔයාගේ නිදන කාමරයටම මිස් තෝමස්වත් දාන්න කියලා. එහෙනම් මිස් තෝමස් ඔයාට බයවෙන්න දෙයක් නැහැ. මිස් හන් එක්කම කෑම ගන්න කාමරයට යන්න. අද පලවෙනි දවස නිසා අපේ නීතීරීති වගේම, චාරිත්‍ර වැඩියි. ඔයාට පුලුවන් ඒ දේවල් ඔක්කොම බලන්න. මිස් හන්, මිස් තෝමස්ට හැමදේම පැහැදිලි කරලා දෙන්න මම ඔයාට භාරදෙනවා. මොකද මට දැන් වැදගත් වැඩක් තියෙනවා. පලවෙනි වසරේ ලමයිව බලාගන්න එක තමයි අද අපේ මූලිකම වැඩේ ඒක ඔයා දන්නවානේ. ඉතිං.. ඒ නිසා මිස් තෝමස්ගේ වගකීම මම ඔයාට භාර දෙන්නේ. තව දෙයක් තමයි මිස් තෝමස්, අද පලවෙනි වසරේ ලමයිගේ නිවාස තේරිම ඉවරවුණ ගමන්ම ඔයාගේ නිවාසය තේරීමත් කරනවා. ඒ නිසා ඒකට ලෑස්තිවෙන්න" එහෙම කියලා සොන්ග් ජේරිම් ස්සෙම් එතනින් ඉක්මනටම යන්න ගියේ පලවෙනි වසරේ කෝච්චි පෙට්ටි දිහාට.

Dostali jste se na konec publikovaných kapitol.

⏰ Poslední aktualizace: Feb 19, 2022 ⏰

Přidej si tento příběh do své knihovny, abys byl/a informován/a o nových kapitolách!

𝐒𝐞𝐨𝐧𝐠𝐡𝐲𝐞𝐨𝐧: sᶜʰᵒᵒˡ ᴏᶠ ᴡⁱᶻᵃʳᵈ ᴀⁿᵈ ᴡⁱᵗᶜʰᶜʳᵃᶠᵗ Kde žijí příběhy. Začni objevovat